lakbima.lk

තරබාරු බව මට්ටු කළ හැකි එකම සහ ප්‍රධානම ක්‍රමවේදය

අතීතයේදී මෙන් නොව මේ වන විට තරබාරු බව අතිශය සුලභ තත්ත්වයක් බවට පත්ව තිබේ. ඒ පිළිබඳව අපට මේ තරමට කතා කරන්නට සිදුවී ඇත්තේ තරබාරු බව තුළ පවතින්නේ පිටින් දකින්නට තිබෙන අසුන්දර බව පමණක්ම නොවන නිසාය. තරබාරු බවත් සමග ඈඳී බෝ නොවන රෝග  ගණනාවක්ම එක පෙළට පැමිණෙමින් මිනිසුන්ගේ ආයු කාලය බොහෝ සෙයින් අඩු කරන්නට එය හේතුවනු ඇත.

දියවැඩියාව, අධිරුධිර පීඩනය, ‍පොලිසිස්ටික් ඕවරි, ඩින්ඩේ‍රා්, හෘද රෝග, අංශභාගය, නින්දේදී ඔක්සිජන් අඩුවන ධඡඵබපභජබඪමඥ ඵතඥඥනඵධදධපච නම් රෝගී තත්ත්වය, හන්දි රෝග, ගර්භාෂ පිළිකා, ආහාර මාර්ගයේ පිළිකා, පියයුරු පිළිකා වැනි පිළිකා තත්ත්වයන් ඇතුළු බරපතළ රෝග ගණනාවක් සමග බැඳී පවතින්නේ අධික තරබාරු බවයි.

තරබාරු බව නැතිනම් ස්ථුලතාවය ලෙස හැඳින්වෙන්නේ සිරුරේ අධිකව මේදය තැනපත් වීමයි. එම තත්ත්වය නිර්ණය කර ගැනීමට විවිධ වූ ක්‍රමවේද පවතී. ඒ අතරින් ස්ථුලතාවය හඳුනා ගන්නට සුලභව යොදා ගන්නා ක්‍රමවේදය ශරීර ස්කන්ධ දර්ශකය ගණනය කිරීමයි.

කිලෝග්‍රෑම්වලින් ගත් ශරීරයේ බර මීටර්වලින් ගත් උසෙහි වර්ගයෙන් බෙදූ විටදී ලැබෙන්නේ ශරීර ස්කන්ධ දර්ශකයයි. ඕර් අගය ලෙස එය කෙටියෙන් හඳුන්වනු ලබයි. ඕර් අගය 18.5ට වඩා අඩු අගයක් නම් එය අඩු බරකි. 18.5 සිට 22.9 දක්වා වූ අගයක් වේ නම් එය සාමාන්‍ය තත්ත්වයකි. ඕර් අගය 23 සිට 24.9 දක්වා නම් එය තරබාරු බවට අවදානමක් ඇති තත්ත්වයකි. එම අගය 25 හෝ ඊට වටා වැඩි නම් ඔවුන් තරබාරු බවත් සමග ජීවත්වන්නන් ලෙස සලකනු ලබයි.  

ඊට අමතරව උදරය වටා මේදය තැන්පත් වී ඇති ප්‍රමාණයට අනුවද උදරය ආශ්‍රිත තරබාරු බව හඳුනා ගැනීම සිදු කරයි. එහිදී කාන්තාවකගේ නම් උදරය වටා පරිධිය සෙ.මී. 80ට වැඩි නම් සහ පුරුෂ පාර්ශ්වයේ එය සෙ.මී. 90ට වැඩි නම් උදරය ආශ්‍රිත තරබාරු බවෙන් පෙළෙන බව හඳුනාගත යුතු වේ.

මෙවැනි කවර ක්‍රමවේදයකට අනුව හෝ තරබාරු බවෙන් පෙළෙන බව හඳුනාගත් විටදී ඉන් අත්මිදීමට පියවර ගැනීම අත්‍යවශ්‍යව වන්නේ පෙර කී මාරාන්තික රෝග තත්ත්වයෙන්ද වැළකී ජීවත් වීම වැදගත් වන නිසාය.
ආහාර පාලනය ප්‍රමුඛ කොට ගනිමින් ජීවන රටාව වෙනස් කිරීම තරබාරු බවෙන් අත්මිදිය හැකි හොඳම සහ ප්‍රධානම ක්‍රමවේදයයි. ඖෂධවලට හෝ ශල්‍යකර්මයක් වෙතට යොමු විය යුතු වන්නේ ඒ කිසිවකින් තරබාරු බව මට්ටුකර ගන්නට නොහැකි වූ විටදී පමණි.

ආහාර පාලනය පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් විය හකි අතර එය සියලු දෙනාටම එකම ආකාරයකට කළ හැකි දෙයක් නොවේ. එසේ වුවද ආහාර පාලනය කිරීමේ මූලික සිද්ධාන්ත කිසිවිට වෙනස් වන්නේ නැත. ප්‍රධාන වශයෙන් සිරුරට දමා ගන්නා මේදය හා කාබෝහයිඩේ්‍රට් ප්‍රමාණය පාලනය කිරීම වැනි මූලික සිද්ධාන්ත සියලු දෙනාටම එකය. ආහාර පාලනය මගින් තරබාරු බව මට්ටුකර ගන්නට උත්සාහ දරන කෙනෙකු මේදය සහ කාබෝහයිඩේ්‍රට් අඩුවෙන් අන්තර්ගත සමබල ආහාර වේලක් ලබා ගැනීම වැදගත්ය.

තරබාරු බවෙන් අත්මිදීමේ සිහිනයෙන් පෙළෙන අයෙකු සෑම විටම සුදු සීනි, පාන්පිටි ආහාර, චොකලට්, කේක්, බිස්කට් වැනි පැණි රස ආහාර, කුරුට්ට ඉවත් කළ සහල්, රස කළ පැණි බිම හා රස කළ කිරි වැනි ආහාරපාන මෙන්ම මේදය අධික ආහාරවලින්ද දුරස් විය යුතුය. ඒ අතර මේදය වැඩි ආහාරවලින් හැකිතාක් වැළකී සිටීමද වැදගත්ය. මේදය වර්ග අතුරින් සංතෘප්ත මේදයෙහි අහිතකර බව වඩා වැඩිය. මස්, චීස්, බටර්, ‍පොල්තෙල් වැනි සංතෘප්ත මේද ආහාර හෘදයබාධ කෙරෙහි බලපෑමක් ඇති කරවයි. බොහෝ අය එතරම් අහිතකර නැතැයි සිතන අසංතෘප්ත මේදය වුවද ස්ථුලතාවය කෙරෙහි බලපාන නිසා සියලු මේද ආහාර වලින් දුරස් වී සිටීම සුදුසුය.

බත් පතේ සියලු මාළු පිනි තෙල් දමා හෝ තෙම්පරාදුකර රසවත් කර ගන්නා අය සිටිති. උදෑසන රැකියාවට යනවිට රැගෙන යන්නට පිසින ආහාර දවල් වන විටදි පිළුණු වේ යැයි සිතා එසේ කළද ඉන් වන හානිය ඔවුන් නොසිතන තරම්ය. ඇතුළත පිටත සියලු තැන් තෙල් වලින් නැහැවුණු පේස්ට්‍රි වැනි කෙටි ආහාර වලින් අත්මිදිය නොහැකි නම් ඔවුනටද සිදුවන්නේ සදාකල් තරබාරු බවත් සමගම ජීවත් වන්නටය.

පිෂ්ඨය රහිත එළවළු වෙත වැඩිපුර යොමුවීම
 

එතරම් මුදලක් වැය නොවන බණ්ඩක්කා, මෑ, බෝංචි, පතෝල, සලාද වර්ග හා මැල්ලුම් වර්ග පිෂ්ඨය රහිත එළවළුවලට උදාහරණ කිහිපයකි. එහෙත් එම එළවළු වර්ග පිසීමේදිද අධික ලෙස තෙල් හෝ කිරි එකතු කරනවා නම් එවිට අප බලා‍පොරොත්තු වන යහපත ලැබෙන්නේ නැත. හැකි සෑම විටම නොපිසූ ආහාරයක් ලෙස ආහාරයට ගත හැකි නම් පිෂ්ඨය රහිත එවැනි එළවළුවක යහගුණ ඒ ආකාරයෙන්ම අපට ලබාගත හැකිය.

 

තවත් සමහර අය එබඳු ගුණදායක එළවළු වර්ගවලට පවා අධිකව මිරිස් තුනපහ එකතු කරමින් පිළියෙල කර ගනිති. එවිට එබඳු ගුණදායක එළවළු වැඩිපුර ආහාරයට ගන්නට නොහැකි වනවා පමණක් නොව ඒවායේ ඇති මිරිස්, තුනපහ රස අකාමකා ගන්නට පිෂ්ඨය අඩංගු බත්, ඉඳිආප්ප, පාන් වැනි ආහාර වැඩිපුර එකතු කර ගන්නට පෙලඹිය හැකිය. එවිටද අප බලා‍පොරොත්තු වන යහපත සැලසෙන්නේ නැතිවා පමණක් නොව හිතකර නොවන පිටි ආහාර අත්‍යවශ්‍ය ලෙස ශරීරගත වීමද සිදුවේ.

පිෂ්ඨය රහිත එළවළු ආහාරයට එක්කර ගැනීමන් ලැබෙන යහපත හීන වන්නට ඊට අධිකව ලුණු එකතු වීමද බලපායි. කොතරම් හොඳ එළවලු වර්ගයක් වුවද ඊට වැඩිපුර ලුණු එකතු වී ඇත්නම් ඉන් සිරුරට ලුණු වැඩි එවැනි එළවළු වැඩිපුර කන්නට කන්නට ශරීරගත වන ලුණු ප්‍රමාණයද වැඩි වන අතර එය රුධිර පීඩනයට අහිතකර බලපෑමක් එල්ල කරයි.

ශරීර ස්කන්ධ දර්ශකය (BMI අගය)

* ශරීර ස්කන්ධ දර්ශකය          - බර ( කි.ග්‍රෑ වලින්)
                                          උසෙහි වර්ගය (මීටර් වලින්)

* ශරීර ස්කන්ධ දර්ශකය වර්ගීකරණය
අඩු බර - 18.5 ට වඩා අඩු
සාමාන්‍ය බර - 18.5 - 22.9
තරබාරු බවට අවදානම - 23 - 24.9
තරබාරු බව - 25 හෝ ඊට වැඩි

* උදරය ආශ්‍රිත තරබාරු බව

              කාන්තාවන්ට උදරය වටා පරිධිය සෙ.මී. 80ට වැඩි
             පිරිමින්ට - උදරය වටා පිරිධිය සෙ.මී. 90 වඩා වැඩි

* අපේ රටේ ජනගහනයෙන් 25 -
තරබාරු වීමේ අවදානමකින් යුතුයි
9.2 තරබාරු
26.2

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ දියවැඩියාව සහ හෝමෝන විශේෂඥ වෛද්‍ය  මුදිතා වීරක්කොඩි
(MBBS (Col) MDC (Col), MRCP (UK), MRCP - Diabetes and Endocrinoloss (UK)

 උත්පලා සුභාෂිනී ජයසේකර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.