lakbima.lk

ඕනෑම අවස්ථාවකට ගැළපෙන ටයිට් සාය විලාසිතා


ටයිට් සාය විලාසිතා අතරට එක් කළ හැකි මෝස්තර රටා ඇතුළත් විවිධ අවස්ථාවන් සඳහා උචිත නිර්මාණ කීපයක් මෙවර ඔබට ඉදිරිපත් කර ඇත.
මෙම නිර්මාණ යොදා ගන්නා රෙදි වර්ගය අනුව සාමාන්‍ය ගමන්, කාර්යාලයීය ගමන්, විනෝද ගමන් මෙන්ම උත්සව අවස්ථාවන් සඳහාද ටයිට් සාය එක්කර ගත හැකිය. කාර්යාලයීය ගමන් සඳහා ඊට සුදුසු රෙදි වර්ගයක් යෙදීම තුළින් (දිලිසීමකින් තොර චාම් වර්ණ මේ සඳහා යෙදීම තුළින්)
අඳිනු ලබන්නාගේ පෞරුෂය ඔප්නැංවෙන ආකාරයෙන් ඇඳුම් මනාව නිර්මාණය කර ගත හැක. උත්සව අවස්ථාවන් සඳහා නිර්මාණ කටයුතු සිදුකිරීමේදී අපට කැමැති ආකාරයට වෙනස්කම්වලට භාජනය කරමින් කැමැති පරිදි ‍ලේස් වර්ග මිශ්‍ර කර නැතහොත් විවිධ ක්‍රිස්ටල් ගල් වර්ග එක් කිරීම තුළින් ටයිට් සාය අලංකාර කර ගත හැක. එසේම මෙවැනි නිර්මාණ කටයුතු සඳහා යොදාගත හැකි ඉතා වටිනා ‍ලේස් වර්ග වෙළෙඳපළේ දක්නට ඇතත් ඒ අතර ඇති ඉතා අඩු වටිනාකමකින් යුතු රෙදි වර්ගයක් යෙදීමෙන් වුවද වටිනා නිර්මාණයක් බිහිකිරීමට දක්ෂ නිර්මාණ ශිල්පියකුට හැකිය.

හොරණ වගීෂා ස්කූල් ඔෆ් ඩේ‍රස් මේකින් හි ප්‍රවීණ මැහුම් හා මෝස්තර නිර්මාණ ශිල්පිනී වගීෂා අබේසිංහ
ඉදිරිපත් කරයි

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.