lakbima.lk

කතුන් මුහුණ දෙන පැලෝපීය නාලයේ පිළිසිඳ ගැනීම්

“බඩ රිදෙනවා ඉන්න බෑ .... අනේ මොනවා හරි කරන්න”කියමින් ඉරිදා දිනයක සවස මහ රෝහලක ශල්‍ය වාට්ටුවට පැමිණෙන තිස්අට හැවිරිදි කාන්තාවකි. ඇය දැඩි වේදනාවකින් පසු වන බව මුහුණෙන් පෙනේ. අමාරුවෙන් පැමිණෙන ඇයගෙන් ප්‍රශ්න නොවිමසාම ඇඳකට යොමු කරන ලද අතර ඇඳට නගින්න තැත් කරන විට ඇය ක්ලාන්තව වැටුණාය. “දැන් කීප සැරයක් ක්ලාන්ත වුණා”ඇය සමග පැමිණ සිටි කාන්තාව කීවාය. දරුවන් තිදෙනෙකුගේ මවක් වූ රෝගියා ස්ථිර පවුල් සංවිධාන ක්‍රමයක් වන එල්.ආර්.ටී. සැත්කමට මුහුණ දී වසර කිහිපයක් ගතව තිබිණි. ඔසප් චක්‍රය තරමක් අක්‍රමවත් වීම ඇයට සාමාන්‍ය දෙයක් වූ බැවින් දින කිහිපයක් පසු වී තිබිම ඇය නොසලකා හැර තිබිණි. එල්.ආර්.ටී. සැත්කම කර තිබූ බැවින් නැවත දරුවකු පිළිසිඳ ගැනීමකට ඉඩ නැති බව ඔවුන්ගේ විශ්වාසය විය. “බඩේ කොතනද රිදෙන්නෙ?” ඇය මුළු උදර ප්‍රදේශය පුරාම අත යවා පෙන්වයි. උදරය පරීක්ෂා කරන වෛද්‍යවරයාට දැනෙන්නේ කාඩ්බෝඩ් එකක් මෙන් එය තද වී ඇති අයුරුය. “ඩොක්ටර් 101ට උණත් තියෙනවා”උණ කටුව දෙස දෑස යවමින් හෙද නිලධාරිනිය පවසයි. වේගවත් නාඩි වැටීම වෛද්‍යවරියගේ අතැඟිලි වලට දැනේ.

උදර කුහරය තුළ යම් රුධිර වහනයක් සමග ආසාදන තත්ත්වයක ආරම්භයක්ද පෙන්නුම් කර ඇත. බාහිර රෝගී අංශයේ වෛද්‍යවරයා මෙය ශල්‍ය වෛද්‍ය අංශයට අයත් රෝගී තත්ත්වයක් බව නිගමනය කර ඇති බවකි. එහෙත් නිසි පරිදි රෝග ඉතිහාසය සැලකූ වාට්ටුවේ වෙද්‍යවරියට මෙය පුපුරා ගිය එක්ටොපික් තත්ත්වයක් එනම් පැලෝපීය නාල වල පිළිසිඳ ගැනීමක් බවට සැක ඇතිවිය. සංකූලතා නිසා රෝග ලක්ෂණ වෙනස් වී ඇත. එවිට රෝග නිර්ණය අපහසුවේ. මෙම රෝගියා කාන්තා රෝග වාට්ටුවකට යැවිය යුතු අයෙකු වුවත් ඒවා සාකච්ඡා කිරීමට මේ වෙලාව නොවේ. අදාළ වාට්ටුවේ ශාල්‍ය වෛද්‍යවරයා දැනුවත් කරන ලද අතර ඔහු පැමිණ හදිසි ශල්‍යකර්මයක් සිදු  කරන ලදී. උදර කුහරය විවෘත කළ ඔවුන් දුටුවේ පැලෝපීය නාලයේ සිදුවූ පිළිසිඳ ගැනීමක් පුපුරා රුධිර වහනය වී පෙරිටෝනියම් පටක ආසාදනය කරමින් උදරය පුරාම පැතිරී තිබුණ අයුරුය. අදාළ ප්‍රතිකාර වලින් පසු ඒ මව සුවපත් විය ඇයට සිදු වූ රෝග තත්ත්වය කුමක්ද?මවගේ ඩිම්බ ෙසෙලයක් සහ පියාගේ ශුක්‍රාණු ෙසෙලයක් සංසේචනය වන්නේ පැලෝපීය නාලයේ දීය.

එසේ හට ගන්නා යුක්තානුව ගර්භාෂය වෙත පැමිණ ගර්භාෂයේ ඇතුල් බිත්තිය මත තැන්පත් වී දරුකු බවට වැඩීම ආරම්භ වීම සාමාන්‍ය ක්‍රමයයි. එහෙත් විවිධ හේතු නිසා සොබාදහම සැලසුම් කළ මේ ක්‍රමයට කටයුතු සිදු නොවී වෙනත් සංකූලතා ඇති වේ. ගර්භණී කාන්තාවන්ගෙන් 1කට පමණ වන සංකූලතාවයකි. ජ්ජබධනඪජ නපඥඨදචදජර නැතහොත් ගර්භාෂයෙන් පිටත සිදුවන පිළිසිඳ ගැනීම. ඒ අතරින් 96ක්ම පැලෝපීය නාලය තුළ සිදුවන පිළිසිඳ ගැනීම්ය. මෙසේ වන්නේ ඇයි? සංසේචිත යුක්තානුව ෙසෙල බෙදෙමින් වැඩෙන අතර එය ගර්භාෂය දක්වා යන මාවත වන පැලෝපීය නාලය දිගේ ගමන් කළ යුතුය. එහෙත් නාලයේ බාධක අවහිර ඇත්නම් ඒ ගමනට යාමට නොහැකිය. කළලය නාලය තුළම වර්ධනය වීමට පටන් ගනී. මේ අවහිරතා ඇති වන අවස්ථා මොනවාද? ක්ලැමීඩියා, ගොනෝරියා ආදි බැක්ටීරියා ආසාදන තත්ව නිසා නාලයේ අභ්‍යන්තර පටක වල සුමුදුභාවය නැති වේ. සමහරවිට නාලය සම්පූර්ණයෙන්ම අවහිර වුවද තිබිය හැකිය.

මින් පෙර සිදු කළ පැලෝපීය නාලයේ ශල්‍යකර්ම නිසාද මෙවැනි අවහිරතා ඇති විය හැකිය. පැලෝපීය නාලයක් යනු කළලයකට වැඩීමට හැකි තැනක් නොවේ. ක්‍රමයෙන් විශාල වන කළලය නිසා එය තවදුරටත් දරා ගත නොහැකිව පැලෝපීය නාලය පුපුරා යයි. එවිට සිදු වන අභ්‍යන්තර රුධිර වහනය නිසා කම්පන තත්ත්වයකට පත් වී රෝගියා මිය යෑමට ඉඩ තිබේ. ප්‍රතිකාරය හදිසි ශල්‍ය කර්මයකි. මෙවන් සංකූලතා ඇති විය හැක්කේ කාටද? මවගේ වයස අවුරුදු 35ට වැඩිවීම, මින් පෙර එක් වතාවක් හෝ කීප වතාවක් පැලෝපීය නාල පිළිසිඳ ගැනීම් ඇති වී තිබිම, මින් පෙර ශේ‍රා්ණිය ආශ්‍රිත ශල්‍ය කර්ම සිදු කර තිබිම, ශේ‍රා්ණි ප්‍රදේශය ආශ්‍රිතව සිදු වන ආසාදන, සාපරාධී ගබ්සාවන්වලට මුහුණ දී තිබිම, ස්ථිර පවුල් සංවිධාන ක්‍රමයක් වන ඹ්අඊ සැත්කම සිදු කරගෙන තිබිම, ගර්භාෂගත ලූපය පාවිච්චි කිරීම, දුම්පානය, එන්ඩොමෙට්රියෝසිස් නම් රෝගය ඇති අය, මදසරුභාවය සඳහා වෛද්‍ය ප්‍රතිකාර ගැනීම, පැලෝපීය නාල තුළ පිළිසිඳ ගැනීම් ඇති වීමේ ඉඩකඩ වැඩි කරයි.

 රෝග ලක්ෂණ මොනවාද? මාසික ඔසප්වීම නැවතී සති හතරක් දහයක් පමණ ගත වෙද්දි යටි බඩ පෙදෙසින් දැනෙන විනාඩි කිහිපයක් තිබි නැති වී නැවත ඇති වන තියුණු දැඩි වේදනාව වැදගත්ම රෝග ලක්ෂණයයි. මෙය අභ්‍යන්තර ‍ලේ ගැලීමක් සිදු වී ඇත්නම් මහා ප්‍රාචීරයට යටින් රුධිරය එකතු වන නිසා උරහිස, ගෙල ප්‍රදේශයේද වේදනාව හට ගත හැකිය. යෝනි මාර්ගයෙන් යම් රුධිර වහනයක් සිදු වීම මෙය සාමාන්‍ය ඔසප් වීමකදීට වඩා අඩු හෝ වැඩි විය හැකිය. උදරයේ අපහසුතාද ඇති විය හැකිය. දුර්වලගතිය, හිස කරකැවිල්ල සහ ක්ලාන්ත වීම අවධානය යොමු කළ යුතුම ලක්ෂණයකි. ගබ්සා වීම, මුත්‍රා ආසාදන, ඩිම්බකෝෂ වල සිදු වන හදිසි ඇඹරීම, ඇපෙන්ඩිසයිටිස් ආදී රෝග වලදීද මීට සමාන රෝග ලක්ෂණ ඇති වන බැවින් රෝග නිර්ණය කිරීමට රෝග ඉතිහාසය ඉතා සැළකිලිමත්ව වෛද්‍යවරයාට පැවසිය  යුතුය. 

රෝග නිර්ණයේදී රෝග ඉතිහාසය නිවැරදිව ගැනීම අත්‍යාවශ්‍ය බැවින් ඕනෑම කාන්තාවක් තමාගේ රෝග ලක්ෂණ පිළිවෙළින් පැහැදිලිව දින වකවානු ඇතිව වෛද්‍යවරයාට පැවසීම බොහෝ පරීක්ෂණ වලට වඩා වැදගත්ය. කාන්තා රෝග විශේෂඥ වෛද්‍යවරයකුගෙන් ප්‍රතිකාර ගත යුතු අතර ගැබ් ගැනීමක් බවට ස්ථිර කර ගැනීමට පළමුව රුධිරයේත් පසුව මුත්‍රා වලත් දක්නට ලැබෙන ඩඛිට් නම් හෝමෝන පරීක්ෂාවත්, යෝනි මාර්ගය තුළින් () පරීක්ෂාවත්, උදරයේ ස්කෑන් පරීක්ෂාවත් මගින් රෝගය නිර්ණය කර ගත හැකිය. 

වෛද්‍ය ලංකා සිරිවර්ධන

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.