lakbima.lk

පවුල් සංවිධානය ඔබට තවමත් ගැටලූවක්ද?

‘‘ඩොක්ටර් මෙයාට බබෙක් ලැබෙන්න යනව. අපිට මේක නැති කරගන්න අවශ්‍යයි. මොනව හරි පෙත්තක් දෙන්න. කවුද හිතුවෙ මෙහෙම දෙයක්”‍

කඩවසම් සිරුරකින් යුත් උගත් වැදගත් පෙනුමකින් යුතු ඔහු පවසන්නේ සැහැල්ලූ‍වෙනි. මනා ලෙස ඔසරියකින් සැරසී සිටින, හැඩකාරියක් වූ විසිපස් වෙනි වියේ පසු  වන ඔහුගේ පෙම්වතිය  මා අසල හිඳ සිටින්නේ  කිසිවක් නොකියා වුවත්, ඇගේ වත දෙස බලන මට ඈ ගැටලූ‍වකට මැදි වී ඇති බව පෙනේ.

‘‘කරුණාකරල ඔයා පොඞ්ඩක් එළියට යනවද? මට මෙයා එක්ක ටිකක් කතා කරන්න  ඕනෙ”‍
‘‘තව මොනව කතා කරන්නද”‍  අසනවාක් වැනි නුරුස්නා බැල්මක් මා වෙත හෙලූ ඔහු කාමරයෙන් පිටතට ගියේ ය.
තරුණිය මගේ මේසය මත හිස ගසා ගත්තේ  ‘‘‍අනේ ඩොක්ටර් මට මගෙ දරුව නැති කර ගන්න බැහැ.”‍ කියමිනි.  තරමක් වේලා එසේ සිටි ඇය කඳුළු‍ පිරි දෙනෙතින් නැවත හිස එසවුවා ය.”‍ අනේ එයාට කොහොම හරි කතා කරල දරුව හදන්න කැමති කරල දෙන්න. අපිට හෙට වුණත් බඳින්න පුළුවන්”‍  ඒ ඇගේ ඉල්ලීමයි.

ඇය ගුරු පත්වීමක් ලබා දුෂ්කර සේවයට ගොස් තවම මාස කිහිපයකි.   ඔහුට ද හොඳ  රැකියාවක් තිබේ. ඔවුන් දෙදෙනාට විවාහයට බාධාවක් ඇති බවක් නම් නොපෙනේ.‘‘‍හොදයි මම කතා කරල බලන්නම්.”‍  ඇයව පිටත යැවූ මම ඔහු සමග කතා කළෙමි.

‘‘‍අයියෝ බඳින්න නම් බෑ දැන්ම. තව කොච්චර දේවල් තියෙනවද කර ගන්න.”‍  ඔහු මගේ යෝජනාව එක හෙළාම ප‍්‍රතික්ෂේප කළේය. ගබ්සාවක ඇති අතුරු ආබාධ වටහා  දී නැවත දෙදෙනා සාකච්ඡා කොට තීරණයක් ගැනීමේ අවශ්‍යතාවය පැහැදිළි කිරීම හැර වෙනත් කිසිවක් කළ නොහැකි තත්ත්වයක් තිබුණි.

ඔවුන් පවුල් සංවිධාන ක‍්‍රමයක් අනිවාර්යයෙන්ම භාවිතා කළ යුතුම වූ යුවළකි. රට පුරා මෙවන් අත්දැකීම් දහස් ගණනකට  වෛද්‍ය වරුන්ට දිනපතා මුහුණ දීමට සිදු වේ. ගබ්සාවක් වළක්වා ගැනීම කාන්තාවකගේ සෞඛ්‍ය තත්ත්වය ආරක්ෂාවට ඉතා වැදගත්ය.

ආදි කාලයේ මෙන් නොව දැන් පවුල් සැලසුම් ක‍්‍රම බොහෝ තිබේ. උපදෙස් ගැනීමට පළාතේ ප.සෞ. නිලධාරිනිය සිටී. සෑම රෝහලකම  පවුල් සැලසුම් සායන තිබේ.  ඕනෑම කෙනෙකුට විශේෂඥ වෛද්‍යවරයකු වුවද හමු විය හැක. දැනුම ලබා ගැනීමට බොහෝ මං පෙත් විවර වී ඇත. එහෙත් අද වන විට දිනකට නීති විරෝධී ගබ්සාවන් දහසක් පමණ සිදු වන බව පැවසේ.

ගබ්සාවක් වළක්වා ගැනීමේ එකම ක‍්‍රමය පවුල් සැලසුම් ක‍්‍රමයක් භාවිතා කිරීමයි. පවුල් සැලසුම් ක‍්‍රමයක් යනු ලිංගිකව එක් වීමේ දි දරුවකු පිළිසිඳ ගැනීම වළක්වා ගැනීම සඳහා ගත හැකි ක‍්‍රියා මාර්ගයි.  

මේවා ස්වභාවික ක‍්‍රම සහ කෘත‍්‍රිම ක‍්‍රම ලෙසද ස්ථිර හා තාවකාලික ක‍්‍රම ලෙස ද නම් කළ හැක.  පවුල් සැලසුම් ක‍්‍රම භාවිතයේදී   තමන්ට සුදුසු ක‍්‍රමය කුමක්දැයි සැමියා හා බිරිඳ   සාකච්ඡුා කොට තීරණය කිරීම ඉතා වැදගත්ය.  අඩු වයසෙන් විවාහ වී වසර කිහිපයක් දරු උපත කල් දමා ගැනීමට අවශ්‍ය අයට ස්වභාවික ක‍්‍රම පාවිච්චි  කළ හැකිය. එනම්  සරුකාලය නිර්ණය කොට ඒ අනුව සම්බන්ධතා පැවැත්වීමයි.  පිරිමි පක්ෂය විසින් අසඑයාර්අ්ක ශුක‍්‍රාණු යෝනි මාර්ගයෙන් පිටත පිට කිරීම හෝ කොන්ඩම් පාවිච්චි කිරීම  කළ හැකි ය.

ස්වභාවික ක‍්‍රමවල විශ්වාසවන්තභාවය අඩුය. විශ්වාසවන්තව පාවිච්චි කළ හැකි තාවකාලික ක‍්‍රමය නම් හෝර්මෝන් පෙති පාවිච්චි කිරීමය. නිතර අමතකවීම් වන අයට මෙම ක‍්‍රමය සුදුසු නොවේ.  හොර්මෝන් ක‍්‍රම භාවිතයට පෙර වෛද්‍යවරයකු හමු වී රෝග තත්ත්ව නැති බව සැක හැර දැන ගෙන අතුරු ආබාධ ගැනද දැනුවත්ව එය කළ යුතු ය.

එක් දරුවෙකු ලැබී දරුවන් අතර පරතරයක් ඇති කර ගැනීමට විවිධ ක‍්‍රම තිබේ. වඩාත් ප‍්‍රචලිත හා බොහෝ කාන්තාවන්ට සුදුසු ක‍්‍රමය වන්නේ ලූපය දැමීමයි. එය පුහුණු වෛද්‍යවරු හෝ සෞඛ්‍ය නිලධාරිනියන් සිටින සායනයකින් ඒ ගැන දැනුවත්ව දමා ගත යුතු ය.  ලූපය යනු කාන්තාවකගේ ගර්භාෂයට ඇතුළු‍ කළ හැකි ටී අකුරේ හැඩය ඇති කුඩා මෙවලමකි. වසර කිහිපයකින් නැවත දරුවන් අවශ්‍ය නම් එය ඉවත් කර ගැනීම කර ගත හැකිය. මෙහිදී හෝර්මෝන් වෙනස් වීම් සිදු නොවන බැවින් සිරුරට සිදු වන වෙනස් කම් අවමය. දින 90කට වරක් විදින හෝර්මෝන් එන්නතද දරුවන් අතර පරතරයට පාවිච්චි කළ හැකි ය. වසර පහකට තබා ගත හැකි හෝර්මෝන සහිත කුඩා කැප්සියුල් සමට යටින් ඇතුළ් කර ගැනීමද තවත් ක‍්‍රමයකි.

එල්. ආර්. ටී (Ligation and Resection of the Tubes) යනුවෙන් හැඳින්වෙන පැලෝපීය නාලවලට සිදු කරන සැත්කම ස්ථිර පවුල් සැලසුම් ක‍්‍රමයකි. ලැපොරොස්කොප් ක‍්‍රමයටද මෙය සිදු  කරනු ලබයි. එහිදී නාල අවහිර කිරීමක් සිදු වේ. පවුලට නැවත දරුවන් අවශ්‍ය නැත්නම් පමණක් එය සිදු කරගත යුතු ය. එහි දී වෙන් කරන පැලෝපීය නාල නැවත සැකසීම දුෂ්කර බැවිනි. පුරුෂ වන්ධ්‍යාකරණ සැත්කම පුරුෂයින් සඳහා  ඇති ස්ථිර ක‍්‍රමයයි.
ශ‍්‍රී ලංකාවේ පවුල් සංවිධාන ක‍්‍රම භාවිතය 2016 වන විට සංඛ්‍යාලේඛන මෙසේය.

65%ක් විවාහක අය කුමන හෝ පවුල් සංවිධාන ක‍්‍රමයක් භාවිතා කරයි. ස්ථිර ක‍්‍රම වලින් වඩාත්ම ඉහළ ප‍්‍රතිශතයක් ඇත්තේ ස්ත‍්‍රී වන්ධ්‍යාකරණ සැත්කමයි එය 14%කි. තාවකාලික ක‍්‍රම වලින් වඩාත්ම භාවිතා වන්නේ හෝර්මෝන් එන්නතයි එය 15%කි. 10.6%ක් ලූපය භාවිතා කරන අතර හොර්මෝන් පෙති භාවිතය 9%ක් පමණ වේ. හෝර්මෝන කැප්සියුල් ශරීර ගතකර ගැනීම  10%ක් පමණය. කොන්ඩම් පාවිච්චිය 7%කි.

විවාහක අය පමණක් නොව තරුණ තරුණියන්ද පවුල් සංවිධාන ක‍්‍රම පිළිබඳව දැනුවත්ව සිටීම වැදගත් වන අතර කොන්ඩම් පාවිච්චියෙන් ලිංගාශ‍්‍රිත රෝගද වැළකේ.

වෛද්‍ය ලංකා සිරිවර්ධන

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.