lakbima.lk

කුඩා කොලරයක් යෙදූ සාරි හැට්ටයක්


පපුව 36 ඉන 32 ප්‍රමාණයට මෙය සකස් කර තිබෙන්නේ. අංශයෙන් 1/4 පමණ අඩු, වැඩි කරගෙන අවශ්‍ය නම් වෙනස් කරගන්න පුළුවන්.  මුලින්ම මේ කොටස් ටික වෙන වෙනම රේඛාවල වෙනස්කම් හඳුනාගෙන කොපි කරගෙන නියමිත මැහුම් වාසි තබා කපා ගන්න.

ඉදිරි පලුව
අංශයට 1 1/4, වටේටම 1/2 බැගින් මැහුම් වාසි තබා කපා ගන්න.

පිටුපස පලුව
මැද නැම්මට තබා අංශය 1 1/4 වටේට මැහුම් වාසි 1/2 තබා කපන්න.

අත් දෙක
අංශයට  1 1/4 වටේට 1/2 බැගින් මැහුම් වාසි තබා ගන්න.

යෝක් කොටස
අංශයට 1 1/4 වාටියට අවශ්‍ය පමණද, ඉහළට සහ ඉදිරි පසට 1/2 ද තබා ගන්න. (රෙදි කොටස් 2, ලයිනින් කොටස් 4, ස්ටිප් කොටස් 2)

කොලර් එක
තිබෙන ප්‍රමාණයටම නැම්මට තබා ස්ටිප් කොටසක්ද, ඒ ස්ටිප් එකේ ප්‍රමාණයට වඩා වටේටම අඟල් 1/2 බැගින් ඉඩ තබා රෙදි කොටස් 2 ක්ද කපා ගන්න. කුඩා ඩොට් මගින් පෙන්නා දී ඇති පරිදි කරට ෆේසින් කපා ගන්න.

දැන් අපි හැට්ටය මහමු
පසු කර ෆේසිම තබා මසා ගන්න. ඉදිරි පලුවේ ඩාට් මසා ගන්න. රෙදි කොටස් 1, ලයිනින් 1, ස්ටිප් 1, ලයිනින් 1 පිළිවෙලට තබා සකසාගත් යෝක් කොටස් අල්ලා ගන්න. උරහිස මූට්ටු කරන්න.

කොලර් එක සකසා ගැනීම
කපාගත් ස්ටිප් කොටස වටේට ඉඩ තබා එක් රෙදි කොටසකට අලවා ගන්න. එසේ අලවා ගන්නේ දෙක එකට තබා අයින් කිරීමෙනි. පහළ වාසිය උඩට හරවා මැහුම් ගසා ගන්න. අනෙක් රෙදි කොටසට එය තබා ගන්න. ස්ටිප් එක අයින දිගේ වටේට මසා හරවා ගන්න. (කුඩා රූප සටහන බලන්න ඒ සිට ඕ දක්වා ඇතුලට නවා මසා ගන්න. ඒ පිටුපස කරට හසුවන කොටසයි. ඉතිරි කොටස් ඉදිරි කරට අල්ලා ගන්න. ෆේසිම අල්ලා ඇතුලට හරවා මසා ගන්න).
අත් දෙක නිවැරැදිව රේඛා දිගේ අල්ලා ගන්න. රේඛා මත රේඛා තබමින් අංශ මූට්ටු කර ගන්න.
ඉදිරි පලුවේ දකුණු පස ඉදිරියට පිටතින් පටියක් අල්ලා ඇතුළට හරවා හක් පටියද, වම් පස පලුවේ ඇතුළතින් පටිය අල්ලා පිටතට හරවා ලූප් පටියද මසා ගන්න. වාටිය කර අතේ මසා ගන්න. නැත්නම් පින්තූරයේ ඇති පරිදි බෝඩර් පටි අල්ලාගත හැක. හක් අල්ලා ඇඳ බලන්න.

ඉදිරිපත් කිරීම බණ්ඩාරගම
එම්.එස්.පී. මැහුම් පාස‍ලේ උපදේශිකා, ප්‍රවීණ මැහුම් ශිල්පිනී
මැහුම් ඩිප්ලෝමාධාරිනි මානෙල් ප්‍රේමතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.