lakbima.lk

උත්සව අවස්ථාවලට සකසා ගත හැකි සුවිශේෂ සාරි විලාසිතා

විශේෂ උත්සව සඳහා ආරාධනාවක් ලැබුණු සෑම අවස්ථාවකදීම කාන්තාවන්ට ඇතිවන ප්‍රධාන ගැටලුව වන්නේ කිසිවකුටත් නොදවෛනි වන සේ සාරි නිර්මාණයක් කරගනු ලබන්නේ කෙසේද යන්නයි. ඒ වෙනුවෙන්ම මෙවර නවීන ක්‍රමවේදයන් අනුගමනය කර සැකසුනු සාරි නිර්මාණ කීපයක් ඉදිරිපත් කර ඇත. යම් උත්සාහයක් ගතහොත් ඔබටද මෙවැනි නිර්මාණ සිදුකර ගත හැකි බව මෙම නිර්මාණ දෙස අවධානයෙන් බැලු විට වටහා ගත හැකිවේවි.
මෙවැනි නිර්මාණශීලී ඇඳුම් රටාවන්ගේ ප්‍රමිතිය රැඳෙනුයේ එය ක්‍රමානුකූලව සිදුකිරීමෙනි. එමෙන්ම නිර්මාණ ලෝකයේ නව මානයන් කරා යොමු වීම තුළින් එයට ආර්ථික වටිනාකමක් එක් කළ හැකිය. සම්ප්‍රදායක සාරිය හැඩගැන්වෙන ආකාරයෙන් මදක් ඔබ්බට ගිය මෙවැනි රටාවන් තුළ යම් ආකාරයකට නූතනත්වය ආරෝපණය කර ඇති බව ඔබට වටහා ගත හැකි වනු ඇත. මෙහි ඇති සුවිශේෂී බව තුළ ඔබට ඔබගේ සාරි නිර්මාණ කර ගත හැකි ක්‍රමවේදයන් කීපයක් ඇත. වර්ණ ගැලපීම, රෙදි වර්ග මිශ්‍ර කිරීම පමණක් නොව එකිනෙකට වෙනස් රැලි තබා ඇති ආකාරයද තුළින් නිර්මාණයට මනා පෞරුෂයක් එක් කර ඇත. මෙවැනි සාරි නිර්මාණ සඳහා යෙදිය යුතු ආරම්භක පිරිවැය අධික බැවින් ඒ සඳහා ඔබ කලින් උත්සවයකට අඳිනු ලැබූ සාරියක් හෝ සාරි වර්ග දෙකක් එක් කිරීමෙන් නව නිර්මාණයක් බිහිකළ හැකිවේවි.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.