lakbima.lk

අත් රහිත ගවුම් විලාසිතා

අත් රහිත ගවුම් විලාසිතා යනු කලින් කලට නිර්මාණ තුළින් ඉස්මතුවන ඉතා අලංකාර ඇඳුම් නිර්මාණ රටාවකි. වැඩි වශයෙන් ජනප්‍රියත්වයක් උසුලන මෙම විලාසිතාව ඉතා සුවපහසු ඇඳුම් නිර්මාණයක් වන අතර යොදා ගන්නා රෙදි වර්ග සහ ඊට ඇතුලත් කරගන්නා විවිධ නිර්මාණාත්මක රටාවන් අනුව එය කුමන අවස්ථාවක් සඳහා නිර්මාණය කරනු ලබන්නේද යන්න තීරණය වේ. කෙසේ වෙතත් කාර්යාලීය ගමන් සඳහා අත් රහිත ගවුම් විලාසිතා සුදුසු නොවේ.

යොදා ගන්නා කර හැඩය අනුව මෙම නිර්මාණයට විශේෂයක් එක් කළ හැක. බෝට්නෙක් (Boat neck) කර හැඩය යෙදූ අත් රහිත ගවුම් විලාසිතා වර්තමානයේ ජනප්‍රියව පවතී. ඒ සඳහා රෝස් සිල්ක් වැනි රෙදි වර්ග යොදා නිම කිරීමෙන් උත්සව සඳහාද, කපු රෙදි වර්ග යෙදීමෙන් සාමාන්‍ය ගමන් සඳහාද ඇඳුම් නිර්මාණය කර ගත හැක.

අත් රහිත ගවුම් විලාසිතා නිර්මාණකරණය ඉතා පහසු ලෙස බැලූ බැල්මට දිස්වුවත් එය නියමිත මිමි අනුව සකසා නොගතහොත් නිර්මාණයේ ප්‍රියමනාප බවක් දැකිය නොහැක.

හොරණ වගීෂා ස්කූල්  ඔෆ් ඩේ‍රස්  මේකින් හි ප්‍රවීණ මැහුම් හා මෝස්තර නිර්මාණ ශිල්පිනී වගීෂා අබේසිංහ ඉදිරිපත් කරයි

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.