lakbima.lk

පුංචි පුතුට කලිසමක්

පුංචි පුතාට වගේම දුවට වුණත් ගෙදරට අඳින්න කොට කලිසමක් ගෙදර ඉතිරි රෙදි කැබලි වලින් මසා ගත්තොත් ඒක ලොකු ලාභයක් වේවි නේද? අයින් කරපු ඇඳුම් වලින් මහගන්නත් පුළුවන්නේ.  ඉණ 24-25 ප්‍රමාණයට මේ පතරොම දී තිබුණත් අවශ්‍ය ප්‍රමාණයට ටිකක් ලොකු, ‍පොඩි කරගන්න පුළුවන්.

ඉදිරි පලු, පසු පලු වෙන වෙනම කොටස් 2 බැගින් කපා ගන්න. ‍පොකට් කොටස කොළයක කපාගෙන වටේට 1/2 බැගින්ද උඩ වාටියට 1ක්ද වාසි තබා රෙදි කොටස් 2ක් කපා ගන්න.  ඉණට ඉලාස්ටික් දමන පටිය 2 1/2 පළල 30 දිගට කපා ගන්න. නැතිනම් ඉණට ඉලාස්ටික් දැමීමට උඩින් ඉඩ තබා කපා ගැනීමටද පුළුවන්. වාටියටද ඉඩ තබාගෙන කපා ගන්න.

ඉදිරි පලු දෙකේ කරුව මූට්ටු කරන්න. පසු පලු දෙකද එසේම මූට්ටු කර ගන්න. මැහුම් දෙක බැගින් ගසා ගැනීම වඩාත් හොඳයි.  දෙපස මූට්ටු කර වාටිය මසා සකසාගත් සාක්කු දෙක මායිම් ලකුණු කරගෙන ඇද නොවන සේ අල්ලා ගන්න.  කකුල් දෙකේ ඇතුල් පැත්ත මූට්ටු කරන්න. කරුව ප්‍රදේශය හොඳින් ටැක් කර මසා ගන්න.

ඉලාස්ටික් සහිත පටිය වෙනම සකසා ගත්තේනම් එය හොඳින් ඇද ඉණට අල්ලා ගන්න. නැතිනම් ඉණ වාටිය මසා ඉලාස්ටික් එක දමා මසා ගන්න.  පාට රෙදි මිශ්‍ර කර හැඩ ගන්වා ගන්නත් පුළුවන්. එයින් කලිසම තවත් අලංකාර වේවි.

ඉදිරිපත් කිරීම බණ්ඩාරගම එම්.එස්.පී. මැහුම් පාස‍ලේ උපදේශිකා, ප්‍රවීණ මැහුම් ශිල්පිනී මැහුම් ඩිප්ලෝමාධාරිනි මානෙල් ප්‍රේමතිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.