lakbima.lk

ඇස්වලට බලපාන ගැටලු දෙකක්

ඇස් වලින් නිතර කඳුළු ගලනවා නම් !

ඇසිපියවල ආසාදනයන් වලදී දෑසින් නිතරම කඳුළු ගැලීමක් සිදු විය හැකියි. දැඩි සුළඟට මුහුණ දීම, වායු සමනය කළ ස්ථානවල වැඩි කාලයක් රැඳීම, විවිධ රෝගී තත්වයන් හා ඒ සඳහා භාවිතා කරන සමහර ඖෂධ වර්ග, දෑස් බාගෙට පියවී නිදා ගැනීම වැනි තත්වයන් නිසා මෙසේ දෑස්වල කඳුළු අසාමාන්‍ය ලෙස ඇති විය හැකිය. බාහිරින් යමක් ඇසට වැටීමෙන් ද මෙවැනි තත්වයන් ඇති විය හැකියි. මෙවන් විටෙක හැකි ඉක්මනින්ම අක්ෂි වෛද්‍යවරයෙකුගේ උපදෙස් අනුව කටයුතු කළ යුතුය.

නිතරම ඇස් රතු වෙනවාද

කබ කඳුළු ගලා හෝ ඇස් කැසීම නිසා ඇස් රතු වීම ද යහපත් නැත. අපිරිසිදු ස්ථානවල ගැවසීමෙන් මෙම ආසාදන තත්වය ඇති වේ. අපිරිසිදු දෑතිින් දෑස් පිස දැමීම ද මීට හේතුවකි. දෑත් අපිරිසිදු වූ හැම විටම දෑත් පිරිසිදු කර ගැනීම ඉතාම අත්‍යවශ්‍යය. මෙහිදී ඇස් කසා ඇස් රතු වී දෑස් පියන් ඉදිමීමට ඉඩ නොදී අක්ෂී වෛද්‍ය උපදෙස් අනුව කටයුතු කිරීම කළ යුතුමය.

ඹුක්කන කීර්ති එස්. කුමාර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.