lakbima.lk

අපි අතර බොහෝවිට කතා බහවෙන වගේම කාලීන අවශ්‍යතාවක් ඇති මාතෘකාවක් තමයි බර අඩු කර ගැනීම.අද වන විට බෝවෙන රෝග වලට වඩා වැඩි වේගෙන් පැතිරෙන බෝ නොවන රෝග ගැන හිතද්දී ”‍බර අඩු කරගැනීම”‍ අපි හැමෝගෙම ජීවිත වල ඉලක්කයක් වෙන්න  ඕනේ තැනට පැමිණිලා.
කොහොමද පටන් ගන්නේ ? තමන්ටම හිතෙන්න  ඕනේ... මහත්තයාගේ බල කිරීමට... ඔෆිස් එකේ යාළු‍වගෙන් තියෙන කරච්චලේට පටන් ගත්තොත්  වැඬේ දිගට අල්ලාගෙන යන්න ටිකක් අමාරුයි... නමුත් එහෙම හේතු උඩ  පටන් අරන් පස්සේ තමන්ටම එහි වාසි දැනෙද්දී මේ ගමන දිගට ගිය අයත් ඉන්නවා. කොහොම නමුත් ඔබ පටන් ගන්න  ඕනේ කවද්ද කියන එක ඔබ තීරණය කරන්න...
ව්‍යායාම පටන්ගන්න කලින්ම  ඔබේ ශරීරයට ආදරේ කරන්න පටන් ගන්න... කණ්ණාඩිය ඉස්සරහට ගියාම ”හැටි විතරක් ”‍ කියල හිතෙන්වත් කියන්න එපා... ඔබ මේ දකින වෙනසට ප‍්‍රධානව හේතු උනේ කාරණා දෙකක්... එක්කෝ ඔබ දරුවෙකු මේ සිරුරෙහි  දරා ... බිහිකර ... කිරි දී... වැඞීම... එහෙම නැතිනම් හිතුන හිතුන තරම් රස මසවුළු  ගිල දැමීම. මේ ප‍්‍රධාන කාරණා දෙක ඇරුනම ඉඳ හිට හෝර්මෝන අසමතුලිතතාවයක් නිසා මහත් වීම...  ජානමය හේතු නිසා මහත ශරීරයක් හිමිවීම වැනි කාරණා තියෙන්න පුළුවනි.

අපේ  ඇඟ  කියන්නේ හරි අපුරු යන්තරයක්...මොනාහරි  ”‍ඔයාට පුළුවනි‍...” කීවම කරන්න බැරි දෙයක් නෑ ... නිතරම හිතන්න... ”ඔබට  පුළුවන් කියල‘‘ කියන කල් මේ ශරීරය‍ කිසිවක් කරන්න සූදානම් නැති බව මතක තියා  ගන්න...
ගමන පටන් ගත්තට පස්සේ තනිවම සටන් කරන්න. මේ ගමනේදී පොඩි ඉලක්ක තියා  ගන්න  කිලෝ 78 ඉඳන් කිලෝ 53 කීවම හිතද්දී බයයි වගේ... ඉතින්  මුලින් කිලෝ 70 ටාගට් කරන්න ඉන්පස්සේ කිලෝ  60 ටාගට්  කරන්න ඒ විදියට එන්න. ජිම් එකේ එරු්ාපසකක එකේ දුවද්දී ඔබට එහා පැත්තේ දුවන කෙනා පැය භාගයක්ම එක දිගට දුවනවා..
මට බෑ .. හරි හති කියල හිතන්න එපා... මුලින් විනාඩි 5 පොඩි බ්ලොක් කඩ ලා විනාඩි 3 දුවනවා  විනාඩි 2ක්  ඇවිදිනවා ඊ ගාව විනාඩි පහ බ්ලොක් එකේදී තුනක් දුවනවා දෙකක් ඇවිදිනවා කරන්න...ටික දවසක් කරලා විනාඩි 10 බ්ලොක් වලට යන්න විනාඩි 7 දුවනවා තුනක් ඇවිදිනවා... ඊගාව  විනාඩි 10 බ්ලොක්  එකේදී 7ක් දුවනවා 3ක් ඇවිදිනවා වගේ... ඔබට නොදැනුවත්වම සති 4-5 යද්දී විනාඩි 30 එක දිගට දුවාගන්න පුළුවන් වෙනවා මයි.
පුද්ගලයකුගේ සෞඛ්‍ය සම්පන්න බර අඩුවීමක් විය යුත්තේ  සතියකට රාත්තල් 1-2ක් පමණයි. රාත්තල් එකක් අඩුවෙන්න ඔබ කැලරි 3500ක් පුච්චන්න  ඕනේ. ඒ කියන්නේ දවසකට කැලරි 500ක්. ඔබේ දෛනික ජීවිතේ කටයුතු කරගන්න අවශ්‍යකරන කැලරි ප‍්‍රමාණය ගන්නා අතරතුර  දවසකට කැලරි 500ක් පිච්චුවොත් ඔබට මාසෙකදී කිලෝ 2 බර අඩු කරගන්න පුළුවනි. මේ බර අඩු කිරීම ක‍්‍රමික හා ස්ථාවරව කරගෙන යාම නැවත බර වැඩි වීම වළක්වා ගැනීමටත් ඔබේ දිවියේ සුවදායී  බවටත්  සාර්ථකම ක‍්‍රමය කියලයි පිළිගැනෙන්නේ.

ඩයට් ප්ලෑන්  ගැන කතා කළොත් කෙනෙකුට  හරි ගිය ඩයට් ප්ලෑන්  එකක් තව කෙනෙකුට හරි යන්නේ නෑ . අපි එක එක්කෙනාගේ  පරිවෘත්තිය ක‍්‍රියාවලියේ වේගය සහ රටාව අනුව අපිට  ඕනේ කරන ආහාර ප‍්‍රමාණය වෙනස් වෙනවා... ඉතින් කෙනෙක් කළ දෙයක් එයාට හරි ගිය පමණින් ඒ ඩයට් ප්ලෑන් එක ඒ විදියටම ඔබ කරන්නට යෑම නැති ලෙඩ සහ ශාරීරික දුර්වලතා ළඟට කැඳවා ගැනීමක් වෙන්න පුළුවන්. ඔබේ වයස... බර... නියැලෙන වෘත්තිය (කායික වෙහෙසක් දරනවද නැද්ද කියන එක * ඔබේ ජීවනරටාව... පවුලේ ජාන ගත ලෙඩ රෝග  ආදීය සැලකිල්ලට ගෙන පෝෂණවේදය පිළිබඳ වෛද්‍යවරයකු ඔබ වෙනුවෙන් සකස් කළ  ඩයට් ප්ලෑන් එකක් ක‍්‍රියාත්මක කරන්න පුළු‍වන්නම් වඩා සුදුසුයි.
ඔබේ ජිවිතේ උසට සරිලන බර  දිගට පවත්වාගෙන යාමට රුකුලක් දෙන තව යමක් කියන්නට කැමතියි ඔබේ පළමු දරුවා ලැබුණට පස්සේ  ඊළඟ ගර්භණීත්වය  සැලසුම් කිරීමේදී...  ඔබට පූර්ව ගර්භණී බරට නැවත පැමිණෙන තුරු ඉන්නට පුලූ‍වන්නම්... ඔබට සෞඛ්‍ය සම්පන්න බරක් ජීවිතය තුළ පවත්වාගෙන යාමට එය උදව්වක් වෙනවා.ඒ කියන්නේ මුල් ගර්භණී කාලයේදී ඔබේ බර කිලෝ 53 සිට කිලෝ 78 වනතුරු වැඩි වූවා නම් ඔබ ඒ දරු උපත සිදු කර නැවත ගැබ් ගැනීමකට සූදානම් වීමට පෙර ඔබට ඔබේ බර කිලෝ 53-55 කර ගන්නට හැකි  නම් වඩා යහපත් බවයි... එය ඔබේ දෙවන ගර්භනී භාවය දියවැඩියාව වැනි සංකුලතා අවම කර ගැනීමටත්... පසු ප‍්‍රසව අවදියේදී බර අඩු කරගැනීම පහසු වීමටත් ඉවහල් වෙනවා.
ඔබ ව්‍යායාමය  කල් දමන එක හේතුවක් තමයි, කාලය නෑ  කියන එක... මුලින් මහා ගොඩක්  ඕනේ නෑ . දවසකට පැය භාගයක් හොයාගන්න... උදේ පාන්දර හෝ රාති‍්‍රයේදී. දැන් ඔබ  කියාවී... මහන්සි උනාම ගෙදර වැඩ කරගන්න බෑ  කියල.... එ්ත් එහෙම වෙන්නේ නෑ. දැන් පුතාගේ බයිසිකලේ පස්සෙන් දුව ගන්න බෑ හති ... බස් හෝල්ට් එකක් දුර පයින් යන්න බෑ  මහන්සියි. වලන් ටික හෝදන්න තරම් වෙලාවක්  නැගිටල උන්නම දණිස් කැක්කුම කියන ඔක්කොම අපහසුතා නැතිවෙලා යන අපූරුව ඔබටම දැනේවි. දැන් කෙඳිරි ගගා කරගන්න ගෙදර වැඩ ජවයෙන්, කඩිසරව කරගන්න පුළුවන් වෙන හැටි දැක ඔබම පුදුම වේවි...
ඔබ අධෛර්යට පත් වෙන දෙයක් තමයි අද දුවන්න පටන් ගත්තනම් හෙට උදේ ඉඳන් බර කිරන තරාදියට නැගල දුක් වෙන එක... හෙට ඉඳන් මූණ බලන කණ්ණාඩියට රවන එක...හදිසි වෙන්න එපා.ඉවසල ඉන්න බර අඩුවෙන්න පටන් ගන්න ටික දවසක් යනවා...  ඔබට ඔබේ ශරීරයේ වෙනස් වීම දැනෙන්න සති 4ක්  කාලයක් ගත වෙනවා... ඔබේ ළඟම යාළුවන්ට ඒක පේන්න පටන් ගන්න සති 8ක් යනවා...අනිත් සියලූ‍ දෙනාට ඔබේ සිරුරේ වෙනස් පේන්න සති 12ක්  ගතවෙනවා...
ව්‍යායාම කරන එක.. ඩයට් කරන එක... එක්තරා ටාගට් එකකට විතරක් කරලා ඉන්පස්සේ අත හැර දමන්නේ නැතිව... ජීවිතය පුරාම දෛනික කටයුත්තක් හැටියට කරගෙන යන්න දවසේ වැඩ කටයුතු ගොන්නට එකතු කරගන්න... පවුලේ අයත් සහභාගි කරගන්න.... ඉක්මන් ප‍්‍රතිඵල ගැන ආසාවෙන්...

ව්‍යායාම කරන්න ගත්තට පස්සේ, උන්නට වඩා ආතතියට පත් වෙනවා නම් ඔබ වගුරුවන දාඩිය අපතේ යනවා... සතුටින් කරගෙන යන්න... එකම මහන්සිය දරන යෙහෙළියන් දෙදෙනෙකුට අත්වෙන ප‍්‍රතිඵල අත් වීමේ වේගය වෙනස්. වටිනාම දේ ඔබේ යෙහෙළිය ඉක්මනින් අත්  කරගත්  ප‍්‍රතිපලය දැක ඔබ අධෛර්යයට ,ආතතියට පත් නොවීමයි.  ඉතින් කලින් කීවා වගේම... ආයෙත් කියන්නේ... අතහරින්න එපා!!! සති 12ක්  ඔබේ සිරුරට කල් දෙන්න.

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.