lakbima.lk

ඔසප් චක්‍රය අක්‍රමවත් විය හැකි හේතු

බොහෝ කාන්තාවන් තුළ දක්නට ලැබෙන ප්‍රධාන ශාරීරික ගැටලු අතරින් එකක් ලෙස ඔසප් චක්‍රය අක්‍රමවත් වීම දැක්විය හැකිය. අක්‍රමවත් ඔසප් වීමක් සඳහා වන හේතූන් මොනවාද? 
අපි ඒ ගැන විමසා බලමු. 
සාමාන්‍යයෙන් කාන්තාවකට දින 28-30ත් අතර කාලයට වතාවක් ඔසප් වීම සිදුවේ. මෙය නිරෝගී බවේ ලක්ෂණයක් ලෙස සඳහන් කළ හැකිය. 
ඔසප් චක්‍රය අක්‍රමවත් වීම සඳහා හෝර්මෝන අසමතුලිතතාව හේතුවෙයි. බටහිර වෛද්‍ය විද්‍යාවේදී ඛිච් ලෙස මෙම රෝගය හඳුන්වනු ලබයි. සාමාන්‍යයෙන් කාන්තාවකගේ ඩිම්බ කෝෂවලින් මාරුවෙන් මාරුවට මාසයකට වතාවක් ඩිම්බ පිටවිය යුතුය. නමුත් ඇතැම් කාන්තාවන්ගේ එක ඩිම්බයක් හෝ පිට නොවීම දැක ගත හැකිය. මෙම තත්ත්වය මද සරු භාවය දක්වා වර්ධනය විය හැකි අතර එවන් අවස්ථාවල ඵජචද පරීක්ෂණයක් මගින් මේ තත්ත්වය හඳුනාගත හැකිවේ.
 
ඔසප් චක්‍රය අක්‍රමවත් කාන්තාවන්ගේ 
* ශරීරයේ බර වැඩිවීම
* බෙල්ල දෙපැත්තේ සහ මුහුණේ ඇතැම් ස්ථාන කළු වීම
* රැවුල වැවීම
* උදරයේ සහ පපුවේ රෝම වර්ධනය වීම
වැනි බාහිර ශරීර ලක්ෂණ බොහෝ විට දැකගත හැකිය. තවද මුහුණේ කුරුලෑ හට ගැනීම, කොණ්ඩයේ ගණකම අඩු වී කොණ්ඩය යාම, හිස්හොරි වර්ධනය වීම වැනි ලක්ෂණද පැවතීමට පුළුවන. 
වර්තමානයේ තරුණියන් තුළ විශේෂයෙන් පාසල් වයසේ ගැහැනු දරුවන් තුළ, විශ්වවිද්‍යාල සිසුවියන් තුළ අක්‍රමවත් මාස් ශුද්ධිය හේතුවෙන් ඇතිවන මෙවැනි ශාරීරික වෙනස්කම් රැසක් දැක ගත හැකිය. මෙම වෙනස්වීම් ප්‍රධාන රූපලාවන්‍ය ගැටලු බවටද අද පත්වී තිබේ. 
ඔසප් චක්‍රය අක්‍රමවත් වීම සඳහාත් ඒ හේතුවෙන් සිදුවන ශාරීරික වෙනස්වීම් සඳහාත් කාන්තාවන්ගේ මානසික ආතතිය, ආහාර පුරුදු, ව්‍යායාම රහිත වීම ප්‍රධාන ලෙස හේතු වී තිබේ. බොහෝ කාන්තාවන් නිරන්තරයෙන් මානසික පීඩනයකින් පසුවන බවක් දැක ගත හැකිය. එනම් විවිධ විභාග හේතුවෙන් වන පීඩනය, අවිවේකය මෙන්ම කෘත්‍රීම ආහාර වර්ග, ක්ෂණික ආහාර, ජාන වෙනස් කරන ලද ආහාර ගැනීමත්, අවිවේකී ජීවන රටාව හමුවේ ශරීරයට ව්‍යායාම රහිත වීමත් ඔසප් චක්‍රය අක්‍රමවත් වීම සඳහා වන හේතු සාධක බවට පත්වී තිබේ. 
එසේම කාර්යබහුල ජීවන රටාව තුළ උපකරණ භාවිතය නිසාවෙන් ශරීරය වෙහෙසා වැඩ නොකිරීම, මහන්සි නොවීම, සිට ගෙන සිටීම හෝ ඉඳගෙන සිටීම යන ඉරියව් දෙක පමණක් සිදු කිරීම යනාදී ව්‍යායාම රහිත ජීවිතද ඔසප් චක්‍රය අක්‍රමවත්වීම සඳහා හේතුවෙයි. 
ඔසප් චක්‍රය අක්‍රමවත් වීමට ආයුර්වේද වෛද්‍ය විද්‍යාව තුළ ප්‍රතිකාර, ඖෂධ ඇති අතර පළමුව සිදු කරනු ලබන්නේ යහපත් ආහාර පුරුදු ඇති කර ගැනීම එනම් ආහාරයේ 
ස්වභාවය, වර්ගය, ආහාරයට ගන්නා ක්‍රමය පිළිබඳ සැළකිලිමත්වීම, යහපත් මානසික තත්ත්වයක් පවත්වා ගැනීම, යහපත් සිතුවිලි ඇති කර ගැනීම, ඊර්ෂ්‍යාව, වෛරය, ක්‍රෝධය වැනි අයහපත් සිතුවිලිවලින් මිදීම, ශරීරය වෙහෙසා ව්‍යායාමවල නිරත වීම සඳහා උපදෙස් ලබා දීමයි. ඉන්පසු නියමිත ඖෂධ පන්තියක් ලබාදීම සඳහා ආයුර්වේද ප්‍රතිකාර ක්‍රමවලට යොමු කිරීම සිදු කරනු ලබයි. 
 
උපදෙස් කොළඹ 08 ජාතික ආයුර්වේද ශික්ෂණ රෝහ‍ලේ වෛද්‍ය හේලි ප්‍රතාපසිංහ
 
සැකසුම සුවිනි ඉන්දීවරි හෙට්ටිආරච්චි  

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.