lakbima.lk

වැඩිහිටියන් ගොදුරුවන මල්ටිපල් මයලෝමාව දැන් ලංකාවේදී සුව කළ හැකිය

ලියුකේමියාව ලෙස වෛද්‍යවරුන් හඳුන්වන රෝගය සමාජයේ ‍පොදු ව්‍යවහාරයට අනුව ‍ලේ පිළිකාවයි. ඒත් වෛද්‍යවරුන් කියන හැටියට ලියුකේමියාව නොවන රුධිරය ආශ්‍රිත පිළිකා තවත් කීපයකි  “මල්ටිපල් මයලෝමා” නමැති රෝගයද එවැනි ලියුකේමියාව නොවන රුධිර ගත පිළිකා තත්ත්වයකි.  මෙම රෝගයේදී සිදුවන්නේ රුධිරයේ තිබෙන ප්ලස්ම තෙල්වල  අසාමාන්‍යතාවක් ඇති වීමයි. මේ සඳහා වැඩිපුර ගොදුරු වන්නේ වැඩිහිටියන්ය. මල්ටිපල් මයලෝමා රෝගී තත්ත්වයට අමතරව හොඩ්ග්කින් ලින්ෆෝමා   නන් හොඩ්ග්නින් ලින්ෆෝමා තත්ත්වයද රුධිර ආශ්‍රිතව ඇති වන පිළිකා තත්ත්වයකි. මෙම ඇට මිදුලු පිළිකා වර්ග කිහිපයටම ප්‍රතිකර්මය නම් ස්වායත්ත ඇට මිදුල බද්ධ ප්‍රතිකර්මයයි.

ඇට මිදුලු පිළිකා වර්ග අතරින් සමහර පිළිකා ලියුකේමියාව ලෙස හඳුන්වන අතර තවත් සමහර රෝගී තත්ත්ව ලියුකේමියාව නොවන බව මහරගම අපේක්ෂා රෝහ‍ලේ රුධිර පාරවිලයනය පිළිබඳ විශේෂඥ වෛද්‍ය ලක්මාලි මොරවක කියන්නීය.

ඇට මිදුලු බද්ධ සැත්කමක් යනු ශ්‍රී ලංකාවේ මෑතක් වන තුරුම නොකළ සැත්කමකි. ඒ නිසා රෝගීන්ට මේ සඳහා විශාල මුදලක් වැය කරමින් විදෙස් රටකට ගොස් සිදු කර ගැනීමයි. එසේ කර ගැනීමට නොහැකි රෝගීන් විශාල අපහසුතාවයට පත්වන අතර ඇතැම් රෝගීන්ට මිය යාමටද සිදුවේ.  එහෙත් මහරගම අපේක්ෂා රෝහල ඇට මිදුල බද්ධය මෙරටදී සිදු කිරීමට සමත් විය. එහි පළමු පියවර ලෙස 2016 දෙසැම්බර් මාසයේදී ස්වයාත්ත ඇට මිදුලු බද්ධ කිරීම සිදු කරන ලදී. ඒ අනුව ලියුකේමියාව නොවන රුධිර ආශ්‍රිත පිළිකා රෝගීන්ට ඇට මිදුලු බද්ධ කිරීම මේ වන විට මහරගම අපේක්ෂා රෝහ‍ලේදී සිදු කරයි. ඒ අනුව මේ වන විට රෝගීන් පනස් තුන් දෙනෙකුට සාර්ථක ලෙස මෙම ඇට මිදුලු බද්ධ කිරීම සිදු කර තිබේ. ඒ වයස අවුරුදු 17ක් 62ත් අතර වයස් ඛාණ්ඩයේ රෝගීන් වෙති.

මේ සම්බන්ධයෙන් වෛද්‍ය ලක්මාලි මොරවක කියන්නේ “ස්වයං ඇට මිදුලු බද්ධ කිරීමේදී රෝගියාට ප්‍රතිකාර කිරීමෙන් අනතුරුව රෝගී තත්ත්වය සමනය වූ පසු එම රෝගීන්ගේ ඇට මිදුලුවල තිබෙන මූලික ෙසෙල යන්ත්‍රයක් ආධාරයෙන් වෙන් කරනවා. එම මූලික ෙසෙල සෘණ අංශක අසූවක උෂ්ණත්වයක ගබඩා කර තියනවා. ඊට පසුව රෝගියාගේ ඇට මිදුලුවල තිබෙන පිළිකා ෙසෙල සියල්ල විනාශ වන අයුරින් ප්‍රතිකාර කරනවා. පිළිකා ෙසෙල විනාශ වූ පසු ඔවුන්ගෙන් ලබා ගත් මූලික ෙසෙල නැවත එම රෝගීන්ට ලබා දෙනවා” යැයි කීවාය.

ස්වායත්ත ඇට මිදුලු බද්ධයේදී රෝගය පවතින්නේ ඇට මිදුලුවල නොවන බැවින් මෙහිදී ප්‍රතිකර්ම කිරීම පහසු බව ඇය කියන්නීය. ඇට මිදුලුවල රෝගය තිබෙන විට රෝගය රහිත ෙසෙල වෙන් කළ නොහැකි බැවින් එවිට වෙනත් පුද්ගලයෙක්ගෙන් ෙසෙල ලබා ගෙන රෝගියාට ලබා දීමට සිදුවන බවද ඇය පවසන්නීය. එය ලියුකේමියාව ලෙස හඳුන්වයි. එනම් ලියුකේමියාව සඳහා  කරනු ලබන ඇටමිදුලු බද්ධය පරායත්ත නැත්නම් දායක ඇට මිදුලු බද්ධයයි.
ස්වායත්ත ඇට මිදුලු බද්ධය සඳහා සිදු කළ සාර්ථක ඇට මිදුලු බද්ධයන් ලත් අත්දැකීම් ඔස්සේ අපේක්ෂා රෝහ‍ලේ වෛද්‍යවරු ඉතා නුදුරේදීම ලියුකේමියා රෝගයටද ඇට මිදුලු බද්ධ කිරීමේ කටයුතු සිදු කිරීමට කටයුතු යොදා තිබේ. ඒ සම්බන්ධයෙන් විශේෂඥ වෛද්‍ය ලක්මාලි මොරවක කියන්නේ.

“ලියුකේමියාව රෝගීන් සඳහා පරායත්ත ඇට මිදුලු බද්ධ කිරීමේදී  දායකයාගේ පටක රෝගියාගේ  පටකවලට සියයට සීයක් ගැළපෙන්න ඕන. මේ සඳහා පරීක්ෂණයක් සිදු කරනවා. මෙහිදී පටක ෙසෙල ලබා ගැනීමට ‍ලේ ඥාතීන් ප්‍රථමයන් පරීක්ෂා කරනවා.”

‍ලේ ඥාතීන්ට අමතරව ‍ලේ දන් දීම සිදු කරනවාත් මෙන් මේ සඳහා ද දායකයන් ලියා පදිංචි කිරීමේ වැඩසටහනක් දියත් කරන බවද ඇය කියන්නීය. දායකයාට මෙහිදී හානියක් නොවන අතර රුධිර ෙසෙල වෙන් කරගෙන මූලික ෙසෙල පමණක් මෙහිදී ලබා ගන්නා බවද ඇය කියන්නීය. මෙහිදී සිහි නැති කිරීමක් හෝ ශල්‍යකර්මයක් සිදු නොකරන බව ඇය පවසයි. එය රුධිර පට්ටිකා ප්‍රදායනය කිරීමට සමානය.

“ස්වායත්ත ඇට මිදුලු බද්ධයට වඩා රෝගියාට සංකූලතා ඇති වීමේ අවස්ථාව වැඩියි. එනිසා රෝගීන්ට වෛද්‍ය ප්‍රතිකාර දිගු කාලයක් සිදු කළ යුතුය. දායකයාට බලපෑමක් වෙන්නේ නෑ. රුධිර ලබා ගන්නා ආයතන මගින් දායකයා පිළිබඳව මාස 6 කින් පසු විපරමක් කරනවා.”

ලියුකේමියා රෝගීන් සඳහා වන ඇට මිදුලු බද්ධය සිදු කිරීමට රෝහල් කාමර   6ක් අවශ්‍ය බවත් මේ වන විට එම කාමර සකස් කරමින් සිටින අතර එය සකස් කළ පසු මෙම බද්ධය සිදු කරන බවත් ඇය වැඩිදුරටත් කීවාය.

විශේෂඥ වෛද්‍ය ලක්මාලි මොරවක

තනූජා නානායක්කාර

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.