lakbima.lk

මධුමේහය හෙවත් දියවැඩියාව සඳහා වන ආයුර්වේද ප්‍රතිකාර හා විහරණ විධි පිළිබඳ වන මේ ලිපිය මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද වෛද්‍ය චූලා විජේරත්න හා කළ සාකච්ඡාවක් ඇසුරෙන් ලියවේ. මධුමේහය හෙවත් දියවැඩියාව සඳහා වන ආයුර්වේද ප්‍රතිකාර හා විහරණ විධි පිළිබඳ වන මේ ලිපිය මධ්‍යම පළාත් ආයුර්වේද දෙපාර්තමේන්තුවේ ආයුර්වේද වෛද්‍ය චූලා විජේරත්න හා කළ සාකච්ඡාවක් ඇසුරෙන් ලියවේ.

ඉන්සියුලින් නැමැති ජීව පදාර්ථය මගින් ආහාරයෙන් අවශෝෂණය කරගන්නා ග්ලූකෝස් ෙසෙල තුළට ඇතුළත් කිරීම සිදු කෙරේ. දියවැඩියා රෝගයේදී සිදුවන්නේ ඉහතින් විස්තර කළ ඉන්සියුලින්වල ප‍්‍රමාණය අඩුවීම හේතුවෙන් එම කාර්යය සිදුනොවී රුධිරයේ ග්ලූකෝස් ඉතිරිවීමය. මේ නිසා රුධිරගත සීනි මට්ටම ඉහළ යයි.

දියවැඩියා රෝගය හට ගැනීමට හේතුවන කාරණා කිහිපයකි. උදාසීන දිවිපෙවෙතක් ගත කිරීම, අධික කම්මැලි බව, ශාරීරික ව්‍යායාම අඩුබව අධික පැය ගණනක් දිනකට එක දිගට නිදාගැනීම, අධික ලෙස මී කිරි ආහාරයට ගැනීම, ගෘහ ආශි‍්‍රත සතුන්ගේ මස් හා එම මස්වලින් පිළියෙල කරන ලද සුප් නිතර නිතර පානය කිරීම (උදා හරක් මස්, ඌරු මස්, එළු මස්* ජලයේ වෙසෙන සතුන්ගේ මස් හා මස් සුප් අධිකව ආහාරයට ගැනීම (උදා - ඉස්සෝ, කකුලූවෝ, බෙල්ලන්, දැල්ලන්* යනාදිය වැඩිපුර ආහාරයට ගැනීම, අධිකව කිරි පානය කිරීම, අලූත් ධාන්‍ය හා ඒවායෙන් කරන ලද ආහාර හා සීනි අධිකව ආහාරයට ගැනීමද තෙල් බහුල ලෙස ආහාරයට ගැනීම මෙන්ම අධික මානසික ආතතිය ද දියවැඩියා රෝගයට හේතු වේ.

 

මධුමේහ රෝගීන් අනුගමනය කළ යුතු විහරණ කිහිපයක්ද ආයුර්වේදයේ දක්වා ඇත. එනම් දිනපතා විනාඩි 30-40 ක් ව්‍යායාමවල යෙදීම, ඇවිදීම, යෝග ව්‍යායාමවල යෙදීම, මෘදු සංගීතයට සවන් දීම, මානසික ආතතියෙන් මිදීම සඳහා පිරිත් ඇසීම, භාවනා කිරීම, මාළු ටැංකි දෙස බලා සිටීම ආදී විහරණ අනුගමනය කිරීම වැදගත් වේ.

දියවැඩියා රෝගී තත්ත්වය හේතුවෙන් රෝගීන් තුළ ඇතිවන සංකූලතාද කිහිපයකි. ඇස්වල ආබාධ අන්ධබව (ග්ලූකෝමාව), පාදවල හිරි වැටීම, පාද හිරිවැටීම හේතුවෙන් පාදවල දැනීම ඇති නොවීම හේතුවෙන් පාදවල තුවාල ඇතිවීම, පාදවල කැපීම, ඇඟිලි කරු කැපීම පාදවල දැවිල්ල ආදිය එ් අතර වේ. ඊට අමතරව වකුගඩු අකර්මණ්‍ය වීම, ලිංගික අප‍්‍රාණිකත්වය හා මතක ශක්තිය අඩුවීම වැනි සංකූලතා ද ඇතිවේ. දියවැඩියා රෝගියෙකුට තුවාලයක් සිදුවුවහොත් ඒ තුවාල සුව වීම ප‍්‍රමාද වෙයි.

දියවැඩියා රෝගියෙකුගේ තුවාලයක් හටගත් අවස්ථාවලදී ශල්‍ය කර්ම සඳහා භාජනය නොකර ආයුර්වේද ඖෂධ මගින් පමණක් මෙම තුවාල සුවකර ගත හැක. ඒ සඳහා ඉතාමත්ම ඉහළ ගණයේ සාර්ථක ආයුර්වේද ප‍්‍රතිකාර ඇත. මෙහිදී රුධිරගත සීනි ප‍්‍රමාණය අඩුකර දියවැඩියාව නැමැති ප‍්‍රධාන රෝගයට ප‍්‍රතිකාර කරන අතර දියවැඩියාව හේතුවෙන් පාදවල හිරිවැටීම සිදුවන විටකදී ස්නායු උද්දීපනය කරන විශේෂ තෙල් වර්ග භාවිත කරයි.

ඉතාම කුඩා වයසේදී පවා දියවැඩියා රෝගී තත්ත්වයෙන් පෙළෙන දරුවන් දැකගත හැක. මෙම ළමා දියවැඩියාව ඇතිවීමට බොහෝවිට ප‍්‍රවේණිගත හේතු බලපායි. ළමා දියවැඩියාව සාමාන්‍ය වෛද්‍ය විද්‍යාවේදී ප‍්‍රචලිත වන්නේ සුව කිරීමට අපහසු රෝග තත්ත්වයක් ලෙසය. එහෙත් ආයුර්වේද ප‍්‍රතිකාර තුළින් ළමා  දියවැඩියාව පවා සුව වූ බවට සාක්ෂි ඇත.

දියවැඩියා රෝගය පාලනයට හා ඉන් වැළකීමට නිවැරදි ආහාර රටාවකට යොමුවීමද වැදගත් වේ. ඒ සඳහා ශරීරයට ශක්තිය ලබා ගැනීමට ධාන්‍ය ආහාර අවශ්‍යම අංගයකි. සහල්, තිරිඟු, කුරක්කන්, මෙනේරි, තනහාල්, බාර්ලි වැනි ආහාර විවිධාකාරයෙන් පිළියෙල කර ආහාරයට ගත හැක.

නිවුඞ්ඩ සහිත ධාන්‍ය ආහාරයට ගැනීම මගින් මධුමේහය රෝගය වඩා හොඳින් පාලනය වේ.

සියලූම ධාන්‍ය අතරින් රතු නිවුඞ්ඩ සහිත තැම්බූ සහලේ බත ඉතා ගුණදායී වේ. උදෑසන ආහාරයට හීල් බත්, දියබත් සුනුසහල් ඉතා ගුණදායී වේ. දියවැඩියාවේදී කුරක්කන්වලින් පිසින ලද ආහාර ඉතා ගුණදායකය. කුරක්කන් ආහාර මගින් මධුමේහ රෝගියාගේ බලය වඩයි. තරබාරුව පාලනය කරයි. සීනි මට්ටම පාලනය කරන ජීව ධාතු (ඉන්සියුලින්* නිපදවීමට අත්‍යාවශ්‍ය ඛනිජ ලවණම අඩංගු වේ. ඒකාකාරී ලෙස ආහාර ලබාදීමෙන් රෝගීන්ට එම ආහාර එපාවීමක් සිදුවන හෙයින් විවිධාකාරයෙන් පිළියෙල කර ආහාර ලබාදීම වැදගත්වේ. මෙවන් රෝගීන්ට කුරක්කන්, කුරක්කන් තලප, කුරක්කන් පිට්ටු, කුරක්කන් ඉඳිආප්ප, කුරක්කන් පෑන් කේක් ආදී ලෙස විවිධාකාරයෙන් සකස් කර ආහාරයට ලබාදිය හැක. මුුංඇටද මධුමේහ රෝගියාට සුදුසු උදෑසන ආහාරයකි. පැළ කරගත් මුං ඇට ආහාරයට ගැනීම දියවැඩියා රෝගියාට ඉහළ පෝෂණයක් ලබාදෙයි. කව්පි කඩල වැනි ආහාරද දියවැඩියා රෝගීන්ට ගුණදායි වේ.

දියවැඩියා රෝගීන් හැකිතාක් ස්වභාවික එළවළු වර්ග අමුවෙන් සලාද වශයෙන් ආහාරයට ගත යුතුය. මේ සඳහා ගොටු කොළ සලාද සහ යුෂ, කතුරුමුරුංගා සලාදය සහ යුෂ, පිපිඤ්ඤා සලාදය සහ යුෂ ඉතා වැදගත්වේ.

සමහර එළවලූ වර්ග එක එල්ලේම දියවැඩියා රෝගීන්ගේ දියවැඩියාව මැඬ පවත්වන්නට උපකාරී වේ. ඒ සඳහා අමතක කළ නොහැකිම එළවළුවක් ලෙස කරවිල හඳුන්වා දිය හැක. මෙහි ශාක ඉන්සියුලින් අඩංගුය. රුධිරයේ මෙන්ම මුත‍්‍රා වලද සීනි පාලනය කරයි. අමුවෙන් ආහාරයට ගැනීම වඩාත් ගුණදායීි වේ. කරවිල සලාදයෙහි දියවැඩියාව පාලනයට උදව්වන ජීව ධාතු (ඉන්සියුලින්) ඛනිජ ලවණ අඩංගුය. දිනපතා ආහාරයට ගැනීමෙන් දියවැඩියා අතුරු උපද්‍රව වළක්වා ගත හැක. දියවැඩියා රෝගීන්ට සුදුලූනු, කරපිංචා, රතුලූනු වැනි ආහාර ද ඉතා ගුණදායී වේ.

සීනි මඬින පලතුරු වර්ග කිහිපයක්ද ඇත . ඒ අතර කෙඳි බහුල පලතුරු වන වෙරළු, පේර, අත්තික්කා, දෙලූම්, අන්නාසි, කාමරංකා පැගිරි කුලයේ පලතුරු වන දෙහි, දොඩම්, නාරං, ජම්බෝල, ගස්ලබු, අන්නාසි, මාදං වැනි පලතුරු ඉතා ගුණදායකය.

අපේ ආහාර කාණ්ඩ අතර පිෂ්ඨය අඩංගු ආහාර ප‍්‍රධාන ලෙසට ප‍්‍රධාන කොටස් දෙකකට  බෙදිය හැකිය. එනම් සංයුක්ත කාබෝහයිඩ්‍රේට හා සරල කාබෝහයිඩ්‍රේට ලෙසටය.  මෙම සංයුක්ත කාබෝහයිඩ්‍රේටවලට නිව්ඩු සහලේ බත් කුරක්කන් තනහාල් පැරණි සහල් වර්ග එළවළු පලාවර්ග  පලතුරු වැනි කෙඳි බහුල ආහාර අයත් වේ. මේවා  ශරීරයට ගත් විගස එක්වරම සීනි බවට පත් නොවේ. ඒ සඳහා යම් කාලයක් ගතවේ.

එහෙත් සරල කාබෝහයිඞ්ඩ්‍රේට ලෙසට හඳුන්වන සීනි ග්ලූකෝස්, චොකලට්, ටොෆි, හකුරු වැනි දේ ගත් විගසම  සීනි බවට පත්වේ. දියවැඩියා රෝගියාගේ සීනි පාලනය කරන ඉන්සියුලින් මට්ටම අඩු නිසා මෙම තත්ත්වය සිරුරට හානිකර වේ. එම නිසා සරල සීනි අඩංගු ආහාර ගැනීම සම්පූර්ණයෙන්ම නැවැත්විය යුතුය. එනම් රුධිරයේ අධික සීනි මට්ටම එම මොහොතේ ඉන්ද්‍රීයවලට බලපා ඉන්ද්‍රිය ෙසෙලවලට හානි පමුණුවන බැවිනි.

 

ශමන ප‍්‍රතිකාර ලෙස ඖෂධ කෂාය, ගුලි, කල්ක, චූර්ණ යොදාගන්නා අතර රුධිරගත සීනි මට්ටම අඩුකරන ඒකීය ද්‍රව්‍ය ලෙස නෙල්ලි කහ කොහොඹ, කොතල හිඹුටු ආදී ඖෂධ හැඳින්විය හැක.

ආයුර්වේද ප‍්‍රතිකාර සිදුකිරීමට පෙර වෛද්‍යවරයා විසින් රෝගීන් කාණ්ඩ 3 ක් යටතේ හඳුනා ගත යුතුය.

පළමුවන කාණ්ඩයේ රෝගීන්ගේ රුධිරගත සීනි මට්ටම ආහාර පාලනයෙන් පමණක් පාලනය කළ හැක.

දෙවන කාණ්ඩයේ රෝගීන් ආහාර හා ව්‍යායාම වලින් රුධිරගත සීනි ප‍්‍රමාණය අඩුකර ගත හැක.

තුන්වන කාණ්ඩයේ දියවැඩියා රෝගීන්ට ආහාර ඖෂධ හා ව්‍යායාම යන තුනම උපයෝගී කරගනිමින් රෝගය පාලනය කළ යුතුය.

බොහෝ වේලාවට දියවැඩියා රෝගය සඳහා බොහෝ දුරට ගොදුරු වන්නේ බටහිර ආහාරපාන හා බටහිර ජීවන රටාවකට යොමු වූ පුද්ගලයන්ය. එම නිසා සාම්ප‍්‍රදායික ජීවන රටාවකට හා සාම්ප‍්‍රදායික ආහාර රටාවකට යොමුවීම මගින් දියවැඩියාව ඇතුළු බොහෝ රෝග තත්ත්වයන්ට ගොදුරු වීමේ හැකියාව අඩුකරගත හැක.

චමිලා අල්විස්

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.