lakbima.lk

පුංචි දූට ලස්සන ගවුමක්

මේ ඔබේ සුරතල් දඟකාර  දියණියට ලස්සන පුංචි ගවුමක පතරොමක් ඔබ කැමති පාටකින් ඩොට් රෙද්දක්ම තෝරා ගත්තොත් මෙහි නියම හැඩය පෙනේවි
ඉදිරි පලුව - නැම්මට තබා කපාගන්න
පිටුපස පලුව -  සිපර් එක ඇල්ලීමට කොටස් දෙකට කපා ගන්න.
මැහුම් වාසි  තබා මෙම පතොරම සකස් කර  තිබෙන්නේ. ඉරි දිගේම කපා ගන්න.
සාය කොටස -
ප්ලෙයාර්ඩ් හැඩයටයි  මෙය තිබෙන්නෙ.  සායේ ප්‍රමාණයේ පතරොමට ඉඩ මදි නිසා ඔබට එය කපා ගන්නා ආකාරය පෙන්නා දී තිබෙනවා.


මෙසේ මසා ගනිමු
උරහිස් මූට්ටු කර ගන්න.  කර, අත්කට, ඩොට්  එකේ පාටින් පයිපින් කර ගන්නත් පුළුවන්. ලයිනින් එක තියලා මහලා කර සහ අත්කට හරවා මැහුමක් ගහන්නත් පුළුවන්.  කැමති ආකාරයට මසා ගන්න.
උඩ පලුවේ දෙපස  මූට්ටු කර ගන්න.
සාය කොටස ඉනට අල්ලා ගන්න. පිටුපස පලුවට රූප සටහනේ පරිදි සිපර් එක අල්ලා ගන්න. ඉන පටිය වෙනම සකසා ගන්න. ( ගවුමටම අල්ලා ගන්න වුණත් පුළුවන්) ‍ලේස් වලින් මලක් හදාගෙන හෝ වෙළෙඳපළේ ඇති මලක් අල්ලා ගන්න. සායේ වාටිය මසා  පුංචි දූට අන්දලා හැඩ බලන්න.

ඉදිරිපත් කිරීම බණ්ඩාරගම එම්.එස්.පී. මැහුම් පාස‍ලේ උපදේශිකා, ප්‍රවීණ මැහුම් ශිල්පිනී
මැහුම් ඩිප්ලෝමා ධාරිනි මානෙල් ප්‍රේමතිලක

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.