lakbima.lk

අද අප ඔබට ඉදිරිපත් කරනු ලබන්නේ මේඩ් අප් ක්‍රමයට සැකසූ ලිනන් ඔසරියකි. මුලින්ම ලිනන් රෙද්ද ගෙන හොඳින් සෝදා ඉතා හොඳින් ඉස්ත්‍රික්කයක ආධාරයෙන් මැදගත යුතුය. පසුව මෝස්තරය ඔබට හැකියාව ඇත්නම් පැන්සලක ආධාරයෙන් හෝ අපි ලබා දී ඇති රූපසටහන ෆොටෝ කොපි ආධාරයෙන් ගෙන රෙද්ද මත තබා ඇඳ ගන්න. කොටුව, වෘත්තය හා ත්‍රිකෝණය තුළ ඔබ කැමති ආකාරයෙන් මෝස්තර ඇඳ ගන්න. ලිනන් විනිවිද නොපෙනෙන රෙදි වර්ගයක් බැවින් මෙසේ කරනු ලැබේ.

ක්‍රීම්සන් රෙඩ්, ලෙමන් යෙලෝ හා නිල් පැහැය අප මෙයට යොදා ඇති අතර ඔබට ගැළපෙන වර්ණ මේ සඳහා යොදා ගන්න.

මුලින්ම ඇඳගත් රූප මත ඔබ සුදු වර්ණය ආ‍ලේප කරන්න. නැත්නම් ඔබේ වර්ණයන් කළු වර්ණ මත නොපෙනී යනු ඇත. සුදු වර්ණයෙන් ගන්වා හොඳින් වේලා ගන්න. පසුව ඔබට ඉහත පාඩම් වලදී ඉගැන්වූ ෂේඩඩ් ක්‍රමය භාවිතා කරමින් සුදු වර්ණ ගැන්වූ මෝස්තරය මත ක්‍රිම්සන් රෙඩ්, ලෙමන් යෙලෝ, නිල් යන පාට ගැළපෙන සේ එක් එක් කොටස් ඉතා වර්ණවත්ව වර්ණ ගන්වා ගන්න. මෙයට නො. 3 පින්සල භාවිතා කළ හැකි අතර අවුට් ලයින් එක ඇඳීමට නො. 01 පින්සල යොදා ගන්න.

ඔබ ඔසරි පල්ලුව රූපයේ පෙනෙන සේ විසිරී යන ලෙසට ඔසරි ‍පොට ක්‍රමානුකූලව කෙළවරවරට ද යොදමින් ඔසරිය හැඩ කරගන්න. තවත් ඔබට ඔසරියට වටිනා කමක් දීමට අවශ්‍ය නම් ග්ලිටර් භාවිතා කොට රූපය අවට විවිධ ඉරි හැඩතල අඳින්න. ගෝල්ඩ්, සිල්වර් යන ග්ලිටර් වර්ණ දෙකම කළු වර්ණය හා සැසඳේ. තවද සීකුවින්ස්, පබළු, බිරළු, රේන්ද අල්ලා ඉතාමත් වටිනා සාරියක් ඔබට සාදා ගෙන රාත්‍රී සාදයකට සහභාගි විය හැක.

උපදෙස් සහ ඡායාරූපය ප්‍රවීණ අත්කම් උපදේශිකා මෙත්මා තේනුවර

Page 1 of 20

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.