lakbima.lk


සෑම කාන්තාවක්ම බොහෝ අවස්ථාවලදී ලෙහෙසියටත් පහසුව සඳහාත් නිර්මාණය කරගන්නා ඇඟලුම් අතරට අයත් වන ප්‍රධාන ඇඳුම් නිර්මාණයක් වන්නේ සාය වර්ගයි. එවැනි සාය විලාසිතා කිහිපයක් අද ඉදිරිපත් කරමු. උත්සව අවස්ථා, සාමාන්‍ය ගමන් මෙන්ම ගෘහණියන් සඳහාත් සකසා ගත හැකි මෙවැනි නිර්මාණ යොදා ගන්නා අවස්ථාව අනුව මෝස්තරද යොදාගත හැකිය. එමෙන්ම යොදාගන්නා රෙදි වර්ග අනුවද මෙය වර්ගීකරණයට ලක්කළ හැක. මෙවැනි බොහෝ දෙනෙකු අතර ප්‍රචලිත වූ ඇඳුම් සඳහා නිර්මාණ රටාවන් යොදාගැනීමේදී එය මසා නිමකරනු ලබන අයගේ දක්ෂතාවය මත කෙතරම් දුරට සාර්ථක නිර්මාණයක්ද යන වග තීරණය කළ හැකිවේ.
තවද තමන් සතුව ඇති රෙදි ප්‍රමාණය අනුවද මෝස්තර නිර්මාණ සකස් කර ගැනීමේ හැකියාව ඇත. මෝස්තර ලෝකයේ නවමානයන් කරා පියමනින මෙවන් යුගයක ඔබ මැහුම් කලාවේ නිපුණයෙකු නම් ඔබට සිතැඟි පරිදි නිර්මාණ සකස්කර ගත හැක. ඔබ දකින මෙම නිර්මාණ අතරේ පැරණි මෝස්තර නවීකරණය වී නැවත මෝස්තර ලෝකයට එක් වී ඇති අයුරුද දැකිය හැකිවේ. බොහෝ විට සිදුවන්නේ කලකට ඉහත තිබූ නිර්මාණ තුළට නව නිර්මාණාත්මක කොටසක් එක්කර නැවත මෝස්තර ලෝකයට එක් කිරීමයි.

Page 1 of 16

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.