lakbima.lk

කාස්ට් ඔන් රෝසමලින් හැඩ කළ කුෂන් කවරයක්

කාස්ට් ඔන් යනු බ්‍රසීලියන් එම්බ්‍රොයිඩර් ක්‍රමයකි. මෙයින් මල් මසා ගත්විට ඉතා අලංකාරය

18*18 ප්‍රමාණයේ අමුරෙදි කැබලි 2ක්
දුඹුරු පාට, මඩ කහපාට රන්වන්පාට කපු කැරලි නූල් හා ඔලිව් කොළ පාට කපු කැරලි නූල් හෝ ච්ර්ඛි නූල්
අයිඩා රෙදි හෝ ලිනන් රෙදි මේ සඳහා ගැළපෙන අතර තමා කැමැති වර්ණ නූල්ද භාවිත කළ හැකිය
ඩානින් ඉදිකටු
නිර්මාණය කරන ආකාරය
මුලින්ම අමුරෙද්දෙහි 16*16 ප්‍රමාණයෙන් කොටුවක් ඇඳ ගන්න. අනතුරුව පිහාටු මැස්මෙන් කොටුවක් මසා ගන්න. පසුව 16*16 ප්‍රමාණයේ කොටුව මැද පිහිටා ඇති හැඩැති කොටුව 12*12 ප්‍රමාණයෙන් ඇඳ ගන්න.
ඒ මැදට වෙන ලෙස කාස්ට් ඔන් මැස්මන් රෝස මල් තුනක් මසා ගන්න. කාස්ට් ඔන් මැහුම භාවිත ආකාර දෙයාකාරයකි. නමුත් මෙම නිර්මාණය සිදුකරනු ලබන්නේ 2 වන මැද පිහිටා ඇති හැඩැති කොටුව 12*12 ප්‍රමාණයෙන් ඇඳ ගන්න.
ඒ මැදට වෙන ලෙස කාස්ට් ඔන් මැස්සෙන් රෝස මල් තුනක් මසා ගන්න. කාස්ට් ඔන් මැහුම භාවිත ආකාර දෙයාකාරයකි. නමුත් මෙම නිර්මාණය සිදු කරනු ලබන්නේ 2වන ක්‍රමයටයි. අවශ්‍ය නම් පළමු ආකාරයටද සිදු කර ගත හැකිය.

කාස්ට් ඔන් මැහුම් ක්‍රමය සිදුකරගනු ලබන ආකාරය
1. ක්‍රමය
 මෙම මැහුම් බ්‍රසීලියන් එම්බ්‍රොයිඩර් ක්‍රමයේදී බහුලව භාවිත වන මැහුමකි. ඉදිකටුවේ මහත අනුව මැහුමේ මහත  තීරණය වේ. ඡායාරූපයේ ඇති කාස්ට් ඔන් මැහුම් පහළොව බැගින් මසා ඇති නමුත් මැහුමේ දිග වෙනස්ව මසා ඇත. එනම් පළමු මැහුමේ පරතරය අඟල් 1/2ක්ද දෙවන මැහුම අඟල් 1/4ක්ද, තුන්වන මැහුම අඟල් 1/8 වන සේද මසා ගත හැකිය. මල් පෙත්ත අවශ්‍ය ආකාරය අනුව එය තීරණය කළ යුතුය. පහතින් ඇති මැහුම මහත ඉදි කටුවක් භාවිත කර මසා ඇත. මෙම මැහුම් මැසීම සඳහා ගෝනි ඉදිකටුව, ඩානින්් ඉදිකටු  (ච්චපදඪදඨ දඥඥඤතඥඵ) වඩාත් සුදුසුය. මැහුම් අවශ්‍ය ස්ථානයෙන් ඉදිකටුව පිටතට ගෙන පෙත්ත අවශ්‍ය ප්‍රමාණයෙන් ඉදිකටුව ගසා නූල රූප සටහනේ පෙන්වා ඇති ආකාරයට ඇඟිල්ල වටා ඔතා ඉදිකටුව තුළට දමන්න. මේ ආකාරයට අවශ්‍ය ප්‍රමාණයට ලූප් දමා මැහුම් වම් අතේ ඇඟිලිවලින් තද කරගෙන ඉදිකටුව පරිස්සමින් අදින්න. එතනින්ම ඉදිකටුව රෙද්දට ගසන්න.
2 ක්‍රමය
 මෙම මල කැමැති වර්ණයෙන් මසා ගත හැක. ෂේඩඩ් නූල් හෝ ලා වර්ණයේ සිට තද පැහැය වන සේ එකම වර්ණයෙන් වර්ණ ප්‍රභේද හෝ භාවිත කර මසා ගන්න. පළමුව රූප සටහනේ දක්වා ඇති පරිදි කුඩා රවුමක් ඇඳ එය කොටස් කිහිපයකට වෙන් කරන්න. ඉදිකටුව එක් ස්ථානයකින් පිටතට ගෙන එයට ආසන්නයෙන්ම ලකුණු කළ ස්ථානයෙන් නොව එයට ළඟින් ඇති ස්ථානයෙන් ඉදිකටුවගසා නැවත පළමු ස්ථානයෙන් පිටතට ගෙන  කාස්ට් ඔන් මැහුම් (16 වන මැහුම් ) 30 පමණ දමන්න. මෙය තමාට අවශ්‍ය පරිදි අඩු වැඩි වන සේ සකස් කර ගත හැක. මැහුම් තරමක් බුරුලට තද නොවන සේ තිබිය යුතුය. දෙවැනි පෙත්ත මැසීමේදී පළමු පෙත්ත මැදින් ඉදිකටුව පිටතට ගෙන පළමු ආකාරයටම සටහන් කළ එක් ස්ථානයක් මගහැර ඊළඟ ස්ථානයෙන් ඉදිකටුව ගසා කාස්ට් ඔන් මැහුම් 30 දමන්න. මේ ආකාරයට මැහුම් 5ක් දමා මල් පෙති සියල්ල මසා ගන්න.
ම‍ලේ මැද සඳහා මල් පෙති මැසූ පැහැයට වඩා තරමක්  තද පැහැයෙන් හෝ ලා වර්ණයන් භාවිත කර ප්‍රංශ ගැට දමා ගන්න. කැරලි නූල් භාවිත කරන්නේ නම් මල් පෙති සඳහා ‍පොටවල් 6ම භාවිත කරන්න. ප්‍රංශ ගැට සඳහා ‍පොටවල් හතරක් භාවිත කරන්න.
පිහාටු  මැස්ම
 මෙම මැස්ම කොළ කුඩා පඳුරු මැසීමට භාවිත කළ හැක. ඉදිකටුව එක්  ස්ථානයකින් පිටතට ගෙන රූප සටහනේ  ආකාරයට ඉදිකටුව ඇදයට සිටින සේ පහතට ගන්න
මෙම නිර්මාණයේදී භාවිත ක රනු ලබන්නේ නිර්මාණයේ out line සඳහා යොදා ගනු ලබයි
‍පොහොට්ටුව මසා ගන්නා ආකාරය
 ‍පොහොට්ටු මැසීමේදී ද නූල් ‍පොටවල් හයම තරමක් තද පැහැ  නූල් භාවිත කර ඡායාරූපයේ දැක්වෙන පරිදි කාස්ට් ඔන් මැහුම් 10ක් වන පරිදි එක් පැත්තක් මහන්න. ‍පොහොට්ටුවේ අනිත් පැත්ත සඳහා කාස්ට් ඔන් මැහුම් 12ක් දමන්න.  ‍පොහොට්ටුවේ අනිත් පැත්ත සඳහා කාස්ට් ඔන් මැහුම් 12ක් දමන්න.
මැහුම තදින් නොඇදෙන සේ ඉදිකටුව සමෛන් අදින්න. නැවත අනිත් පැත්තෙන්  එම ආකාරයටම නූල යටින් තිබෙන  සේ ඉදිකටුව ඇදයට   ගසා අදින්න. මේ ආකාරයට වම් පැත්තෙන් එක් මැහුමක් හා දකුණු පැත්තෙන් තව මැහුමක් බැගින් අවශ්‍ය දිගට මසන්න. මෙම මැහුම් සඳහා කපු කැරලි නූල් මෙන්ම පර්ලි කොට්න් නූල්ද භාවිත කළ හැකිය. ‍පොහොට්ටු සඳහා මෙම මැහුම් ක්‍රමය භාවිත කරන්න
මේ ආකාරයට මේස රෙද්දක්, ඇඳ ඇතිරිල්ලක් ආදී ඕනෑම නිර්මාණයක් සිදු කළ හැකිය. මෙම සරල මැහුම් රටාව අපූරු නිර්මාණකරණයන් සඳහා භාවිත කළ හැකි.

උපදෙස් කැලණිය විශ්වවිද්‍යාලයේ  සංස්කෘතික මධ්‍යස්ථානයේ මැහුම් උපදේශිකා සජානි කොඩිකාර

සටහන චලනි කරුණාතිලක

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.