lakbima.lk

ඕනෑම වයස් මට්ටමක පසුවන කාන්තාවන්ට සුදුසු සාරි හැට්ට විලාසිතා

පසුගිය සතියේදී ඉතා නවීන පන්නයේ සාරි හැට්ට මෝස්තර නිර්මාණ ඔබට ඉදිරිපත් කලා මතක ඇති. මෙවර ඉදිරිපත් කර ඇති සාරි හැට්ට ඕනෑම වයස් කාණ්ඩයක පසුවන කාන්තාවක් සඳහා නිර්මාණය කර ගත හැක. යම්කිසි අවස්ථාවක් සඳහා සාරි හැට්ටයක් නිර්මාණය කරන විට අවශ්‍යතාවය අනුව එය සිදුකළ යුතුය. එනම් උත්සවයේ ආකාරය සහ එහි ස්වභාවය අනුව නිර්මාණයේ සැකැසුම තීරණය කළ යුතුය. ඉදිරිපත් කර ඇති සාරි හැට්ට අතර සාමාන්‍ය රෙදි වර්ග මෙන්ම ඉතා වටිනා රෙදි වර්ගද යොදා නිමකර ඇති සාරි හැට්ට වර්ග ඔබට දැකිය හැකිය. එහෙත් සාමාන්‍ය රෙදි වර්ග යොදා ගනිමින් වුවද ඉතා අනර්ඝ නිර්මාණ විවිධ මැහුම් ක්‍රම යොදා ගනිමින් සකසා ගත හැක. ඒ සදහා ඔබ මැහුම් කලාවේ නිපුනත්වයක් ලබා සිටිය යුතුය. අනෙකුත් ඇඳුම් වර්ග මෙන් නොව මෙවැනි සාරි හැට්ට නිර්මාණයේදී සිරුරේ ප්‍රමාණයටම සරිලන පරිදි සකසා ගත යුතුය. නැතහොත් කෙතරම් අගනා සාරියකින් හැඩ වුවද එහි පිළිවෙලක් දැකිය නොහැකිය. වර්තමානයේදී ඕනෑම සාරියක් සඳහා රන්වන් හෝ රිදී වර්ණයෙන් යුතු සාරි හැට්ට මසා ගන්නා ප්‍රවනතාවයක්ද දැකිය හැකිය. ඊට හේතුව වී ඇත්තේ එක් සාරියක් නොව කීපයක් සමග ගලපා ගත හැකි නිසාවෙනි.
කෙසේ වෙතත් නිර්මාණයට විවිධ රටාවන් එක් කර ගැනීම තුළින් වටිනාකමින් අඩු සාරියකින් වුව වැඩි වටිනාකමක් දිස්විය හැක.

හොරණ වගීෂා ස්කූල් ඔෆ්  ඩේ‍රස් මේකින් හි ප්‍රවීණ මැහුම්  හා මෝස්තර නිර්මාණ ශිල්පිනී
වගීෂා අබේසිංහ ඉදිරිපත් කරයි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.