lakbima.lk

උත්සවයකට සුදුසු තනි පාට සාරි සහ හැට්ට විලාසිතා

මංගල උත්සව අවස්ථාවන් සඳහා ඔබ ඇරයුම් ලැබූ මොහොතකදි බොහෝ විට පැන නගින ගැටලුව වන්නේ අත ඇති මුදලින් ප්‍රමාණවත් පරිදි සුදුසු සාරියක් සහ හැට්ට මෝස්තරයක් නිමකරගන්නේ කෙසේද යන්නයි. මෙවැනි අවස්ථාවලදී ඉතාම අඩු මුදලකින් බොහෝ අලංකාර අන්දමට නිර්මාණයක් සකසා ගත හැකි නම් කෙතරම් වටිනවාද? මේ සඳහා ඔබට වෙළඳපළේ ඇති ඉතා අඩු මුදලට ලබාගත හැකි ෂිෆෝන්, ජෝජට්, ‍ලේසර් වැනි සාරියක් තෝරාගත හැක. එය තනි වර්ණයකින් හෝ වර්ණ යුගලයකින් සංකලනය වී ඇති එකක් වීම සෑහේ. නමුත් ඒ සඳහා ඔබට සාරි හැට්ටය නිර්මාණාත්මක ලෙස සකසා ගත හැක. එය ඔබගේ නිර්මාණශීලී අදහස් අනුව සාම්ප්‍රදායික සාරි හැට්ට මෝස්තර තුළින් මඳක් ඔබ්බට ගොස් නවීන පන්නයේ රටාවන් ඊට එක් කිරීමට පුළුවන. එතුළින් ඔබ තෝරාගත් සාරියට වටිනා පෙනුමක් ලැබේ. ඉදිරිපත් කර ඇති ඡායාරූප දෙස බැලීමේදී ඔබට එය වටහා ගත හැක. තවද සාරිය හැඩගැන්වීමේදී විවිධ නිර්මාණාත්මක ක්‍රම අනුගමනය කරමින් හැඩගැන්වීම තුළින් සාරියට සහ හැට්ට මෝස්තරය යන දෙකටම සාධාරණයක් එක් කළ හැකිවේ.

හොරණ වගීෂා ස්කූල්  ඔෆ් ඩේ‍රස්  මේකින් හි ප්‍රවීණ මැහුම් හා මෝස්තර නිර්මාණ ශිල්පිනී වගීෂා අබේසිංහ ඉදිරිපත් කරයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.