lakbima.lk

දරුවන් ‍පෝෂණය කිරීම දෙමව්පියන්ගේ යුතුකමකි. මේ නිසාම තමන්ට හැකි උපරිමයෙන් දරුවන්ට ආහාරපාන ලබාදීමට දෙමාපියන් උත්සාහ දරන බවද සැබෑවකි. දරුවට හොඳට කන්න දෙන්න ඕනේ යන අදහසින් අධික ‍පෝෂණයෙන් යුතු හොඳම දේවල් දරුවන්ට ලබා දෙන දෙමාපියන් සිතන්නේ එය දරුවාට කළ හැකි උපරිම සැලකිල්ලක් බවය.

දරුවන් ඉලක්ක කරගෙන සිදුකරන වෙළෙඳ දැන්වීම් ප්‍රචාරණයද විවිධ නිෂ්පාදන තෝරා ගැනීමට දෙමාපියන් ‍පොලඹවන ආකාරයක්ද දැකිය හැක. නමුත් දරුවන්ට ආහාර ලබාදීම හෝ ආහාර ලබාගැනීමට මුදල් ලබාදෙන දෙමාපියන් තමන්ගේ යුතුකම එතැනින් නිමවන බව සිතාගෙන සිටින ආකාරයක් සමාජය පුරාම දැකිය හැක. තමන් බලා‍පොරොත්තු වූ ප්‍රතිඵලය වන හොඳ ආහාර නිසා දරුවන් සුවෙන් නිරෝගීව දිවි ගෙවීම වෙනුවට ඒ නිසාම දරුවන් රෝගී වන ආකාර ඉතාම ඛිෙදනීය තත්ත්වයකි.

එබැවින් වැඩිහිටියන් ලෙස දරුවන්ගේ ආහාර වේල් ගැන මීට වඩා අවධානයෙන් කටයුතු කිරීම දරුවන්ගේ දිවි බේරාගෙන නිරෝගී ජීවිතයක් ලබාදීමට හේතුවෙයි.

අද දරුවන් ගත කරන්නේ එක තැනකට කොටු වූ ජීවිතයකි. පාස‍ලේ පන්ති කාමරය තුළ කොටුවන දරුවන් ඉන්පසු තවත් පැය කිහිපයකට අමතර පන්තිවලට කොටු වෙති. දවස ගෙවී යනවාත් සමගම නිවෙස්වලට එන දරුවන් ඉන් අනතුරුව කා බි රූපවාහිනී තිර දෙස පරිගණක දෙස බලා සිටින පිරිසක් බවට පත්වෙයි. දරුවෙකු නිරෝගීව වැඩෙන්නට ආහාර සේම ව්‍යායාමද එකසේ අවශ්‍යය. අවම තරමින් දවසකට පැයක්වත් දරුවා කිසියම් ක්‍රීඩාවකට, ක්‍රියාකාරකමකට යොමු කිරීම අතිශයින්ම වැදගත්වේ. මානසික සේම කායික, සමාජීය නිරෝගී බවට එය අතිශයින්ම අවශ්‍ය වූවකි.

ඔබ දරුවාට ලබා දෙන ආහාර ප්‍රමාණයන්, කැලරි ප්‍රමාණයන් ගැන සැලකිලිමත් වන්න. විශේෂයෙන්ම දරුවාගේ උදේ ආහාරය ‍පෝෂණීය එක් දැයි සැකහැර දැනගන්න. පිටි, තෙල්, සීනි අධික කෙටි කෑම වර්ග නම් උදේ තබා කිසිදු වේලක් සඳහා කෙසේවත් ගැළපෙන්නේ නැත. එබැවින් ධාන්‍ය, පියලි ආහාර, ‍ප්‍රෝටීන, විටමින්වලින් පූර්ණ වූ ආහාර වේල් දරුවාට ලබා දීම වැඩිහිටියන්ගේ යුතුකමකි.

කුඩා කල සිටම කෘත්‍රිම රස කාරක අඩංගු නිසරු ආහාරවලට දරුවාගේ කට දිව හුරුකරවීමේ වැරැද්ද සිදු කරන්නේද වැඩිහිටියන් වන ඔබමය. ඒවාට ඇබ්බැහි වන දරුවන් ඉන්පසු දිගින් දිගටම එවැනි ආහාර වර්ග ම ඉල්ලා සිටින්නේ නිවසේ පිළියෙල කරන ආහාර ප්‍රතික්ෂේප කරමිනි. දරුවා ඉතාම කුඩා කාලයේ ආහාර හුරු කරවීමේදී සිටම දරුවාට, ‍පෝෂණීය ස්වභාවික ආහාර වර්ග ලබාදීමට උත්සුක වන්න.

දරුවා රූපවාහිනිය පරිගණකය ඉදිරියේ රැඳී සිටින වේලාවන් සීමා කරන්න. ඒ සඳහා දරුවා පවුල තුළ කිසියම් නීති පද්ධතියකට යටත් කර ගත යුතුය. අද දරුවන් ක්‍රීඩාවල යෙදෙන්නේද පරිගණක හරහාය. ශරීරයට කිසිදු ව්‍යායාමයක් නොලැබෙන එවැනි දේවලට දරුවා ඇබ්බැහි වීමට තිබෙන ඉඩකඩ අසුරාලන්න.

දරුවා රාත්‍රියේ ගොරවනවා නම් ඒ ගැන සැලකිලිමත් වන්න. එය දරුවාට නිසි නින්දක් නොලැබෙන බවට ඉඟියකි. ඒ ගැන වෛද්‍ය උපදෙස් ලබාගත යුත්තේ නිසි සුව නින්දක් නොලැබිම යන දරුවාගේ ඉගෙනීමට අහිතකර ලෙස බලපාන තත්ත්වයක් නිසාය. දරුවා බරෙන් වැඩිවන විට ශරීරයේ සන්ධි ආශ්‍රිතවද විවිධ ගැටලු මතුවීමට ඉඩ තිබේ. එනිසා උසට සරිලන බර පවත්වාගෙන යාමට දරුවා මෙහෙයවන්න.

ව්‍යායාමයක් නොමැතිව අධික තෙල්, පිටි, සීනි සහිත ආහාර වේල් ලබාගැනීමෙන් තරබාරු වන දරුවන් බෝ නොවන රෝග වලට ගොදුරුවීමේ අවදානම බොහෝ ඉහළ යයි. එසේම එවැනි දරුවන් ශරීර අභ්‍යන්තර අවයව වටා තෙල් තැන්පත්වීමේ අවදානමටද ලක්වෙයි. කුස ප්‍රදේශයේ, බඩවැල් ආශ්‍රිතව තෙල් තැන්පත් වීමෙන් උදර තරබාරුව ද මතුවිය හැක. මෙවැනි අවස්ථාවලදී එය දරුවාගේ මානසික ආතති තත්ත්වයකට හේතුවිය හැකිය.

ඒ නිසාම දරුවා අන් දරුවන් අතර කොන්වීමකට ලක්විය හැකිය. මෙවැනි ගැටලු නිසා දරුවා තනිවීමට උත්සාහ ගැනීම, විවිධ මානසික ආබාධවලට මගපෑදීම වැනි ගැටලු රැසක් ප්‍රතිඵලය ලෙස ඇතිවිය හැක. නිවැරදි ආහාර රටාවකට දරුවන් හුරු නොකිරීම තුළින් ඔබ නොසිතන ආකාරයේ ගැටලු රාශියක් උද්ගත වන හැටි දැන් ඔබට වැටහෙනවා ඇත. එබැවින් කුඩා කල සිටම යහපත් ආහාර ආකල්ප දරුවා තුළ වර්ධනය කිරීමේ වගකීම ඇත්තේ දෙමාපිය වැඩිහිටියන්ගේ මත බව වටහා ගන්න.

උපදෙස් ගම්පහ  මහ රෝහ‍ලේ ළමා රෝග විශේෂඥ වෛද්‍ය චින්තක රාජපක්ෂ

සාකච්ඡා කළා - නිර්මලා කුමාරි සේනාරත්න

  1. කාන්තා රූප ස්වභාවයට තර්ජනයක් වන ආර්තවහරණය
  2. උදරය පහසුවෙන් අඩුකරගත හැකි සරල ක‍්‍රම
  3. ඇතැම් වෙලාවට අපට හුස්ම ගැනීම අපහසු වන්නේ ඇයි?
  4. අසනීපව රෝහල් ගත කරන ඔබේ රෝගියා පිළිබඳවයි මේ උපදෙස්
  5. මොනවද මේ විසර ගෙඩි කියන්නේ
  6. වැඩිහිටියන් ගොදුරුවන මල්ටිපල් මයලෝමාව දැන් ලංකාවේදී සුව කළ හැකිය
  7. පවුල් සංවිධානය ඔබට තවමත් ගැටලූවක්ද?
  8. නිතර කිවිසුම් යන්නේ පීනස නිසාම නොවේ
  9. ආ‍ලේපන මගින්වත් සමහර පිග්මන්ටේෂන් මැකී නොයන්නේ ඇයි
  10. පණු රෝගවලට තිත තබමු
  11. දියවැඩියාව, හෘද රෝග, පිළිකා නසන කපුකිණිස්ස
  12. ඇදුම රෝගය සමඟ බැඳී ඇති පීනස
  13. වකුගඩු රෝගය කල්ඇතිව නිර්ණය කර ප‍්‍රතිකාර ලබාගන්න
  14. දරුවන් ඉක්මනින් මල්වර වන හේතු අතර දන්තාලේප, සබන් හා ෂැම්පු
  15. ඩවුන්ස් සින්ඩ්‍රෝම් සහිත අයට දරුවන් බිහි කළ හැකිද?

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.