lakbima.lk

සමේ ඇතිවන හැම අඳුරු පැල්ලමක්ම පිග්මන්ටේෂන් නොවේ

උපතින්ම අපට උරුමවන සමේ පැහැයට බලපාන්නේ අපේ සමේ ඇති වර්ණක ෙසෙලයි. වර්ණක ෙසෙල වල ප්‍රමාණය, පැතිර පවත්නා ආකාරය සහ වර්ණක ෙසෙල ප්‍රභේදය අනුව අපට අපේ සමේ පැහැය අඩු වැඩි වශයෙන් උරුම වේ.
සූර්යාලෝකයේ අඩංගු අහිතකර කිරණවලින් සම ආරක්ෂා කරන්නට පෙරමුණ ගන්නේද මෙම වර්ණක ෙසෙලයි. තද සූර්යාලෝකයට නිරාවරණය වන අපේ වැනි රටවල ජීවත්වන්නන්ට සුදු පැහැ සමක් උරුම නොවූයේ අපේම යහපත සඳහාය. බටහිර ජාතිකයන්ට මෙන් අපටත් සුදු සමක් උරුම වූවා නම් මෙතරම් තද සූර්යාලෝකයකට නිරාවරණය වන අපේ සම රැලි වැටී දුර්වර්ණ වී වියපත් ලක්ෂණ ඉක්මනින්ම පෙනෙන්නට පටන් ගැනීම නොවැළැක්විය හැකිය. එහෙත් එවැනි සුදු සමක් ස්වභාව ධර්මයෙන්ම අපට උරුම නොවීම නිසා සූර්යාලෝකයට කොතරම් නිරාවරණය වුවද එලෙස වියපත් ලක්ෂණ ඇතිවීම අවම කරන්නට හේතු වන්නේද අපට උරුම සමේ පැහැයයි.
ඊට අමතරව සූර්යාලෝකයට නිරාවරණය වීම නිසා සමේ හට ගන්නා පිළිකා වලින් අපව ආරක්ෂා කරන්නේද වඩා සුදු නොවූ අපට ආවේණික සමේ පැහැයයි. එහෙත් තම තමන්ට ආවේණික වූ එම සමේ පැහැය පිළිබඳව පසුතැවිලි වෙමින් සුදු පැහැ සමක් උරුම කර ගන්නට නොයෙක් ආ‍ලේපන ගැල්වීමට යෑමෙන් අප අහිමිකර ගන්නේ අපට ස්වභාව ධර්මයෙන්ම උරුම වූ ඒ ආරක්ෂාවයි. ආ‍ලේපන හෝ වෙනත් ක්‍රම මගින් අපට උරුම සමේ පැහැය එලෙස වෙනස් කර ගත්තද එය කිසිවිට හැමදාටම පවතින වෙනසක් නොවේ. නැවත ෙසෙල වර්ධනය වන විටදී අපට උරුම සමේ පැහැය නැවත ඒ ආකාරයෙන්ම ලැබෙන නිසා කෘත්‍රිමව සුදු වීම සදාකාලික නොවන බව අවබෝධකර ගත යුතුවේ. සුදු පැහැ සමක් උරුමකර ගැනීම බොහෝ අයගේ සිහිනය වුවද වඩා වැදගත් වන්නේ ලප කැලැල් නැති පැහැපත් හා නිරෝගී සමක් මිස සමේ සුදු පැහැය නොවේ.
එහෙත් නොයෙක් හේතු නිසා සමේ කළු හෝ අවපැහැ පැල්ලම් ඇතිවෙන අවස්ථා තිබේ. එවැනි විටකදී නම් ප්‍රතිකාරයකට යොමුවීම අවශ්‍ය වන්නකි. මේ ආකාරයට සමේ කළු පැහැ පැල්ලම් හට ගන්නට බලපාන හේතු කිහිපයක්වේ. අපේ සමේ අපිචර්මයේ වර්ණක ෙසෙල ප්‍රමාණය වැඩිවීම හේතුවෙන්ද එවැනි කළු පැහැ පැල්ලම් හට ගනී.
එම වර්ණක ෙසෙල අපිචර්මයෙන් චර්මය දක්වා පැතිර යෑම චර්ම රෝගී තත්ත්වයකි. එලෙස වර්ණක ෙසෙල චර්මය දක්වා පැතිර පවතින අවස්ථා මෙන්ම චර්මය අපිචර්මය යන ස්ථර දෙකෙහිම පවතින අවස්ථාද තිබේ. එලෙස වර්ණක පැතිර පවතින ආකාරය අනුව රෝග තත්ත්වය වෙනස් වන අතර එවිට නිසි රෝග විනිශ්චයකට පසුව ප්‍රතිකාර ක්‍රම නියම කරන්නට සිදුවේ. ඒ අනුව කළු පැල්ලමක් තිබූ පමණින් ඒ සඳහා සිදු කරන ප්‍රතිකාර එකිනෙකට වෙනස් වන බව ඔබට අවබෝධ විය යුතුය. පැල්ලම් සඳහා කෙනෙකුට සාර්ථක වූ ප්‍රතිකාරයක් හෝ වෙනත් ආ‍ලේපනයක්, තවත් අයෙකුට සාර්ථක ප්‍රතිඵල ගෙන දේවි යැයි තම තමන්ටම තීරණය කරන්නට නොහැකි බව මේ අනුව ඔබට පැහැදිලි විය යුතුය.
මුහුණේ හට ගන්නා ඕනෑම කළු පැහැ පැල්ලමක් පිග්මන්ටේෂන් යැයි කියා බොහෝ අය තීරණය කරන අවස්ථා තිබේ. ඒ අනුව  පිග්මන්ටේෂන් සඳහා කෙනෙකුට සාර්ථක ප්‍රතිඵල ළඟා කර දුන් ආ‍ලේපන ගල්වා සුවය බලා‍පොරොත්තු වෙති. එහෙත් ඒ ආකාරයේ කළු පැල්ලම් සෑම විටම පිග්මන්ටේෂන් නම් චර්ම රෝගී තත්ත්වයම නොවිය හැකිය. උපන් ලප ආකාරයට මෙන්ම සමේ පිළිකා තත්ත්වයක මුල් අවස්ථාවේදීද එවැනි කළු පැහැ පැල්ලම් හටගත හැකිය.

මුහුණේ කළු පැහැ පැල්ලම් හටගත හැකි අවස්ථා

මිලි මීටරයක් හෝ දෙකක් අතර ප්‍රමාණයේ වූ තිත් ආකාරයේ කළු පැහැ පැල්ලම් ජානමය බලපෑමෙන් බොහෝ විට උරුම වන්නකි. නිතර හිරු එළියට නිරාවරණය වීම නිසා එවැනි තත්ත්වයක වර්ධනයක් ඇතිවිය හැකි අතර සුදු පැහැ සමක් ඇති විට මෙම කළු පැහැති ස්වභාවයේ වැඩි බලපෑමක් දැකිය හැකිය.
මැදිවියේ අයගේ කම්මුල දෙපස හට ගන්නා කළු පැහැ පැල්ලම් හෝමෝන ගැටලු නිසාත්, ජානමය බලපෑම් නිසාත්, උපත් පාලන පෙතිවල අතුරු ඵලයක් ලෙසත් ඇතිවිය හැකිය. ගර්භණී සමයේ හට ගන්නා මෙවැනි කළු පැහැවීම් දරු ප්‍රසූතියෙන් පසු ඉබේම නැති වී යයි. කුරුලෑ ආදී සමේ නොයෙකුත් රෝගී තත්ත්වයන් සුව වීමෙන් පසුවත් නිතර හිරු එළිය හා ගැටීම නිසාත් මෙවැනි කළු පැල්ලම් ඇතිවන අවස්ථා තිබේ.
* සමට ගල්වන ආ‍ලේපන හිරුඑළිය සමග ක්‍රියාකාරිවීමේ ප්‍රතිඵලයක් ලෙසද කළු පැහැ පැල්ලම් හට ගනී.
* සම සුදුකර ගන්නට දීර්ඝකාලීනව ආ‍ලේප කරන ක්‍රීම් වර්ග හේතුවෙන්ද පසුකාලීනව මෙවැනි තත්ත්වයක් ඇතිවිය හැකිය.
* හෝමෝන අසමතුලිතතාවයන් නිසාත් අධික ස්ථුලතාවය නිසාත් කළු පැහැ පැල්ලම් හට ගන්නා අතර එවැනි තත්ත්වයකදී අභ්‍යන්තරික හේතුව නිශ්චිත කර ගනිමින් ප්‍රතිකාර කරන්නට සිදුවේ.
මේ ආකාරයට අපේ ශරීරයේ හට ගන්නා කළු පැහැ පැල්ලම් එකම ස්වභාවයේ ඒවා නොවන බව දැන් ඔබට පැහැදිලි ඇති. ඒ අනුව වෛද්‍ය ප්‍රතිකාර ක්‍රමද එකිනෙකට වෙනස්වේ. ආ‍ලේපන ආකාරයට, ‍ලේසර් ප්‍රතිකාර, කෙමි කල් ෆීලිං, ශරීර අභ්‍යන්තරයට ලබා දෙන ඖෂධ ආකාරයට මෙම ප්‍රතිකාර ක්‍රම වෙනස්විය හැකිය.
යන්තම් සුව වන විටදීම ප්‍රතිකාර නතර කර දැමීම නිසා නැවත නැවත එවැනි පැල්ලම් හට ගැනීමේ වැඩි හැකියාවක් ඇති හෙයින් වෛද්‍ය උපදෙස් වලට අනුකූලව ප්‍රතිකාර ගැනීම වැදගත්වේ.

චර්ම රෝග
විශේෂඥ වෛද්‍ය
නයනි මදරසිංහ
අවධාරණය කරයි

උත්පලා සුභාෂිනී ජයසේකර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.