lakbima.lk

 
දරුවන්ට මව්කිරි තරම් අගනා වෙනත් කිසි අහරක් නැති බව නව පර්යේෂණ මගින් යළි යළිත් තහවුරු වෙමින් ඇත. ළදරුවකුගේ සමබල පෝෂණයට හා  නිරෝගීභාවයට අවශ්‍ය ප්‍රෝටීන, මේද, විටමින්, ඛනිජ හා විවිධ එන්සයිම වර්ග සියල්ල මව්කිරෙහි නිසි පදමට කැටිවී ඇත. එය නියම වේලාවට ප‍්‍රතිදේහ නිපදවමින් ළදරුවාගේ ප‍්‍රතිශක්තිය වර්ධනය කරයි. නව පර්යේෂණයන්ගෙන් ඔප්පුවී ඇත්තේ මව්කිරිවල අප මෙතෙක් සිතා සිටියාට වඩා ශක්තියක් අන්තර්ගතව ඇති බවයි. 
 
2010 වසරේදී ගොතෙන්බර්ග් හා ලූන්ඞ් සරසවි එක්ව ස්වීඩනයේ කරන ලද පර්යේෂණයකින් හෙළිවී තිබුණේ මව්කිරිවල පිළිකා ෙසෙල විනාශ කළ හැකි සංඝටක අඩංගු වන බවයි. 2014දී එක්සත් ජනපදය හා  ඕස්ටේ‍්‍රලියාව එක්ව කළ පර්යේෂණයකින් අනාවරණය වී ඇත්තේ නොමේරූ උපත් ලද ළදරුවන්ට මව්කිරි දීම නිසා ඔවුනට ඇතිවිය හැකි ඇතැම් භයානක රෝග තත්ත්වයන් පවා වළකා ගත හැකි බවය. එවන් දරුවන්ට වැළඳීමට ඉඩ ඇති necrotizing enterocolitis නමැති දරුණු ප‍්‍රතිවිපාක ඇති රෝගය මව්කිරි නිසා වැළකෙන අයුරු මේ අධ්‍යයනයේදී ඔවුන් තහවුරු කරගෙන ඇත.
 
 
හෙල්සින්කි විශ්වවිද්‍යාලය පසුගිය වසරේ කළ අධ්‍යයනයකින් පැවසෙන්නේ අවම වශයෙන් මාස 6ක්වත් මවගේ කිරි බීමට වාසනාව ලබන ළදරුවන්ගේ අන්ත‍්‍ර තුළ සිටින ප‍්‍රතිජීවක වලට ප‍්‍රතිරෝධී බැක්ටීරියා ප‍්‍රමාණය, ඊට අඩු කාලයක් මව්කිරි ලද ළදරුවන්ගේ අන්ත‍්‍රවල සිටින එවන් බැක්ටීරියාවන්ට වඩා අඩු බවයි. එහි අරුත වන්නේ අවම වශයෙන් සමසක්වත් මව්කිරි නොලද දරුවන්ට බැක්ටීරියා ආසාදනයක් ඇතිවුවහොත් ඖෂධ සෙවීම පවා පහසු නොවන බවය.
 
පසුගිය වසරේම එඩින්බරෝ සරසවිය ද මව්කිරි සම්බන්ධව  පර්යේෂණ වාර්තාවක් ප‍්‍රකාශයට පත්කර ඇත. නොමේරූ දරුවන් වෙනුවෙන් නිපදවා ඇති මව්කිරි ආදේශක වෙනුවට මව් කිරිම ලබාදුන් දරුවන්ගේ මොළයේ වර්ධනය වඩා යහපත්වන බව ඉන් පැවසේ.
 
ජර්මනියේ කොලොනේ සරසවියේ පර්යේෂකයන් තවත් අපූරු සොයාගැනීමක් කර ඇත. නාස්පුඩු තුළින් මව්කිරි දැමීමෙන්, අඩු බරැති හා මොළයට දැඩි හානි සිදුවූ නොමේරූ ළදරුවන් රැකගත හැකි බව ඒ අනාවරණයයි. එසේ කිරීමෙන් ස්නායු වර්ධනය වන බව ඔවුහු පවසති. 
 
මෙවැන්නක් වාර්තා කෙරෙන ප‍්‍රථම අවස්ථාව මෙය වුවත් නාසයට මව්කිරි දැමීම ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේදී නම් අලූත් දෙයක් නොවේ. නොමේරූ දරුවන්ගේ මොළයේ හානි පිළිසකර කිරීමට සමත් මෘදුස්ථර ෙසෙල මව්කිරිවල අඩංගු බව The European Journal of Paediatrics හි පළවූ පර්යේෂණ වාර්තාවක් ද පවසයි.
 
තවමත් ළදරු අවස්ථාවේ පැවැතියත් එම අනාවරණය මව්කිරි සම්බන්ධ නව ප‍්‍රාතිහාර්යයන් පෑමේ මූලාරම්භය බව පැවැසේ. 
 
ලොව පුරා මව්වරුන් තම කිරෙන් දරුවන් පෝෂණය කිරීම සඳහා දිරිමත් කිරීම වැදගත් බව නැවත නැවතත් අවධාරණය වෙමින් පවතී. අනාගත පරපුර නිරෝගිමත් කිරීම සඳහා එය ඉතා වැදගත් පදනමක් වනු ඇත. අඩුම තරමින් මාස 6ක්වත් ළදරුවන් තම කිරෙන් පෝෂණය කිරීමේ වාසිත් කෘත‍්‍රිම ආදේශක ඒ සඳහා භාවිත කිරීමේ අවාසිත් සම්බන්ධයෙන් මුළු සමාජයම දැනුම්වත් කිරීම අවශ්‍යය. 
 
මක්නිසාද යත් ළදරුවා වෙත රැඳෙමින් සැහැල්ලූ මනසකින් එම කටයුත්තේ යෙදීමට කාන්තාවන්ට අවශ්‍ය නිදහස හා පහසුකම් ලබාදීම ඒ සැමගේ යුතුකම මෙන්ම වගකීම ද වන හෙයිනි.
 
ඒ. ජී. දීපිකා ප‍්‍රියදර්ශනී
 
  1. පීනස වළක්වන පෙතිවල අතුරු ආබාධ වැඩියි
  2. හිසකෙස් නිරෝගීව වැඩෙන්න නම් එහි අගිසි කපා දැමීම අවශ්‍යයි
  3. බාහිර ද්‍රව්‍ය ස්පර්ශයෙන් ඇති වන චර්ම ප්‍රදාහය
  4. ගර්භනී මවට දියවැඩියා වැළඳී ඇත්නම් දරුවාටද දියවැඩියා වැළඳීමේ අවදානමක්
  5. දරුවන් නින්දෙන් ගෙරවීම සුව නින්දක් නොලබන බවට ඉඟියක්
  6. කාන්තා රූප ස්වභාවයට තර්ජනයක් වන ආර්තවහරණය
  7. උදරය පහසුවෙන් අඩුකරගත හැකි සරල ක‍්‍රම
  8. ඇතැම් වෙලාවට අපට හුස්ම ගැනීම අපහසු වන්නේ ඇයි?
  9. අසනීපව රෝහල් ගත කරන ඔබේ රෝගියා පිළිබඳවයි මේ උපදෙස්
  10. මොනවද මේ විසර ගෙඩි කියන්නේ
  11. වැඩිහිටියන් ගොදුරුවන මල්ටිපල් මයලෝමාව දැන් ලංකාවේදී සුව කළ හැකිය
  12. පවුල් සංවිධානය ඔබට තවමත් ගැටලූවක්ද?
  13. නිතර කිවිසුම් යන්නේ පීනස නිසාම නොවේ
  14. ආ‍ලේපන මගින්වත් සමහර පිග්මන්ටේෂන් මැකී නොයන්නේ ඇයි
  15. පණු රෝගවලට තිත තබමු

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.