lakbima.lk

එය ඉරිදාවකි. සෞඛ්‍ය වෛද්‍ය නිල නිවස ඉදිරිපිට නැවැත් වූ වාහනයෙන් බැස පැමිණියේ වයස පනහක පමණ තැනැත්තෙකි.
”‍නෝනා මට පොඩි උදව්වක්  ඕනෙ. මගේ දුවට දෙයියන්ගේ ලෙඩ හැදිලා. නෝනට දැන් එන්න බැරිද?”‍ ඔහුගේ වත දෙස බැලූ මට හැඟී ගියේ යම් කිසි ගැටලූ‍වක් ඇති බවය. පියෙකුගේ ඉල්ලීමක් කෙසේ ඉවත දමන්නද?
”‍හොඳයි.  මම එන්නම්”‍ පැවැසූ මම එදින නිවාඩු දවසක් බැවින් රාජකාරි වාහනයද නොතිබුණෙන් ඔහුගේ වෑන් රථයෙන්ම එවේලේම එම නිවස බලා ගියෙමි. කිලෝ මීටර්. පහක් පමණ ගිය අපි ගුරු පාරකට අවතීර්ණ වී විශාල වත්තක් මැද පිහිටි පැරණි වලව්වක් වැනි නිවෙසක මිදුලට පැමිණියෙමු. ගේට්ටුව ළඟ සිට මග දෙපසද කොහොඹ කොළ එල්ලා තිබුණ අතර, ඉස්තෝප්පුවේද තැනින් තැන විවිධ අතු වර්ග එල්ලා තිබිණි. පසෙක මල් ආසනයක්  සාදා ගෙන එතැන වාඩි වී මතුරමින් සිටින කට්ටඩියෙකි. විවිධ පුද පූජා පවත්වමින් සිටින දේවාලයක සිරියක් පරිසරය පුරා ගැබ්ව තිබිණි.
ගෙහිමි කාන්තාව මා කැඳවා ගෙන පැරණි ගෘහ භාණ්ඩ, කොඩි සේසත්, කවිච්චි ආදියෙන් යුතු විශාල සාලය හරහා ගොස් එක් තැනක දී බිම් ගෙයක් වැනි ස්ථානයකට යාමට සකස් කළ පඩි පෙළක් දිගේ ගේ හිමි කාන්තාව පහළට බැස්සාය. අප අවතීර්ණ වූයේ පොළෝ මට්ටමින් පහළ සකස් කර තිබූ බිම්ගෙයක් වැනි ජනේලයක් වත් නැති කුඩා කාමරයකටය.
ඒ තුළ මා දුටු දෙයින් මා පස්සට විසි වූවා යැයි කීවොත් නිවැරදිය. එහි තිබුණේ කුඩා ඇඳන් දෙකකි. එහි තරුණ දැරියන් තිදෙනෙකි. තිදෙනාටම පැපොල රෝගය වැලඳී තිබිණි. ගෙහිමියාගේ දියණිය එක් ඇඳක අසාධ්‍යව වැතිර සිටියාය.
පැසවා සැරව ගලන විශාල බිබිලි වලින් මුළු සිරුරම වැසී තිබිණි. එතරම් බරපතළ ලෙස පැපොල රෝගය ආසාදනය වී ඇති තත්ත්වයක් මම මීට පෙර දැක නොතිබුණ අතර යළි කිසිදාකද නොදැක්කෙමි. වසූරිය රෝගියෙක්  මා දැක නොතිබුණද මට සිහි වූයේ එම රෝගයයි. ඇය වෙත ළංව ගිනි රත් වී ඇති අත ගත්තේ නාඩි බැලීමටය. කිසිවෙකු පැමිණි බව වැටහුණෙන් ඇය වේදනාවෙන් අඩවන් වූ දෑස යාන්තම් විවර කර බැලූ‍වා ය. නාඩි වේගය විනාඩියකට එකසිය දහයකටත් වඩා වැඩිව තිබිණි. ලේ වලට විෂබීජ ඇතුළුව ඇති සෙප්ටිසීමියා :ිැචඑසජ්ැපස්* තත්ත්වයෙන් පෙළෙන බවත් වහා රුධිර ගත එන්නත් (ෂඪ ්බඑසඉසදඑසජි * මගින් ප‍්‍රතිකාර නොකළහොත් තව පැය කිහිපයකට වඩා ජීවත් නොවන අවදානමක ඇය සිටින බවත් මට වැටහුනි.  අනිත් ඇෙ`ද් සිටි එම වයසේම දැරියන් දෙදෙනකු වූ ඇගේ යෙහෙළියන් ද රෝගය වැලඳී ඔවුන්ද  සිරුර පුරා නැගි බිබිලි සහිතව සිටිය ද එතරම් අසාධ්‍ය තත්ත්වයේ නොසිටියෝය.
”‍උණ හැදිලමයි විශ්ව විද්‍යාලයෙන් ආවෙ. අපි හැමදේම කළා. නූලූත් දැම්මා. පූජාවකුත් කළා. පතෝලයි බතුයි විතරයි කන්න දුන්නෙත්”‍ ගෙහිමි කාන්තාව විස්තර කළා ය.
”‍බය වෙන්න එපා. ඔයාව මම දැන්ම හොස්පිට්ල් අරන් යනවා. එතකොට සනීප වේවි. දැරිය අස්වැසූ මම ඔවුන් වහාම රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කළෙමි.
කලකට ඉහත සිදු වූ මෙම සිදුවීමේදී එම දැරියන් රෝගී වී තිබුණේ පැපොල (ක්‍යසජනැබචදං* රෝගයෙනි. ලොව පුරා පැතිරී ඇති රෝගයක් වන මෙය ඇති වන්නේ ඩ්රසජැකක් ‘දිඑැර නම් වෛරසය මගිනි. රෝගය නිවාරණය වන්නේ ස්වාභාවික ප‍්‍රතිශක්තියෙනි. එනම් රෝග කාරක විෂබීජය හඳුනා ගෙන එයට අදාළ ප‍්‍රතිදේහ සිරුරේ නිෂ්පාදනය කොට ඒවා මගින් විෂ බීජ විනාශ කර දැමීම මගිනි.  ඒ සඳහා යම්  කාලයක් ගත වේ. එතෙක් රෝගියා අන් අයගෙන් වෙන් කොට , හොඳ වාතාශ‍්‍රය ඇති කාමරයක පිරිසිදු ව  තබා, පිඟන් කෝප්ප වෙන් කොට,  නිසි ආහාර පාන,  වැඩිපුර දියර වර්ගද ලබා දිය යුතුය.  මෙය වැලඳුන විට පැපොල රෝගයදැයි සැක හැර දැන ගැනීමටත්, උණ, වමනය ආදී රෝග ලක්ෂණවලට ප‍්‍රතිකාර ලබා ගැනීමටත්  වෛද්‍ය උපදෙස් ගත යුතුය.  
පැපොල රෝගය වැළඳුන අයෙකුගේ ශ්වසන පද්ධතියේ ඇති වෛරසය කහින විට හෝ කිඹුහුම් යන විට වාතයට එකතු වී තවත් කෙනෙකු ගේ ශ්වසන පද්ධතියට ඇතුළුවීම මගින් රෝගය බෝ වේ. එසේ ඇති වන වෛරසය පටක තුළ වර්ධනය වී රෝග ලක්ෂණ පෙන්වීමට දින 10ත් 21ත් අතර කාලයක බිජෞෂණ සමයක් ගත වේ. පළමුව ඇති වන්නේ ආහාර අරුචිය, ඇෙඟ් පතේ අපහසුතාවය  සමග  හෙම්බිරිස්සා ගතියකි. දින දෙකකට පමණ පසුව බිබිලි හට ගනී. පපුව , පිට, මුහුණ , ගෙල ආශ‍්‍රිතව පැපොල රෝගයටම විශේෂිත කුඩා වතුර බිබිලි මතු වේ. (දැන් වෛරසය තව දුරටත් වර්ධනය ඇන හිටවන ඖෂධ ඇති බැවින් පළමු බිබිල මතු වන විටම වාගේ වෛද්‍යවරයකුට පෙන්වා බෙහෙත් ලබා ගෙන රෝගයේ උත්සන්නභාවය අඩු කර ගත හැකි ය) එම ආරම්භක දින කීපය රෝගය බෝවීමේ වැඩිම අවදානම පවතින බැවින් බොහෝ විට පැපොල රෝගය වැල ඳී ඇති බව දැන ගන්නා විට නිවසේ අනිත් අයට රෝග බීජය ඇතුල් වී අවසානය.

එහෙත්  ‘එක්කෙනෙකුට හැදිල එයා නාන කොට අනිත් කෙනාට හැදෙනවා‘ කියන්නේ  රෝග ලක්ෂණ පෙන්නුම් කරන්නේ පසුව නිසා ය. බිබිලි මතු වී ඒවා ක‍්‍රමයෙන් පැතලි වීමට දින 5-7 දක්වා කාලයක් ගත වේ. සති තුනක දී සම්පූර්ණ සුවය ලබයි. බිබිලිවලද වෛරසය ඇති බැවිනුත්, පළු‍දු වුවහොත් බැක්ටීරියා ඇතුළු වී පැසවීමට ඉඩ ඇති බැවිනුන් බිබිලි සුව වනතුරු නෑම සුදුසු නොවේ.  පැපොල සෑදුන විට ජීවිත කාලයටම ප‍්‍රතිශක්තියක් ඇති බැවින් රෝගය වැලඳුන කෙනෙක් මගින් රෝගියාට සාත්තු කළ හැකි නම් හොඳය. වයස්ගත අයට සහ දියවැඩියාව වැනි ස්වාභාවික ප‍්‍රතිශක්තිය හීන කරන රෝග ඇති අයටත්, ිඑැරදසා කාණ්ඩයේ බෙහෙත් ගන්නා අයටත් රෝගය උත්සන්න විය හැකි ය.  වෛද්‍ය විද්‍යා  දැනුම නොතිබුණ කාලයක මිනිසුන් සිතුවේ මේවා දෙවියන් කෝප වී ඇති වන ලෙඩ කියා ය. එබැවින් ‘දෙයියන්ගේ ‘ නමින් හඳුන්වා නෙයෙකුත් පුද පූජා පැවැත්වූහ. මස් මාංශ ආදිය නොදී සිටියහ. අද කාලයේ එසේ කළ යුතු නැත. තද උණ, වමනය ආදී අපහසුතා නැත්නම් වෙනදා පරිදිම ආහාර දීම සුදුසු ය. මස් , මාළු‍, බිත්තර දීම වැඩි පෝෂණයක් අවශ්‍ය මෙම අවස්ථාවේ රෝගයෙන් ඉක්මනට සුව වීමට හේතුවකි.

ගර්භණී අවස්ථාවේ අවසන් මාස කිහිපයේ රෝගය වැළඳීම දරුවාටද හානිකර විය හැකි බැවින් පවුලේ ගර්භණී කාන්තාවක් සිටී නම් ඒ කාල සීමාව තුළ වෙනත් නිවසකට ගොස් සිටීම වඩාත් සුදුසු ය. දරුවන්ට උණට ඇස්ප‍්‍රීන් දීමෙන් වැළකිය යුතු වන්නේ එයින් ඍැහැ ීහබාරදපැ මොළයට හානි කර ත.්ත්වයක් ඇති විය හැකි බැවිනි. පැපොල රෝගයට එන්නතක් ඇත. එය වෛද්‍ය උපදෙස් අනුව ලබා ගත හැකිය.

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.