lakbima.lk

දිවා කාලයේ ඇති වන නිදිමත රෝගයක්ද?

නින්ද කියන්නේ මිනිසුන්ගේ වගේම සතුන්ගේත් සෞඛ්‍යමය අවශ්‍යතාවක්. දවස පුරා වෙහෙසෙන ශරීර අවයව වලට නිවාඩුවක් දෙන්න, ඒ ඒ අවයවයන් භාවිතා කිරීමේ දී වැය වුණු ශක්තිය, පේශීන්, අස්ථි සෑම දෙයනම නැවත වැඞීමක් සිද්ධ වන්නේ නින්දේ දී. සෞඛ්‍යමය වශයෙන් විතරක් නෙමෙයි මානසික වශයෙනුත් පීඩාවට පත් මොළයට පුංචි විෙවිකයක් දීලා, තැන් තැන්වල ඉතුරු වෙලා තියන සිතුවිලි හිත ඇතුළේ එක තැනක තියාගන්න පුළුවන් වෙන්නෙත් නින්දෙන්. ඒක නිසා තමයි හදිසියේ ඇතිවන මොකක් හර විස`දුමක් හොයාගන්න බැරි ප‍්‍රශ්නයක් ස`දහා හොඳම බෙහෙත සුළු නින්දක් කියන්නේ. නමුත් රාත‍්‍රියේ දී අපි සාමාන්‍ය විදිහට නිදාගත්තත් දවල්ටත් ඒ අයුරින් නින්දට යාම සුදුසු කරුණක් නොවේ. එම නිසා මේ කරුණ පිළිබඳව හේතු විමසීමට අපි සම්බන්ධ කරගනු ලැබුවේ වෛද්‍ය ලේකඛාධිකාරී නදීශ කුරුප්පුආරච්චි මහතාවයි.

වෛද්‍යතුමනි, දිවා කාලයට නිදිමත පැමිණීම කිසියම් රෝගයක රෝග ලක්‍ෂණයක් ද?

පුද්ගලයෙකු දිවා ආහාරය ලබා ගැනීමෙන් පසු නිදිමත ගතියක් පැමිණීම සාමාන්‍ය තත්ත්වයකි. නමුත් දිවා කාලයේ නිරන්තරයෙන් ඇති වන නිදිමත යම්කිසි රෝගයක රෝග ලක්‍ෂණයක් විය හැකිය.

පුද්ගලයෙකුට දිවා කාලයේ නිදිමත ඇති වීමට හේතු මොනවාද?

ප‍්‍රධාන වශයෙන් පුද්ගලයෙකුට රාතීී‍්‍ර නින්දට කුමන ආකාරයක හෝ බාධාවක් ඇති වුවහොත් දිවා කාලයට නිදිමත ගතිය ඇති වේ. නමුත් නින්ද සම්බන්ධ සමහර රෝගී තත්ත්වයන් හේතුවෙනුත් නිදිමත ඇති වීමට පුළුවන්. ඒ අතරට Sleep Apnea නම් රෝගී තත්ත්වය හඳුන්වා දිය හැකිය. මෙහි දී අධික තරබාරුව නම් රෝග ලක්‍ෂණය හේතුවෙන් හුස්ම ගැනීමට ඇතිවන අවහිරතාවය නිසා රාත‍්‍රී නින්දට බාධා ඇති වේ. තවත් තත්ත්වයක් වන්නේ Narcolepsy රෝගී තත්ත්වයයි. දිවා කාලයේ දී ඇතිවන තද නිදිමත සහ සාමාන්‍ය ක‍්‍රියාකාරකම් වල යෙදී සිටිය දී අනපේක්‍ෂිත ලෙස නින්දට වැටීම මෙහි රෝග ලක්‍ෂණයකි. යම් විටෙක නින්දෙන් අවදි වන විට අතපය සෙලවීමට නොහැකි වීම හෝ අප‍්‍රාණික වීමත් දැකිය හැකිය. තව ද නින්දට නොවැටීම හෝ නින්ද පවත්වාගෙන යාමට නොහැකි වීම Insomnia රෝගය ලෙස හැඳින්වේ.

මීට අමතරව සමහර කායික රෝග තත්ත්වයනුත් දිවා කාලයේ අධික නිදිමත ඇති වීමට හේතු වේ. යම් පුද්ගලයෙකු තයිරොක්සින් ඌණතාවයෙන් පෙළෙයි නම් ඔහුට හෝ ඇයට දිවා කාලයේ දී තද නිදිමත ඇති විය හැකියි. තවද මානසික අවපාතය Depression තත්ත්වයක් ඇති අයටත් දිවා කාලයේ දී තද නිදිමත ඇතිවනු ඇත. සමහර රෝගීන්ට පවතින රෝග තත්ත්වයන්ට වෛද්‍යවරුන් නිර්දේශ කරන ඖෂධ හේතුවෙනුත් පුද්ගලයන් රාත‍්‍රී කාලයට නිදිමත නැති වේ. එවිට දිවා කාලයේ දී අධිත නිදිමත ඇති වීමට ඉඩ ඇත.

සුවබර නින්දක් ලැබෙන්නේ කෙසේ ද?

නින්දට යාම සහ නින්දෙන් අවදි වීම නියමිත කාලයකට අනුව සිදුකිරීම කළ යුතුයි. කෝපි, තේ වැනි කැෆේන් ආදී පානයන් රාත‍්‍රියට ගැනීමෙන් වැළකී සිටිය යුතුයි. මද්‍යසාරයෙන් වැළකී සිටීම, දුම්පානයෙන් තොර වීම. ඔබ අධික ස්ථුලභාවයෙන් පෙළෙන්නේ නම් ශරීරයේ බර අවම කරගැනීම, නිතිපතා ක‍්‍රමානුකූලව ව්‍යායාම් කිරීම, ජංගම දුරකථන, ටැබ් ආදිය නින්දට යාමට පෙර  භාවිතයට නොගැනීම තුළින් සුවබර සුවපහසු නින්දක් ලබා ගැනීමේ හැකියාව ඔබට ඇත.

වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වන්නේ කුමන අවස්ථාවක දී ද?

නිතරම දිවා කාලයේ අධික නිදිමතක් පැමිණෙයි නම්, සාමාන්‍ය ක‍්‍රියාකාරකම් වල යෙදී සිටිය දී අනපේක්‍ෂිත ලෙස නින්ද යයි නම්, රිය පැදවීම ආදී අවදානම් අවස්ථාවක දී නින්ද යයි නම්, රාත‍්‍රී නින්දේ දී අධික ලෙස ගෙරවීම, උදෑසනට ඇතිවන හිසරදය, උදෑසනට ශරීරයට ඇතිවන අධික තෙහෙට්ටුව ආදී රෝග ලක්‍ෂණ තිබෙනවා නම් නිසැකවම වෛද්‍ය උපදෙස් ලබාගත යුතු වේ.

දිවා කාලයේ ඇතිවන අධික නිදිමතට වෛද්‍ය ප‍්‍රතිකාර තිබේ ද?

මෙහි දී පුද්ගලයා තුළ විවිධ චර්යාත්මක වෙනස්කම් සිදුකළ හැකියි. උදාහරණ ලෙස ශරීරයේ බර අවම කරගැනීම, රාත‍්‍රී වැඩමුර නොකිරීම, මත්පැන් හා දුම්පානය නොකිරීම දැක්විය හැකියි. මීට අමතරව Sleep Apnea තත්ත්වය සඳහා රාත‍්‍රියට යම් යම් මෙවලම් වෛද්‍ය විද්‍යාවේ හඳුන්වා දී ඇත. සමහර විට ඖෂධ භාවිතය හෝ ශල්‍යකර්ම සඳහා යොමු වීම ද සිදුකරනු ඇත. ඉහත රෝග ලක්‍ෂණ ඇති අයෙකු නම් වෛද්‍යවරයෙකු වෙත යොමු වීම සුදුසු වන අතර, එහි දී රෝග විනිශ්චය අනුව රෝගියාට ප‍්‍රතිකාර ලබා දීම සිදුකරයි.

මෙවන් රෝග ලක්‍ෂණ පාසල් යන වයසේ කුඩා දරුවන්ටත් ඇති වීමට ඉඩ ඇත. පාසල් දරුවන්ට දිවා කාලයේ අධික නිදිමතට අමතරව පාසලේ ඉගෙනීම් කටයුතු වලට නිසි අවධානය යොමු නොකිරීම, සාමාන්‍ය තත්ත්වයට වඩා දරුවා ක‍්‍රියාශීලී වීම ඉක්මණින් සුළු දෙයකට තරහ ගැනීම ආදී රෝග ලක්‍ෂණ දරුවා තුළ පවතින්නේ නම් වෛද්‍යවරයෙකු වෙත දරුවා යොමු කිරීම ඉතාම සුදුසු වේ.

වෛද්‍ය ලේකඛාධිකාරී නදීෂ කුරුප්පුආරච්චි

නිරංජලා කෞශල්‍යා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.