lakbima.lk

අත් රහිත බ්ලවුස් විලාසිතා

අත්රහිත බ්ලවුස් නිර්මාණයක් සිදුකිරීමේදී බොහෝ විට ඇතවින ගැටලු සහගත තත්ත්වයක් වන්නේ ඊට ගැළපෙන ලෙස නිර්මාණාත්මක හැඩතලයන් කෙසේ ඊට දායක කරගන්නේදැයි යන්නයි. ඉදිරිපත් කර ඇති ඇඳුම් නිර්මාණ තුළින් ඔබට ඒ පිළිබඳ අවබෝධය ලබාගත හැක. අත් සහිත නිර්මාණ මෙන් නොව අත්රහිත බ්ලවුස් නිර්මාණ සිදු කිරීමේදී එය කා සඳහා නිර්මාණය කරන්නේද යන්න පිළිබඳව සලකා බලා සිදුකිරීම වඩාත් සුදුසුවේ.

මෙවැනි ඇඳුම් නිර්මාණ එක් වර්ණයකින් හෝ වර්ණ යුගලයක් සම්බන්ධ කර ගනිමින් නිර්මාණය කර ගැනීම වඩාත් සුදුසුවේ. ඕනෑම අවස්ථාවකට සහභාගි වීම සඳහා මෙවැනි නිර්මාණ සිදු කළ හැකි අතර, අවස්ථාව අනුව නිර්මාණාත්ම හැඩතලයන් ඊට එක් කළ හැක. අත් රහිත බ්ලවුස් ඉතාම සුවපහසු ඇඳුම් නිර්මාණ අතරින් එකකි. මේ සඳහා යම් විශේෂිත බවක් එක් කිරීම සඳහා ඊට යෝග්‍ය වන ලෙස වවිධ ‍ලේස් වර්ග ක්‍රිස්ටල් වර්ග, රිබන් වර්ග එක්කර නිර්මාණය අලංකාර කර ගැනීමට හැකියාව ඇත.

හොරණ වගීෂා ස්කූල්  ඔෆ් ඩේ‍රස්  මේකින් හි ප්‍රවීණ මැහුම් හා මෝස්තර නිර්මාණ ශිල්පිනී වගීෂා අබේසිංහ ඉදිරිපත් කරයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.