lakbima.lk

ඔබත් මේ රෝගයේ ගොදුරක් ද ?

අලුතින්ම රෝග ගැන දැනගැනීමට අපේ මිනිසුන් තුළ තිබෙන්නේ පුදුමාකාර කැමැත්තකි. “ඔයා දන්නවද අලුතින් විෂබිජයක් හොයාගෙනලු නේද?”
“අර අලුත්ම වෛරස් රෝගෙට තාම බේත් හොයාගෙන නැහැල්ලු”
“ඒක හරිම භයානකයිලු. හැදුනොත් මැරෙනවලු” පිරිසක් එකතුව ස්ථානයකදී මෙවැනි අදහස් හුවමාරුවීම් ඕනෑ තරම් අපට අසන්නට ලැබේ. 
අප අතර දැනටමත් තිබෙන එසේම දිනෙන් දින වැඩි වැඩියෙන් මෙහි ගොදුරුබවට පත්වන සංඛ්‍යා ඉහළ යන අලුත්ම රෝගයක් ගැන ඉඟියකි. මේ, මෙය ලංකාවේ පමණක් නොව ලෝකය පුරාම අයට අහිතකර සෞඛ්‍ය ගැටලු මවා දෙන්නක් බවට පත්ව හමාරය. මෙය අන්කිසිවක් නොව ඉදගෙන සිටීමට තිබෙන ඇබ්බැහියාව නිසා හටගන්නා “Sitting Disease” නැමැති තත්ත්වයයි.  
“අද බස් එකකට නැංගා, එනකම්ම හිටගෙනනෙ. මට නම් එපා වෙලයි අද ආවෙ“
“එදා උත්සවයේ දවසේ ඉදගන්ඩ තැනක් නෑ අනේ. හරිම සවුත්තුයි“ මෙවැනි මැසිවිලි තුළ රැඳී තිබෙන්නේ ඉඳගැනීමට අප තුළ පවතින ඇබ්බැහියාව නොවේද? කල්පනාකර බලන්න. ඔබ ඇඳෙන් බැස්ස වහාම දිව යන්නේ නාන කාමරයට නොවේද? ඒ කටයුතු කරන්නේ පුටුවක් වැනි බේසමක් මත හිඳගෙනය. ඉන්පසු උදේ ආහාරය ගන්නේ මේසයේ තබාගෙන පුටුවක් මත හිඳගෙන නේද? ඇඳ පැලඳ ගෙන කාර්යාලයට හෝ වෙනත් තැනකට හෝ යන්නේ වාහනයේ ඉඳගෙන නේද? අනතුරුව කාර්යාලය තුළ කොපමණ පැය ගණනක් ඔබ හිඳගෙන ගතකරයිදැයි සිතා බලන්න. ඉන්පසු නැවත වාහනයට නැවත පුටුවේ රූපවාහිනිය නැරඹීමට ආහාර ගැනීමට අනතුරුව ඇඳට? මේ දින චර්යාව තුළ ඔබ වැඩිම පැය ගණනක් ගතකර තිබෙන්නේ හිඳගෙන සිටින ඉරියව්වෙන්ම නේද?
විශේෂයෙන්ම කාර්යාල වල සේවය කරන්නත් මුළු දිවා කාලයම ගෙවා දමන්නේ පුටුවටම සීමා වූ කාර්යයන් වලය. “අද ඔන්න දැනුයි මේ නැගිට්ටෙ උදේ ඉදගත්තු ගමන්. යකා බැද ගත්තා වගේ වරක් මුත්‍රා පිටකිරීමට වැසිකිළියට යාවි. 
බසයේ ආසනයක් නොලැබුනු විට හෝ වෙනත් තැනකට ගොස් ආසනයක් නොලැබුනු විටෙක කනගාටුවීමකට වඩා ඔබ කළ යුත්තේ සතුටු වීමය. ඔබ වැඩි පැය ගණනක් තිස්සේ ඉඳගෙන සිටි ඉරියව්ව වෙනස්කර ඔබේ සෞඛ්‍යය යහපත් කරවීමට ඔබට ලැබුනු මහඟු අවස්ථාවක් ලෙස එය පිළිගන්න. 
 
කොළඹ විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ළමා රෝග පිළිබඳ මහාචාර්ය පූජිත වික්‍රමසිංහ අවධාරණය කරයි
 
කොළඹ සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ කළ දේශනයක් ඇසුරිනි නිර්මලා කුමාරි සේනාරත්න

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.