lakbima.lk

‘‘වාඩි වෙන්න”‍  වෛද්‍යවරයා පැවැසුවේ රෝගියා පුටුව තිබෙද්දීත් හිඳ නොගෙන, සිටගෙනම ඉන්නා බැවිනි.
‘‘‍වාඩි වෙන්න බැහැ මහත්තයො. කැක්කුම”‍   මුහුණ බෙරි කරගෙන සිටින රෝගියා දෙස බැලූ සැණකින්ම රෝගය කුමක්දැයි වෛද්‍යවරයාට අනුමාන කළ හැකි වූයේ මෙය සුලබ රෝගයක් බැවිනි.

‘‘එහෙනම් අර ඇඳට යන්නකො”‍
ඇඳට දැමූ රෝගියා පරීක්ෂා කළ වෛද්‍යවරයා දුටුවේ  ඔහුගේ තට්ටම් පෙදෙසේ  බෙලි ගෙඩියක් තරමේ විශාල සැරව ගෙඩියකි.
”‍උණත් ගැනුන නේද?”‍
 ”‍ඔව් දවස් දෙකක ඉඳල වෙව්ලල උණත් ගත්තා. ”‍
‘‘ඇයි ඉතින් කලින් නාවෙ.”‍
‘‘අත් බේත් කරල බැලූ‍ව පුපුරල යයිද කියල.”‍

එහෙම පුපුරල ගියත් හරියට ප‍්‍රතිකාර කර ගත්තෙ නැත්නම් ආයෙම හැදෙනව. මේක ඔපරේෂන් තියටර් අරන් පලල හොඳට  ශුද්ධ කරන්න  ඕනෙ.  අදම ඇඞ්මිට් වෙන්න. දියවැඩියාව තියෙනවනෙ. ”‍

‘‘‍ඔව් අවුරුදු පහක වෙලේ ඉඳන් සීනි තමා.  බෙහෙත් වුණත් ඉතින් සමහර වෙලාවට මග ඇරෙනවා. කෑමෙන් පාලනය වෙන්න කිව්වට ඒව හරියට කරගන්න බැරි වෙන වෙලාවල් තියෙනව. කීයක් හරි හොයා ගන්න එළියට නොබැහැත් බැහැනෙ. දුප්පත් අපිටම තමයි හැම වින්නැහියක්ම”‍

”‍සීනි වලට හරියට බෙහෙත් කරගන්නෙ නැතිවනෙ .. මේ තව ලෙඩ හදා ගෙන තියෙන්නෙ. දැන් අපි ලේ වල සීනි බලනව. වැඩි නම් ඉන්සියුලින් විදින්න වෙනව.  සීනි හරියට පාලනය වෙන්න  ඕනෙ සනීප වෙන්න නම්”‍
 ‘‘අනේ මොනව හරි කරල මේ කැක්කුම නවත්තල දෙන්න පින් සිද්ද වෙනව”‍

රෝගියා රෝහල් ගතකර ඉන්සියුලින් ලබා දී රුධිරයේ සීනි මට්ටම සාමාන්‍ය අගයකට පවත්වා ගනු ලැබූ අතර ශල්‍යකර්මයකින් විසර ගෙඩියේ තිබුණු සැරව ඉවත් කරන ලදී. යළි සැරව එකතුවීමට ඉඩ ඇති බැවින් තුවාලයට මැහුම් නොදමා  විවෘතව තැබූ අතර අයඩින්හි පෙඟවූ ගෝස් කැබැල්ලකින් සෑදුන සිදුර පුරවන ලදී. දිනපතා තුවාලය පිරිසිදු කොට නිරෝගී සම වැඩෙන තුරු ප‍්‍රතිජීවක ඖෂධ  එන්නත් කෙරිනි.

සම මත විසර ගෙඩියක් සෑදෙන විට මුලින්ම එම ස්ථානය රත්පැහැයක් ගනී.  සම තද ගතියක් ගන්නා අතර අත තබා තද කළ විට වේදනාවක් දැනේ. ක‍්‍රමයෙන් ඉදිමීමත් වේදනාවත් වැඩි වන අතර එතැන උෂ්ණත්වයද වැඩි විය හැකිය.  වසා ගැටිති ප‍්‍රදාහයද සිදු වේ. බැක්ටීරියා හා සිරුර කරන සටනේ ප‍්‍රතිඵලයක් ලෙස මිය යන සුදු  රුධිර ෙසෙලත්, විනාශ වූ පටක වල මිය ගිය ෙසෙලත් ඒ මත වැගිරුන පටක තරලයත් එක්ව සැරව සෑදී ක‍්‍රමයෙන් එක් රැුස් වීමෙන් විසර ගෙඩියක් හට ගනී. සැරව වල පීඩනය වැඩි වන විට ගෙඩියේ මුදුනේ ඇති දුර්වල ස්ථානයෙන් සැරව පිටතට කාන්දු විය හැකිය. එවිට ස්නායු තෙරපුම අඩු වන බැවින් දැඩි වේදනාව අඩු වී  තාවකාලික සහනයක් දැනේ. එහෙත් නිසි ලෙස ප‍්‍රතිකාර නොගතහොත් නැවත සැරව එක්රැුස් විය හැකිය.

දරුවෙකු මව් කුස වැඩෙන සමයේ විෂබීජ රහිත පරිසරයක නිරුපද්‍රිතව සිටියද උපත ලබනවාත් සමගම සිඟිත්තා වට කර ගන්නේ විෂබීජ වලින් පිරුණු පරිසරයකි. සොබාදහම එය දන්නා බැවින් ඒවායින් ආරක්ෂා කිරීමට නොයෙකුත් විධි විධාන යොදා ඇත. මුල්ම මව් කිරෙහි ඇති ප‍්‍රතිදේහ වලින් දරුවා ආරක්ෂා වේ., සම මත කොලනි තනා ගන්නා රෝග ඇති නොකරන බැක්ටීරියා නිසා රෝගකාරී විෂබීජවලට වැඩෙන්නට ඉඩ නොලැබේ.  අලූ‍ත උපන් දරුවන් නෑවීමේ දී සබන් පාවිච්චි කිරීමෙන් සමෙහි ප‍්‍රතිශක්තිය අඩු විය හැකි බව වෛද්‍යවරු පවසන්නේ එබැවිනි.  මිනිස් සම මත ඇති කෙරටින් ස්ථරය ද විෂබීජ වලට ඇතුල් වීමට නොදී සාර්ථක ආවරණයක් සේ ක‍්‍රියා කරයි.

එසේ නම් සම මත විසර ගෙඩි සෑදෙන්නේ කෙසේද?  ඇසට නොපෙනෙන මට්ටමෙන් හෝ නිරෝගී සමේ පලූ‍දු වීමක් සිදු වුව හොත් ඒ තුළින් ක්ෂුද්‍ර ජිවීන් ඇතුළු‍ වී තම රාජධානිය පිහිටුවා ගනී. ඔවුන් වඩාම කැමති තෙත උණුසුම් ලිහිල් පටක වලින් සැදි ප‍්‍රදේශ වලටයි. එවන් ස්ථාන වන තට්ටම් පෙදෙස, ලිංගාශ‍්‍රිත පෙදෙස්, ගුද මාර්ගය අවට, කිහිල්ල ආදී ස්ථාන වල විසර ගෙඩි බහුලව දකින්න ලැබෙන්නේ ඒ නිසා ය.  රෝම කූප සම සිදුරුකරගෙන පිටතට පැමිණෙන ස්ථානද විෂබීජ ඇතුළු වන දොරටුවක් විය හැකිය. විසරගෙඩි සෑදුන විට නිතර එතැන අතපත ගෑම, තද කිරීම ආදිය නොකළ යුතු ය. විෂබීජ රුධිරයට එක් වුවහොත් ලේ විෂ වීමට ද ඉඩ ඇත. රුධිරය මගින් බැක්ටීරියා සිරුරේ වෙනත් ස්ථාන වල තැන්පත් වී ඒ තැන් වලද ගෙඩි හට ගැනීමේ අවදානමක්ද ඇත.

සැරව ගෙඩි සමේ  ඕනෑම ස්ථානයක මෙන්ම සිරුර අභ්‍යන්තරයේ අවයව තුළ ද ඇති විය හැකි ය. විවිධ හේතූන් නිසා ශරීරයේ ප‍්‍රතිශක්තිය අඩු වන අවස්ථා වල එය සිදු වේ.

දීර්ඝ කාලීන ස්ටීරොයිඞ් කාණ්ඩයට අයත් බෙහෙත් වර්ග ගන්නා අය, පිළිකා රෝගවලට කීමොතෙරපි ප‍්‍රතිකාර ගන්නා අය, දියවැඩියා රෝගීන්, පර්යන්ත රුධිර වාහිනීවල අවහිර වීම් ආදිය ඇති අය, මත්පැන් හා මත් ද්‍රව්‍ය වලට ඇබ්බැහි වූ අය, වඩාත් අවදානම් කාණ්ඩයට අයත් වේ. ඒඞ්ස් රෝගීන්ට නිරන්තරයෙන්ම මෙවන් සැරව ගෙඩි වලින් පීඩා විඳීමට සිදු වේ.ඔවුන්ගේ අක්මාව, වකුගඩු, මොළය, පෙණහලූ‍ ආදී පටක තුළ සැරව ගෙඩි සෑදෙන අතර ඒවායෙහි රෝග විනිශ්චයකට එළඹීම පමා වීම සිදු වන්නේ පිටතට නොපෙනෙන බැවිනි. සැරව ගෙඩිය පිහිටි ස්ථානය අනුව රෝග ලක්ෂණ වෙනස් වේ.

අක්මාවේ නම් සිරුර කහ පැහැ ගැනීම, මොළයේ නම් ස්නායු ආබාධ, වලිප්පු තත්ත්වය මානසික වෙනස්වීම් ආදිය ඇති වේ. පොදු ලක්ෂණ ලෙස උණ, කෑම අරුචිය, කෙට්ටු වීම, වෙහෙස ගතිය ආදිය ඇති විය හැකි ය. ඊට අමතරව කලින් සමේ පවතින ගැටිති ආදිය ආසාදනය වී සැරව ගෙඩි බවට පත් විය හැකිය. කාන්තාවන්ගේ ලිංගික පෙදෙසේ ඇති ග‍්‍රන්ථියක් වන ඊ්රඑයදකසබ‘ි ටක්බා ආසාදනය වීම නිසාද ඒ ස්ථානයේ සැරව ගෙඩියක් සෑදෙන අතර එය ප‍්‍රසව හා නාරි විශේෂඥ වෛද්‍යවරයකුට පෙන්වා විශේෂිත ශල්‍යකර්මයකින් නිසි පරිදි ප‍්‍රතිකාර කළ යුතු ය. එසේ නොකළහොත් නැවත නැවත මතුවෙමින් යට යමින් ආසාදන තත්ත්වය පැවැතිය හැකි බැවිනි.

බොහෝ විසර ගෙඩි සායනික පරීක්ෂාවෙන් රෝග විනිශ්චයකට එළඹිය හැකි අතර සිරුර තුළ ඇති වන තත්ත්වයන් ෑීඍල ත්‍ඊක්‍  ක්‍ඍඡු ආදී රුධිර පරීක්ෂාවන් ස්කෑන් හා ඵඍෂ පරීක්ෂාවන්ගෙන් සොයා ගැනීමට සිදු වේ. ප‍්‍රතිකාර බොහෝ විට ශල්‍යකර්ම මගිනි.

පෞද්ගලික පිරිසිදුකම මනාව පවත්වා ගෙන යාම මෙවන් ආසාදන වලක්වා  ගැනීමට බොහෝ ඉවහල් වේ.

වෛද්‍ය  ලංකා සිරිවර්ධන

  1. වැඩිහිටියන් ගොදුරුවන මල්ටිපල් මයලෝමාව දැන් ලංකාවේදී සුව කළ හැකිය
  2. පවුල් සංවිධානය ඔබට තවමත් ගැටලූවක්ද?
  3. නිතර කිවිසුම් යන්නේ පීනස නිසාම නොවේ
  4. ආ‍ලේපන මගින්වත් සමහර පිග්මන්ටේෂන් මැකී නොයන්නේ ඇයි
  5. පණු රෝගවලට තිත තබමු
  6. දියවැඩියාව, හෘද රෝග, පිළිකා නසන කපුකිණිස්ස
  7. ඇදුම රෝගය සමඟ බැඳී ඇති පීනස
  8. වකුගඩු රෝගය කල්ඇතිව නිර්ණය කර ප‍්‍රතිකාර ලබාගන්න
  9. දරුවන් ඉක්මනින් මල්වර වන හේතු අතර දන්තාලේප, සබන් හා ෂැම්පු
  10. ඩවුන්ස් සින්ඩ්‍රෝම් සහිත අයට දරුවන් බිහි කළ හැකිද?
  11. දරුඵල සිහිනය සැබෑ නොවීමට බලපාන ප්‍රධාන හේතු කිහිපයක්
  12. හඳුනානොගත් රෝග මෙකල බහුල වී තිබෙන්නේ ඇයි?
  13. අධිතයිරොයිඩතාවය හඳුනා ගනිමු
  14. ලස්සන වීමට මානසික ප්‍රසන්නතාවය වැදගත්
  15. දරුවාගේ ඇදුම පාලනය කරගන්න මේ උපදෙස් පිළිපදින්න

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.