lakbima.lk

හෘදයාබාධය හඳුනා ගනිමු




හෘදයාබාධ නිසා මිය යාම අද ඉතා සුලබ තත්ත්වයක්. එනිසා හෘදයාබාධ සම්බන්ධ මේ කරුණු ඔබට ඉතාමත් වැදගත් වේවි.

හෘදයාබාධයක දී ඇති වන මූලික ලක්ෂණ
බොහෝ දෙනෙකු වැඩි වශයෙන් මුහුන දෙන අත්දැකීම නම් පපුව මැද ඇති වන පපුව හිර කරන්නාක් මෙන් දැනෙන කැක්කුමයි. සමහර අවස්ථාවල දී මෙය දැවිල්ලක් ලෙසද දැනීමට ඉඩ තිබෙනවා. මේ කැක්කුම පපුවේ මැදින් පටන් ගෙන උරහිස දෙසට, බෙල්ල දෙසට ගමන් කළ හැකියි. මෙම කැක්කුම වැඩිපුර ගමන් කරන්නේ වම් උරහිස පෙදෙසට වුවත් සමහර රෝගීන්ගේ දකුණු උරහිස පෙදෙසටද ගමන් කිරීමට ඉඩ තිබෙනවා. ඇන්ජයිනා කැක්කුමක දී මෙන් නොව හෘදයාබාධයක දී ඇති වන කැක්කුම විවේකයෙන් සිටින විටදීත් ඇතිවිය හැකියි. මීට අමතරව ඇති වන තදබල කැක්කුමත් සමග අධික ලෙස දහඩිය දැමීම, ඔක්කාරය, වමනය, ක්ලාන්ත ගතිය, හතිය කරකැවිල්ල වැනි රෝග
ලක්ෂණද ඇති විය හැකියි.

හෘදයාබාධයක් නිසා ඇතිවන පපුවේ කැක්කුම සහ වෙනත් හේතුවක් නිසා ඇතිවන පපුවේ කැක්කුම වෙන් කර හඳුනා ගන්නේ කෙසේද?
සෑම පපුවේ කැක්කුමක්ම හෘදයාබාධයක් නිසා ඇති වන ඒවා නොවෙයි. හෘද රෝගවලට අමතරව වෙනත් රෝග සහ හේතු නිසාත් පපුවේ කැක්කුමක් ඇති වන්න පුළුවන්. ඒ අතර පපුවේ මස් පිඬු වේදනාව බොහෝ විට වරදවා තේරුම් ගනු දකින්නට තිබෙනවා. තවද ඉල ඇට සහ කාටි‍ලේජ අතර ඇති කුඩා සන්ධි ඉදිමීම, ආමාශගත අම්ල ගලනාලය දිගේ ඉහළට ගමන් කිරීම නිසා ඇතිවන ගැස්ට්‍රයිටිස් තත්ත්වයෙන් ඇති වන දැවිල්ල ද මෙසේ ඇති විය හැකි පපුවේ වේදනායි.
දරුණු හෘදයාබාධයක් වැළඳුණු අයගෙන් 20ක් පමණ රෝහලකට රැගෙන යාමට පෙර ක්ෂණිකව මිය යාමට ඉඩ තිබෙනවා. තවත් 5ක් පමණ රෝහලට රැගෙන ගොස් එම හෘදයාබාධයට ප්‍රතිකාර කරන අතරතුර එම රෝග තත්ත්වය නිසා ඇතිවිය හැකි සංකූලතා නිසා මිය යනවා. එනිසා හෘදයාබාධයක් සෑදෙන හැම හතර දෙනෙකුගෙන්ම එක් අයෙකු මිය යාමට ඉඩ තිබෙනවා. හෘදයාබාධයක් හැකි ඉක්මනින්ම හඳුනා ගැනීමත් ඒ සඳහා ඉක්මනින්ම ප්‍රතිකාර කිරීමත් අවශ්‍ය වන්නේ මේ නිසයි. නමුත් අවාසනාවකට බොහෝ හෘදයාබාධයන් වැළඳුණු රෝගීන් රෝහලකට පැමිණෙන්නේ පැය දෙක තුනක් ප්‍රමාද වී බැවින් ඔවුන්ට සම්පූර්ණ සුවය ලැබිමට තිබෙන අවස්ථාව නැතිවී විවිධ සංකූලතාවලට (ඛිධථනතඪජචබඪධදඵ) මුහුණ දීමට සිදු වෙනවා.
හෘදයාබාධයක් ඇතිවීමට තුඩු දිය හැකි ඉහත සඳහන් කළ හේතු අප අවදානම් සාධක ලෙස හඳුන්වනවා.

හෘදයාබාධයක් ඇති වීමට හේතු විය හැකි කරුණු

කිරීටක ධමනිවල අවහිර වීම නිසා හෘදයාබාධයක් ඇතිවීමට ප්‍රධානතම හේතූන් වන්නේ දියවැඩියාව, අධික රුධිර පීඩනය, රුධිරයේ කොලෙස්ටරෝල් සාන්ද්‍රණය වැඩි වීම වැනි රෝග තත්ත්වයන් තිබිම සහ දුම්පානයයි. තවද පවු‍ලේ ළඟ ඥාතියෙකුට (එනම් පියාට හෝ මවට, සොහොයුරෙකුට හෝ සොහොයුරියකට) හෘදයාබාධයක් වැළඳී ඇත්නම් එවැනි අයටද හෘදයාබාධයක් ඇති වීමේ වැඩි අවදානමක් තිබෙනවා. මේ හැරුණු විට තරබාරු බවද, දැඩි මානසික ආතතියද, ව්‍යායාම නොකර අලස ලෙස සිටීම හෘදයාබාධ හට ගැනීමට බලපාන තවත් සාධක ලෙස හඳුන්වන්න පුළුවන්.  

හෘදයාබාධයන්ට මග පාදන අවදානම් සාධක
* සෞඛ්‍යයට අහිතකර ලෙස පවතින රුධිරයේ කොලෙස්ටරෝල් මට්ටම් - LDL කොලෙස්ටරෝල් එනම් නරක කොලෙස්ටරෝල් තිබිය යුතු ප්‍රමාණයට වඩා වැඩි වීම සහ HDL කොලෙස්ටරෝල් එනම් හොඳ කොලෙස්ටරෝල් තිබිය යුතු ප්‍රමාණයට වඩා අඩු වීම.
* අධික රුධිර පීඩනය පැවතීම - එනම් රුධිර පීඩන අගයන් 140/90 mmHg හෝ ඊට වඩා වැඩි අගයක කාලයක් තිස්සේ පැවතීම.
* දියවැඩියාව - පාලනය නොකළ දියවැඩියාව කලක් තිස්සේ පවතින විට කිරීටක ධමනි වල කොලෙස්ටරෝල් තැන්පත් වී අවහිර වීමේ ක්‍රියාවලිය වේගවත් වීම.
* දුම්පානය - සිගරට් දුමෙහි අඩංගු විෂ රසායනිකයන් හේතුවෙන් රුධිර නාල අවහිර කරන කොලෙස්ටරෝල් තැන්පත් වීමේ ක්‍රියාවලිය වේගවත් වීම. මෙහිදී සක්‍රියව දුම් පානය කිරීම මෙන්ම දුම් පානය කරන අයෙකු ළඟ සිටීම නිසා දුම් පානය (අක්‍රිය දුම් පානය) ට ගොදුරු වීමද සැලකෙනවා.

 ක්‍රියාශීලී නොවීම
ක්‍රියාශීලී නොවී, සිරුර නොවෙහෙසා සිටින විට රුධිරයේ ග්ලූකෝස් සාන්ද්‍රණය සහ කොලෙස්ටරෝල් මට්ටම් ඉහළ යෑම.
අවහිර වීමේ ක්‍රියාවලිය සෙමින් සෙමින් අවුරුදු ගණනාවක් තිස්සේ සිදුවිය හැකි නමුත් එතැන රුධිර කැටියක් හිරවී රුධිර ගමනාගමනය සම්පූර්ණයෙන්ම නැවතීම විනාඩි කිහිපයක් තුළදී සිදුවිය හැකියි.
 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.