lakbima.lk

මංගල දිනයේ තනි සුදු පැහැයෙන් සැරසුනු මනාලියක්


තනි සුදු පැහැය අතීතයේ මනාලියන් මංගල දිනයේ සිය ඇඳුම සඳහා තෝරා ගත්තත් පසුව එය වෙනස් වී විවිධ ලා පැහැයන් වලින් මංගල සාරිය සකසා ගැනීම බහුලව සිදු වුණා. නමුත් දැන් නැවතත් තනි සුදු පැහැය මංගල සාරිය සඳහා තෝරා ගන්නවා. මේ විදියට තනි සුදු පැහැය වඩා උචිත වන්නේ ඉතා පැහැපත් සමක් හිමි යුවතියකටයි.

මේ මනාලිය ‍ලේස් සාරියක් ඇඳ තිබෙන්නෙ. මොඩර්න් කැන්ඩියන් මනාලියක ලෙස ඇය සැරසී හිඳිනවා. ආභරණ පබලුවලින් සහ අගස්තිවලින් නිර්මාණය කර තිබෙනවා.

ඇඳුම තනි සුදු පැහැති නිසා ඇගේ මල් කළඹ සහ හිස පළඳනාව රතු පැහැති මල් වලින් නිම කර තිබෙන්නෙ. එහි අතරින් පතරට පමණක් සුදු පැහැති කුඩා මල් සහ කොළ යොදා තිබෙනවා.

නිරූපණය - තිලිණි

හැඩගැන්වීම කොට්ටාවේ සැලෝන් රූ ඇත්තී හි ප්‍රවීණ රූපලාවන්‍ය ශිල්පිනී නදීශා ලියනගේ

ඡායාරූප ජානක කඳනආරච්චි
සටහන උත්පලා සුභාෂිනී

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.