lakbima.lk

එකම වර්ගයේ පෑන් දෙකක් සෑම අතින්ම එක හා සමාන වේ. එවැනි පෑන් දෙකක් අතර ඉතා කුඩා වෙනසක් හෝ සොයාගැනීම පහසු නැත. එසේ වන්නේ එම පෑන් දෙකම එකම යන්ත්‍රයක නිෂ්පාදනය වන නිසාය.
ඒ ආකාරයට යන්ත්‍රයකින් නිපදවූයේ නැති වුවද එකම පෙනුමැති පුද්ගලයෝ අප අතර කොතෙකුත් සිටිති. කවුරුන් හෝ දුටු විට 'එකම අච්චුවේ' යැයි පවසන තරමට එක සමාන පුද්ගලයන් මෙලොවට බිහිවන්නේ කෙලෙසද?
එක පවු‍ලේ උදවිය බොහෝ විට එකම පෙනුමෙන් යුතු වන අවස්ථා සුලබය. ඒ අතර නිවුන් දරුවන් සිටිනවානම් බොහෝ විට හඳුනාගන්නට බැරි තරම් සමාන පෙනුමෙන් යුතු විය හැකිය. ඒ ආකාරයට එකම පවු‍ලේ අය සමාන පෙණුමැතිව ඉපදෙනවා සේම සමහර ලෙඩ රෝගද පවු‍ලේ කිහිපදෙනෙකුම උපතින්ම දායාද ලෙස උරුම කරගෙන එන අවස්ථා තිබේ. එවැනි තත්ත්වයන් මුළු ජීවිත කාලය පුරාම වෙනස් වන්නේ නැත.
'මම' යන කෙනා මෙලොව බිහිවන්නේ මගේ අම්මා සහ තාත්තා නිසා බව අප දන්නා කරුණකි. ඒ කිසියම් දිනයක  මවගේ ෙසෙලයක් සහ පියාගේ ෙසෙලයක් එකට එකතු වීමේ ප්‍රතිඵලයක ආකාරයටයි. ෙසෙලයක් යනු අපේ ශරීරය සෑදී ඇති ඉතාම කුඩා කොටසකි.  එය අපේ ඇසට නොපෙනෙන තරමේ අති සියුම් අංශුවකි.
ගඩොලින් ගඩොල එකතු වී විශාල තාප්පයක් සෑදෙන ආකාරයට අපේ ශරීරයද අංශු මාත්‍ර තරමේ ෙසෙල  එකින් එක එකතු වීමෙන් නිර්මාණය වූ ෙසෙල ‍පොදියක එකතුවකි. විද්‍යාඥයන් සොයා ගෙන ඇති ආකාරයට මිනිස් ශරීරයක්යනු ෙසෙල ට්‍රිලියන තිහකින් පමණ නිර්මාණය වූවකි.
මිනිස් ජීවිතයක මූලාරම්භය ලෙස මුලින්ම සෑදෙන කුඩා ෙසෙලය පාන් ගෙඩියක් දෙකට කැපූ විට බාග දෙකක් ලැබෙන ආකාරයට දෙකට බෙදීමෙන් ආරම්භ වේ. පාන් ගෙඩියක් දෙකට කැපූ විට එතැන් සිට එය පාන් බාග දෙකක් පමණක් වුවද මිනිසෙකු නිර්මාණය කරන ෙසෙලයක් එසේ නොවේ. දෙකට වෙන් වුණ ෙසෙල කොටස් දෙකම නැවත වෙන වෙනම සම්පූර්ණ ෙසෙල දෙකක් තරමට නැවත වර්ධනය වීම සිදුවේ.  එම ෙසෙල දෙකද ෙසෙල හතරක්, අටක්, දාසයක් ආකාරයට දෙගුණ වෙමින් වර්ධනය වන්නේ මිදි ‍පොකුරක හැඩය නිර්මාණය වන ආකාරයටය.
ඒ ආකාරයට වර්ධනය වූ ෙසෙල ‍පොදියක  එකතුවක් යන්තමට ඇසට පෙනෙන තරමේ මස් වැදැල්ලකි. එම මස් වැදැල්ල තව තවත් වර්ධනය වූ විට කුස තුළ දඟලන කළලයකි. ට්‍රිලියන තිහක් තරම් වූ අති විශාල ෙසෙල සංඛ්‍යාවක් එකතු වූ විට එතන වැඩිහිටි මිනිසකු  නිර්මාණය වී හමාරය.
තනි ෙසෙලයක්ව සිටි දවසේ  එම ෙසෙලය තුළ න්‍යෂ්ටිය නමින් හැඳින්වෙන කුඩා   පලසක්ද වේ. ඒ තුළද වර්ණදේහ නමින් හැඳින්වෙන කෙඳිති  හතළිස් හයකි. මිනිසාගේ වර්ණ දේහ සංයුතිය එසේ වුවද වෙනත් සත්වයෙකුගේ නම් ඒ ඒ සත්ව වර්ගයාට ආවේණික ඉලක්කමකින් යුත් වෛර්ණ දේහ සංඛ්‍යාවක් පවතී.
අපේ වර්ණ දේහ හතළිස් හයක් හරි අඩක් උරුමවන්නේ  මවගෙන්ය. ඉතිරි අඩ පියාගෙන්ය.  එනම් මවගේ වර්ණ දේහ විසිතුනක් සහ පියාගේ විසිතුනක් රැගෙන අපි අපේ ජීවිත ආරම්භ කරන්නෙමු.  එම වර්ණ දේහ න්‍යෂ්ටිය තුළ තැන්පත් වී ඇති ආකාරයද අපූරුය. මවගේ වර්ණ දේහ විසිතුනෙන් උසින් වැඩිම වර්ණදේහයත්, පියාගේ වර්ණ දේහය වලින් උසම එකත් යුගලය පළමු වන වර්ණ දේහ යුගලයක්ව වශයෙන් ද එතැන් සිට උසේ පිළිවෙළට මවගෙන්  එකක් හා පියාගෙන් එකක් ආකාරයට වර්ණ දේහ හතළිස් හයම  ඒ ආකාරයට න්‍යෂ්ටිය තුළ ස්ථානගතව පවතී
එහෙත් පුරුෂ පාර්ශ්වයට පමණක් මෙම පිළිවෙළේ යම් වෙනසක් විසිතුන් වෙනි වර්ණ දේහය සම්බන්ධයෙන් පවතී. ඒ විසිතුන් වෙනි් වර්ණ දේහය එකක් වඩා උස වෙමින් හා අනෙක ඉතා කෙටි වෙමින්ය. එහෙත් මෙම වර්ණ දේහ යුගල විසිතුනම න්‍යෂ්ටිය තුළ එකම ‍පොදියක් වී දඟර ගැසී  ඇති වී ඇති අතර එකින් එක වෙනස් කර හඳුනාගන්නට නොහැකි තරමට ඒවා එකම ආකාර වේ. එහෙත් එක න්‍යෂ්ටියක් තුළ ඇති  වර්ණ දේහ  වෙන වෙනම  එකට ඈඳූ විටදී එය මීටර් තුනක් පමණ දිගින් යුතු යැයි  ඔබට පිළිගත හැකිද?
'මම' යන පුද්ගලයා සම්බන්ධ සියලු තතු ලියවී ඇත්තේ මෙම වර්ණ දේහ තුළ යැයි පැවැසීමේ වරදක් නැත. එකම එක ෙසෙලයකින් ආරම්භ වී වර්ධනය වන කළලය තුළිින් බිහිවන මිනිසා  කවර ගති ස්වභාවයකින් සහ රූපකායකින් යුතුවේද යන්න  තිරණය වන අම්මා, තාත්තාගෙන් උකහා ගත් සියල්ල කැටි වී ඇත්තේ මෙම වර්ණ දේහ තුළය. එකම අම්ම තාත්තගේ දරුවන් බොහෝවිට එකවගේ වන්නේ ඒ ආකාරයටය.
වර්ණ දේහ සියල්ල දඟර ගැසී එක ගුලියක් වී ෙසෙලයක මැද ඇති න්‍යෂ්ටිය තුළ ඇහිරී ඇති බව අපි පැවැසුවෙමු. එවිට ඒ ආකාරයටම නිර්මාණය වූ ට්‍රිලියන තිහක් තරම් වූ ෙසෙල  ප්‍රමාණයකින් මිනිස් සිරුරක් නිර්මාණය වී ඇති බව අප  අමතක නොකළ යුතුය. එවැනි  එක් වර්ණ  දේහයක්ද  වෙනම ගෙන සියුම්  නිරීක්ෂණ කළ විටදී එම වර්ණ දේහය තුළ තවත් කුඩා කුඩා කොටස් වෙන් වෙන්ව ඇති ආකාරයක් දැකිය  හැකිය. එම කුඩා කොටස් අපි ජාන ලෙස හඳුන්වමු.
'මම' යන පුද්ගලයාට ආවේණික ලක්ෂණ තීරණය කරන්නේ එම ජාන විසින්ය. සෑම වර්ණ දේහයකම ජාන දාහකට ආසන්න සංඛ්‍යාවක් පවතී. එහෙත් ඒ සියලු ජාන ක්‍රියාකාරී වන්නේ නැත.
සමහර ජාන ක්‍රියාකාරී වන අතර සමහර ඒවා නිෂ්ක්‍රීයය.
න්‍යෂ්ටියක් තුළ ඇති ජාන සංඛ්‍යාව තිස්දහසක් පමණ වේ. සෑම ෙසෙලයක්ම මුල් ෙසෙලයේ ෆොටෝ කොපියක් ආකාරය   ගන්නා නිසා ඒ සෑම ෙසෙලයකම ජාන තිස් දහසකට ආසන්න ප්‍රමාණයක් අන්තර්ගතය.
මව්පියන්ගේ ගති ලක්ෂණ,  
චරිත ස්වභාවය, පෙනුම පමණක් නොව සමහර ලෙඩ රෝගද ජාන මගින් අපට උරුම වන අවස්ථා තිබේ. සමහර ජාන අඩුවීම රෝගයක්ව එළි දැක්වේ. සමහර රෝග හට ගන්නට නම් මවගේ හා පියාගේ ජාන  දෙවර්ගයම අඩුවිය යුතුය. සමහර රෝග හට ගන්නට දෙදෙනාගෙන් එක් අයෙකුගේ ජාන වෙනස් වීමක් පමණක් වුවද ප්‍රමාණවත්ය. තවත් සමහර රෝග වර්ණ දේහ අඩු වැඩිවීම් හේතුවෙන් උරුම වේ.
මවගෙන් හා පියාගෙන් යන දෙදෙනාගෙන්ම උරුම වූ ජාන අඩු බව තැලිසීමියා සහ ඇල්බිනෝ යන රෝග තත්ත්වයන්ට හේතුවේ. මව හෝ පියා යන දෙදෙනාගෙන් එක් අයෙකුගේ ජාන වෙනස්වීමක් නිසා ශරීරය පුරා පැතිර පවතින එල්ලෙන ඉන්නන් ආකාරයේ ගෙඩි හට ගන්නා  ව්ඥභපධටඪඡපධථචබධඵඪඵ රෝගයට  කෙනෙකු ගොදුරු විය හැකිය.
වර්ණ දේහ සියල්ල යුගල ආකාරයට න්‍යෂ්ටිය තුළ ගොනු වී ඇති බව මීට පෙර අපි පැවැසුවෙමු. එහෙත් විසි එක්වෙනි වර්ණ දේහය  යුගලයක් නැතිනම් දෙකක් නොවී තුනක් වීමද රෝගී තත්ත්වයකි. ඩවුන්ස් සින්ඩේ‍රාම්  නමින් අප අසා ඇති රෝගී තත්ත්වය එයයි.
ජාන අඩු බව නැතිනම්  හිස් ජාන හේතුවෙන් පුරුෂ පාර්ශ්වයට පමණක් වැලඳෙන හිමොෆීලියා රෝගයද ජාන උරුමයෙන් වැලඳෙන තවත් එක් රෝගයකි. එය අතීතයේ එංගලන්ත රජ පවු‍ලේ කුමාරවරුන් පවා පරම්පරාවෙන් උරුම කොටගෙන පැමිණි රෝගයක් බවට සාක්ෂි පවතී.
පිටපත් ලක්ෂ ගණනාවක් මුද්‍රණය වූ පුවත් පතක මුද්‍රණ දෝෂයක් නැවත නිවැරැදි කළ හැකි නොවේ.  එලෙසම මව්පිය උරුමයෙන් වැලඳෙන ජානගත රෝගවලින් ගැළවී සිටින්නටද අපට හැකියාවක් නැත. ජනාගත රෝග සුවකරනවා යැයි පවසා අසරණ රෝගීන් තව  තවත් අසරණ  භාවයට පත් කරවන වෙළෙඳ දැන්වීම් අපට කොතෙකුත් ඇස ගැටේ. එවැන්නක් කළ හැකි වන්නේ ලෝක ජනගහනය මෙන් තිස් දහස් ගුණයක් වූ ෙසෙල ප්‍රමාණයක් වෙනස් කළ හැකි ජගතෙකුට  පමණක්ය යන්න ඔබට  පැහැදිලි විය යුතුය.

උත්පලා සුභාෂිනී ජයසේකර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.