lakbima.lk

සුන්දරට හැඩවුුනු උඩරට මනාලියක්

ආමන්ඩ් පැහැති කට්වර්ක් මේඩ් අප් ඔසරියකින් මේ මනාලිය සැරසී සිටින්නේ. ඇගේ සමේ පැහැය, ශරීර හැඩය යන මේ සියල්ල හොඳින් කැපී පෙනෙන ලෙස මෙම ඇඳුම නිර්මාණය වී තිබෙනවා.

ආභරණවලත් තිබෙන්නේ නැවුම් අලුත් බවක්. උඩරට මනාලියක පළඳින මාල හත නවතම විලාසිතාවකට අනුව කුඩා ක්‍රිස්ටල් රාශියක් අල්ලා නිර්මාණය කර තිබෙනවා.

මල් කලඹ සහ හිස පළඳනාව නිර්මාණය කර තිබෙන්නේ ඒරම් ලිලී හා කහ පැහැති කුඩා මල්වලිනුයි.

නිරූපණය - දිල්කි

හැඩගැන්වීම - මාවරමණ්ඩියේ සහ දෙල්ගොඩ සෙරන්ඩිබ් සැලෝන් හි ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පී මංගල පතිරාජ

ආභරණ සැපයීම - එලිගන්ට් ජුවලර්ස්, නුගේගොඩ

ඡායාරූප - උදිත දිනුජය, වෙස්ටර්න් ස්ටුඩියෝ

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.