lakbima.lk

හිසකෙස් ගැටලු අවමකර ගනිමින් නිරෝගී කෙස් කලඹක හිමිකාරියක් වීමට කොයි කාන්තාවත් දක්වන්නේ දැඩි කැමැත්තකි. එසේ නම් පහත සඳහන් වන උපදෙස් මාලාව ඔබට බොහෝසේ වැදගත් වේවි. 
 
හිස සේදීම
 
නෑම සඳහා හැකි හැම විටම සාමාන්‍ය ඇල් ජලය භාවිතා කරන්න. රාත්‍රී කාලයේදී හෝ ශීතල දේශගුණයක් සහිත අවස්ථාවන්වලදී උණු වතුර භාවිතය අත්‍යාවශ්‍ය වූ විට ඒ සඳහා ඇල්මැරුණු ජලය භාවිතා කරන්න. 
 
හිසකෙස් සේදීම සඳහා 'ෂැම්පු වර්ග තෝරා ගැනීමේදී හැකි තරම් විෂබිජ නාශක වර්ණක ආදිය අඩංගු නොවූ ඒවා තෝරා ගැනීම වඩාත් යෝග්‍යවෙයි. මන්ද විවිධ දේවල් වැඩිපුර අඩංගු කරන තරමටම කෘත්‍රීම රසායනිකයන් මුසුවීමද ඉහළ යන බැවිනි. 
 
ෂැම්පු කිරීම

 
ස්නානය කරන සෑම විටකම ෂැම්පු යෙදීම අවශ්‍ය නැත. සතියකට දෙවරක් - තුන්වරක් පමණ හිස ෂැම්පු යොදා සේදීම ප්‍රමාණවත්ය. අනෙක් දිනවල සාමාන්‍ය වතුරෙන් හිස සෝදා හරින්න. 
 
හිසට යොදන ෂැම්පු ප්‍රමාණය
 
මේ ගැනද සැළකිලිමත් වන්න. ෂැම්පු ටිකක් අතට ගෙන එය දියකර හිස් කබලට දමා අතුල්ලා සෝදා හරින්න. එවිට ඉබේම හිසකෙස් දිගේ එම පෙණ ගලාවිත් හිසකෙස් සේදී යනු ඇත. හිස කෙස්වලටද තවත් ෂැම්පු යොදා ඇතිල්ලීමෙන් වළකින්න. අනවශ්‍ය ලෙස ෂැම්පු භාවිතයෙන් වැළකිය යුතුය. එසේම ෂැම්පු භාවිතයෙන් පසු හිසකෙස් වලට කන්ඩිෂනර් යොදන්නට අමතක නොකරන්න. 
 
හිසකෙස් ගැටලු වැඩි වන හේතු 
 
හිසකෙස් ගැටලු වැඩිවීමට බලපාන ප්‍රධාන හේතු අතර හිසේ අපිරිසිදුකම මුලින්ම තිබෙන්නකි. එනිසා නිතිපතා හිස සෝදා වියළා පිරිසිදුව තබා ගැනීමට උත්සුක වන්න. 
 
කොණ්ඩා මෝස්තර 
 
හිසකෙස් තදින් ඇද දමන කොණ්ඩා මෝස්තර වලින් ඈත්වන්න. හිසකෙස් තදින් ඇද ගෙතීම, බැඳීම හිසකෙස් ගැලවීයාමට රුකුල් දෙන්නකි. නිතරම හිසකෙස් නිදහස්ව ලිහිල්ව තබා ගැනීමට උත්සාහ කරන්න. 
 
හිසකෙස් වලට යොදන පටි 
 
හිසකෙස් පැටලෙන ආකාරයේ කොන්ඩා පටි, බූල් බෑන්ඩ් ආදිය භාවිතයෙන් වළකින්න. 
 
කෙස් විලාසිතා 
 

කොණ්ඩය රැලි කිරීම, ස්ට්‍රේට් කිරීම වැනි අලංකරණ කටයුතු අතර කාල පරතරයක් තබා ගන්න. නිතර නිතර ඒවා කිරීමෙන් කෙස් ගස්වලට හානි සිදුවීමේ අවදානම වැඩිය. 
 
හිසට යොදන ස්ප්‍රේ
 
කොණ්ඩා මෝස්තර දමන විට එය අවසානයේ කොණ්ඩය නොවෙනස්ව තිබිම සඳහා යොදන 'ස්ප්‍රේ' වර්ග හැකිතාක් අවම කරන්න. 
 
සම්බාහනය 
 
හිස ‍ලේ ගමනාගමනය හොඳ මට්ටමක තබා ගැනීම සඳහා හිස සම්බාහනය කරන්න. හිස පහතට නමා ගෙන කරන සම්බාහන වඩාත් යෝග්‍යයය. 
 
හිසට තෙල් දැමීම
 
හොඳින් ෂැම්පු යොදා සෝදා වියළා ගත් හිසකෙස් වලට සුදුසු තෙල් වර්ගයක් භාවිතා කරන්න. හිස්කබලට තෙල් දැමීමට අකමැති නම් හිසකෙස්වලට පමණක් හෝ තෙල් යොදන්න. අවම තරමින් කෙස් අග්ගිස්සට හෝ තෙල් දමන්න. 
 
හිස පිස දැමීම
 
හිස කෙස් සේදු පසු තුවායකින් හිස කෙස් පිස දමා ගත යුත්තේ තදින් ඇතිල්ලීමෙන් තොරවය. තෙත ගතිය අඩුවූ පසු පවනේ හිසකෙස් වියළා ගැනීම වඩාත් යෝග්‍ය ක්‍රමයයි. රාත්‍රී කාලයකදී නම් හිසකෙස් වියළනයක් භාවිතය අවශ්‍ය විය හැක. එවිට අවම උෂ්ණත්වයක් යොදා එය භාවිතා කිරීමට උත්සාහ ගන්න. හැකි හැම විටම හිසකෙස් වියළන භාවිතයෙන් වැළකීම වඩාත් යෝග්‍ය වෙයි. 
 
පිහිනීම
 
පිහිනීම වැනි ක්‍රියාවලදී Swimming Capඑකක් භාවිතයට පුරුදු වන්න. එසේම ගඟක මුහුදක, පිහිනුම් තටාකවල ස්නානය කළ පසු, පිරිසිදු සාමාන්‍ය ඇල් ජලයෙන් හිසකෙස් සෝදා හැරීමට අමතක නොකරන්න. 
 
උපදෙස් තංගල්ල මූලික රෝහ‍ලේ   චර්ම රෝග විශේෂඥ වෛද්‍ය  හිරෝමල් ද සිල්වා 
 
සාකච්ඡා කළා නිර්මලා කුමාරි සේනාරත්න 
 
  1. රෝග සමනය කරන්නටත් රුව වැඩි කරන්නටත් උපකාරී වන වජ්‍රාසනය
  2. ඔබේ වියපත් වැඩිහිටියන්ටත් ‘විශාදය’ ඇති වෙන්න පුළුවන්
  3. ඔසප් වේදනා ඇතුළු බොහෝ රෝග සමනය කරන යෝග ක්‍රමයක්
  4. හදවත නතර වන්නට යන බවට ලැබෙන ඉඟි මෙන්න
  5. වකුගඩු අකර්මණ්‍ය වන හැටි දන්නවාද?
  6. දරුවන්ගේ අයහපත් හැසිරීම්වලට හේතු වන සිදුවීම් ඇත්තේ නිවස තුළයි
  7. සිරුර විකෘති කරනා පැතිකුදයට ආයුර්වේදයෙන් නිට්ටාවට සුවය
  8. සතියකට කිලෝ භාගයකින් බර අඩු කර ගන්නේ කොහොමද?
  9. දරුවන් අනාගතයේ මුහුණ දෙන බරපතළම සෞඛ්‍ය ප්‍රශ්නය
  10. තරබාරු බව මට්ටු කළ හැකි එකම සහ ප්‍රධානම ක්‍රමවේදය
  11. ඔසප් වේදනාව සමනය කරන ව්‍යායාම
  12. අධික තරබාරුව මැඩලන සැත්කම් දැන් නොමිලේ
  13. අඩු වයසින් මල්වර වූ දැරියක් නිසි සැලකිල්ලකින් රැක බලා ගත යුතුයි
  14. ශල්‍යකර්මයට පෙර පැය හයක උපවාසයෙන් ඇති සැනසුම
  15. ස්වාභාවික ඖෂධ මගින් සුව කළ හැකි රෝගයකි ‘‘අර්ශස්’’

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.