lakbima.lk

කාර්යාලයට අඳින්නට සුදුසු සාරි හැට්ට විලාසිතා

 

සාමාන්‍ය ගමන් සඳහා සුදුසු සාරි හැට්ට විලාසිතා කීපයක් ඔබට ඉදිරිපත් කිරීම සුදුසු යයි අදහස් කළෙමි. බොහෝ විට කාර්යාල ගමන් සහ අනෙකුත් සාමාන්‍ය ගමන් මෙන්ම ඔබගේ දුව පුතා පාසැලට රැගෙන යන අවස්ථාවන් වලදී හැඩගැන්විය හැකි සරල විලාසිතා කීපයක් මේ. එකිනෙකට වෙනස් අයුරින් සියුම් නිර්මාණයන් එක් කර ඒ සඳහා වෙන්වූ සාරි හැට්ටයට අදාල රෙදි කොටස යොදාගෙන මේ නිර්මාණ කළ හැකිය. හැට්ටය සඳහා ඔබ සාරියෙන් වෙන්කර ගන්නා රෙදි කොටසින් නිර්මාණ සිදුකිරීම අසීරු වන අවස්ථා යෙදේ. එවිට එහි ඇති බෝඩර් නිර්මාණයට හානිදායක නොවන අයුරින් සමබරව යොදා ගන්නේ කෙසේද යන්න ඉදිරිපත් කර ඇති විලාසිතා තුළින් ඔබට අවබෝධ කර ගත  හැකියැයි සිතමු.

කාර්යාල ගමන් සඳහා ඔබ සාරි හැට්ටයක් මසා ගන්නේ නම් ඒ සඳහා කපු මිශ්‍ර රෙදි වර්ග යොදාගැනීම වඩාත් සුදුසුවේ. දවසේ පැය ගණනක් එකම ඇඳුමින් සැරසී සිටීමට සිදුවන බැවින් එහි සුවපහසු  බව පිළිබඳ සැළකිලිමත් විය යුතුය. තවද ඒ සඳහා සුදුසු වන වර්ණ භාවිතාවද නිසි අයුරින් කළ යුතුවේ. කැපී පෙනෙන දීප්තිමත් වර්ණ භාවිතාවෙන් වැළකී දීප්තියෙන් අඩු වර්ණ මේ සඳහා යොදා ගත හැකිය.

හොරණ වගීෂා ස්කූල්  ඔෆ් ඩේ‍රස්  මේකින් හි ප්‍රවීණ මැහුම් හා මෝස්තර නිර්මාණ ශිල්පිනී වගීෂා අබේසිංහ ඉදිරිපත් කරයි

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.