lakbima.lk

අත් හිරිවැටීම අද සමාජයේ බොහෝ දෙනා තුළ සුලභව දැකිය හැකි තත්ත්වයකි. මේ තත්ත්වය නිතර නිතර සිදුවේ නම් මෙය රෝගී ලක්ෂණයකි. ස්තී‍්‍ර පුරුෂ භේදයකින් තොරව ඇතිවන මෙම තත්ත්වය නව්‍ය වෛද්‍ය විද්‍යාවේදී carpal tunnel syndrome ලෙසින් හඳුන්වන අතර ආයුර්වේදයේදී මෙම තත්ත්වය විශ්වාචී වාත රෝග ගණයට අයත් රෝගී තත්ත්වයක් ලෙස හැඳින්වේ. බටහිර වෛද්‍ය ක‍්‍රමය තුුළ මෙම රෝගයට ඇති අවසාන විසඳුම ශල්‍යකර්මයකි. එහෙත් ආයුර්වේදයේ මෙම රෝගය වෙනුවෙන් ඉතා දියුණු චිකිත්සක ක‍්‍රමයන් රැසක් පවතී.

මෙම කාරණය ප‍්‍රධාන වශයෙන්ම හටගනු ලබන්නේ අතේ මැණික් කටුවේ සන්ධියෙනි. මුල් ඇගිලි දෙක තුළ මෙම හිරිවැටීම සිදුවුවද කල්යාමේදී රෝගියාට දැනෙනුයේ සම්පූර්ණ අතම හිරිවැටී ඇති බවකි.

මැණික් කටු සන්ධියේ මධ්‍යම ප‍්‍රමාණයේ ස්නායුවක් (Medium Nerve) ගමන් කිරීම සඳහා විවර වූ කුඩා මාර්ගයක් (Cannal) ඇත. එම මාර්ගය තන්තු (Trans verse ligament) ඉදිමීමක් හෝ ඝනවීමක් හේතුවෙන් පටු වීමකට ලක්වෙයි. එවිට ස්නායුව තදවී තෙරපීමකට ලක්වීම හේතුවෙන් ඇගිලි හිරිවැටීම සිදුවේ. ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයේ ඉගැන්වෙනුයේ ශරීරයේ වාත කෝප කරන හේතු වැඩිවීම හේතුවෙන් මෙවැනි රෝග තත්ත්වයන්ට ප‍්‍රධාන හේතුව වෙන බවයි. ඊට අමතරව නිදිවැරීම, අධික වෙහෙසකර වැඩවල අඛණ්ඩව යෙදීම, රළු ආහාර වැඩිපුර ගැනීම, යතුරු පැදිවල වැඩිපුර කාලයක් ගමන් කිරීම, නිතර අත වෙහෙසවා කරන වැඩ කටයුතුවල නිරතවීම හේතුවෙන් මෙම රෝග තත්ත්වය මතුවේ. එසේම වැටීම් තැලීම්වලදී සන්ධි බිඳීමක් වී එය නිසි ආකාරයකින් සුවවී නොතිබීම වැනි හේතු ද කාපල් ටනල් රෝගයට හේතුවන බව හෙළි වී තිබේ. එබැවින් යම්කිසි අවස්ථාවක එවැනි වැටීමකට හෝ තැලීමකට මුහුණ පෑවේ නම් ඒ පිළිබඳ අවධානයෙන් පසුවීම ඉතා වැදගත් වේ.

මෙකී කරුණු කාරණාවලට අමතරව සන්ධිගත රෝග ආතරයිටීස් වැනි රෝග තත්ත්වයන්ද අධික ස්ථුලතාවයද පවුල් සැලසුම් ක‍්‍රම සඳහා ලබා ගන්නා ඖෂධ මගින් ද අත් හිරිවැටීම සිදුවිය හැකිවීම  මෙම රෝගයට හේතුවෙයි. කලාතුරකින් අත හිරිවැටීම ගැබිනි මාතාවන් අතර සුලභව දැකගත හැක. එහෙත්  ගර්භණී සමයේ දී ඇතිවන අත් හිරිවැටීමේ තත්ත්වය දරු ප‍්‍රසූතියෙන් පසු බොහෝ දුරට මගහැරී යයි. එසේ නොවේ නම් පමණක් ප‍්‍රතිකාර සඳහා යොමු විය යුතුය. මෙම තත්ත්වයට පත් රෝගියාට යම්කිසි කාර්යයක නිරත වීමට අපහසු වේ. අතින් ඒකාකාරීව වැඩක නිරතවීමට අපහසු වෙයි. එසේම අතෙහි ඇඟිලි නලියන ස්වභාවයක් ගනියි. වැඩිපුර රාතී‍්‍ර නින්දෙන් පසුව නැගිටින විට අතෙහි මේ තත්ත්වය ඇති වෙයි. එසේම යමක් ඇල්ලීමට යාමේදී එය වැටීමටද පුළුවන. මේ සඳහා නියමිත ප‍්‍රතිකාර නිසි අවස්ථාවේදී නොකළහොත් ක‍්‍රමයෙන් මෙම රෝගී තත්ත්වය වර්ධනය වී අතින් කරන සියලූ කටයුතු කිරීමේ හැකියාව නැති වී යෑමට පවා ඉඩ තිබේ. ඒ මාංශ පේශීන් හීන වීම හා මාංශ ක්ෂය වීම නිසාවෙනි. එසේම මහත් වේදනාකාරී තත්ත්වයක් ද ඇතිවෙන අතර නිතර නිතර අත පිච්චෙනවාක් මෙන් වේදනාවක් ඇති වීමටද හැක.

මේ සඳහා ආයුර්වේද වෛද්‍ය ක‍්‍රමයට අනුව සාර්ථක ප‍්‍රතිකාර පද්ධතියක් ඇත . මෙහිදී අතෙහි හිරිවැටෙන ප‍්‍රදේශය තෙල් ගා සම්බාහනය කිරීම, ක්ෂාය තැම්බූ ජලයෙන් එම ස්ථානයන් ස්වේද ගැල්වීම හෙවත් වාෂ්ප ඇල්ලීම හා දිය කඳුරු ගෙඩියක් තලා එම ස්ථානය තැවීම මෙන්ම ආයුර්වේද ඖෂධීය කී‍්‍රම් වර්ගයන් එම ස්ථානයේ ආලේප කිරීම මගින් හිරිවැටෙන ස්ථානය මොළොක් කිරීම සිදුකරනු ලබයි. මෙහිදී මෙම සියලූම ප‍්‍රතිකාරයන් ආයුර්වේද වෛද්‍ය වරයෙකුගේ උපදෙස් පරිදි සිදුකර ගැනීම අත්‍යවශ්‍ය වේ.

මේ රෝග තත්ත්වය සඳහා නිවසේදීම සිදුකරගත හැකි ආයුර්වේද ඖෂධීය අත් බෙහෙත් කිහිපයක් ද වේ. මේ සඳහා ලූණුවරණ කොළ, ගොරක, වල් අඹරැුල්ලා කොළ හා පොතු තැම්බූ වතුරට උදේ සවස විනාඩි 15 ක් පමණ වේලාවක් අත දමාගෙන සිටීම උඵහාල් පෙරුම්කායම් තිත්ත අබිං සමව ගෙන රාතී‍්‍ර දෙකක් ජලයේ පොඟවා අඹරා මැණික් කටුවේ සන්ධියේ ආලේප කිරීම වැනි ප‍්‍රතිකාර සිදුකර ගත හැකිය. එහෙත් පළපුරුදු වෙද්‍යවරයෙකුගේ උපදෙස් පරිදි ඖෂධීය ප‍්‍රතිකාර සිදුකිරීමෙන් මේ රෝගී තත්ත්වය නිට්ටාවටම සුවකරගත හැක.

 එහෙත් අතහිරි වැටීමට එකම හේතුව කාර්පල් ටනල් තත්ත්වය නොවේ. එහෙයින් ඔබම රෝග විනිශ්චය කර අත්බෙහෙත් නොකර වෛද්‍ය උපදෙස් ලබා ගැනීම වඩාත් සුදුසු වෙයි. මෙම ප‍්‍රතිකාර සිදුකරන අතරතුර රෝගියකු සීතල වතුර ඇල්ලීමෙන් වැළකිය යුතුය. ඒ සඳහා මද රස්නයෙන් යුතු වතුර භාවිතා කළ යුතුය. මදක් රත් වූ වතුරට ලූණු දමා අදාළ ස්ථානය තැවීම හා එහි දෑත් ගිල්වා තබාගෙන සිටීම සුදුසුය. එමෙන්ම අධික නිදි වැරීම සිදුනොකළ යුතු අතර අධික ලෙස වෙහෙසට පත්වෙන කටයුතුවලින්ද ඉවත් වී සිිටිය යුතුය.

කාර්පල් ටනල් රෝගීන් සඳහා වූ සායනයක් නාවින්න ආයුර්වේද පර්යේෂණ මධ්‍යස්ථානයේදී සෑම සතියේ දිනකම පෙ.ව. 9 .00 12 .00 දක්වා වූ කාලවේලාවන් තුළදී පැවැත්වේ.

මෙම ලිපිය නාවින්න බණ්ඩාරනායක ජාත්‍යන්තර ආයුර්වේද පර්යේෂණායතනයේ ‍ජ්‍යෙෂ්ඨ වෛද්‍ය රුවිනි ප්‍රීතිකා මෙන්ඩිස් සමග කළ සාකච්ඡාවකින් ලියවේ.

චමිලා අල්විස්

ඍ‘‰ýඬන්‍දා

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.