lakbima.lk

අම්මා එනතුරු මග බලා සිටි හය හැවිරිදි දරුවා ඇය කඩුල්ල ළඟින් මතු වන විට ම දිව ගොස් සායේ එල්ලී පැවසුවේ ය. අසල නගරයේ කුඩා කර්මාන්ත ශාලාවක කම්කරු රැුකියාවක යෙදී සිටින අම්මා  සිටියේ දවස පුරා වෙහෙස වී හෙම්බත් වීය. එහෙත් හැමදාම වැඩ ඇරී එද්දී සිගිති පුතුට යමක් ගෙන ඒම ඇගේ සිරිතය.
”‍ඉන්නකො පුතා. මම අද ඔයාට රස දෙයක් ගෙනාවා. ඉක්මනින් හදල දෙන්නම්”‍ පුතාගේ හිස අත ගා පැවසූ ඇය ගෙන ආ හාල් තුනපහ මල්ලද ගෙන කෙලින්ම ගියේ මුළුතැන්ගෙයට ය. දරුවාගේ ඇවිටිල්ල නිසා විඩා නිවීමටවත් මොහොතක් වෙන් නොකළ ඇය එය මේසය මත තබා එය තුළින් ඉටි කොළයක එතූ යමක් අතට ගත්තා ය. ඇසි පිය නොහෙළා ඒ දෙස නෙත් දල්වා ගෙන සිටි කුඩා පුතු
”‍අනේ අම්මෙ ඉක්මනට. මට හරි බඩගිනියි”‍ නැවතත් කීවේය.
ඇය කොළය දිග හැර ඒ තුළ වූ පැකට් නොකළ සොසේජ් කරල් පහ වටිනා වස්තුවක් සේ  දරුවාට පෙන්වූයේ ළමයාගේ හිත සතුටු කිරීමට ය. එය මේසය මත තැබූ ඇය දර පොල්කොළ ටිකක් දමා ලිප ඇවුළුවා ය. තාච්චිය ලිප තබා, එයට පොල්තෙල් ටිකක් දමා,  ඇය සැරසුනේ සෙසේජ් බැදීමට ය. තෙල් රත් වී ගෙන එන විට ඉන් කරල් දෙකක් ගෙන තාච්චියට දැමූ ඇය තේ බීමට වතුර ටිකක් කේතලයට දමා ගැනීමට  මදක් ඉවතට ගියා පමණි. එකවරම පුටුවක් පෙරලෙනු වැනි හඬක් සහ කෙඳිරිලි හඬක් නැගුනෙන් වහා දිව ආවා ය. හොඳින් කතා කර කර සිටි පුතා අඩ සිහියෙන් බිම වැටී සිටි අතර ඔහු අතේ තවමත් රැුඳුනේ සපමින් සිටි අමු සොසේජ් කරලේ අන්තිම කොටස ය. වහා පුතා ඔසවා ගෙන අහල පහළ අයට කෑ ගසා ත‍්‍රීවීලරයක් ගෙන රෝහල් ගත කළ ද ඒ වන විටත් ඔහු මෙලොව හැර ගොස් තිබිණි.
ඔහුගේ මරණයට හේතුව ආහාර විෂ වීම බව මරණ පරීක්ෂණයේදී හෙළි විය. ළමයා අත තිබූ නොකා ඉතිරිව තිබූ සොසේජ් කැබැල්ලද, අනිත් කරල් කිහිපයද පරීක්ෂාවට යවන ලද අතර මරණයට හේතු වී තිබුණේ නියමිත උෂ්ණත්වයේ ගබඩා  නොකර පැය ගණනක් එළිමහනේ තබා තිබූ සෙසේජ් කරල් මත තම රාජධානි පිහිටුවා ගෙන සිටි අධික විස සහිත බැක්ටීරියාවක් බව හෙළි විය. එහි විස දරුවාගේ හදවත නතර කිරීමට තරම් ප‍්‍රබල වී තිබිණි. එය විකුණූ පුද්ගලයාට ද අත් අඩංගුවට පත් වන්නට සිදු විය.
‘ආහාර විෂ වීම‘ යනු කුමක්ද?
සුලබව දැකිය හැකි රෝගයක් වන මෙය බොහෝ අයට සුළු වශයෙන්ද සමහරුන්ට තරමක් උග‍්‍රව ද, තවත් කෙනෙකුට මරණය ගෙන දීමට වුවද හැකි තත්වයකි. බැක්ටීරියා, වෛරස්, දිලීර, පරපෝෂිතයින් ලෙස අප නම් කරන ක්ෂුද්‍ර ජීවින් ආහාර මත වැඞීම නිසාත් ඒවායින් නිපදවෙන විෂ රසායනික නිසාත් ආහාර අපවිත‍්‍ර වේ. ඒ ආහාර ආහාරයට ගැනීමෙන් ඇති වන රෝගී තත්වය අපි ‘ආහාර විෂ වීම‘ යනුවෙන් හඳුන්වමු. ආහාර විෂ කරන්නේ ක්ෂුද්‍රජීවීන් පමණ ද? නැත. සමහර හතු වර්ග, ඊයම් රසදිය වැනි සමහර ලෝහ අයන වර්ග නිසාද ආහාර විෂවීම සිදු විය හැකිය. :ීයැකකසෙිය* ෂෙල්පිෂ්, සහ කෘමිනාශක ද විස සහිත තත්ව ඇති කරනු කලාතුරකින් දැකිය හැකිය. අපට යම් රෝගයක් ඇති කිරීමට ක්ෂුද්‍රජීවීන් හෝ එම රෝග කාරක බැක්ට්රියාවෙන් යම් මාත‍්‍ර ශරීර ගත විය යුතු වේ. රෝගය ඇති කරන විෂ ප‍්‍රමාණ එක් එක් පුද්ගලයාට වෙනස් වේ. කුඩා දරුවන්, ගර්භනී කාන්තාවන් මෙන්ම වයෝවෘද්ධ අයද දියවැඩියාව, ඒඞ්ස්, අක්මා රෝග  වැනි ශරීරයේ ස්වභාවික ප‍්‍රතිශක්තිය හීනකරන රෝග ඇති අය මෙන්ම, ප‍්‍රතිශක්තිය මැඩ පවත්වන බෙහෙත් පාවිච්චි කරන අය ද වඩාත් අවදානම් කණ්ඩායම ලෙස හැඳින්විය හැකි ය.

සුලබව දැකිය හැක්කේ බැක්ටීරියා මගින් ඇති කරන විෂ වීම ය. ස්ටැපිලොකොකස් :ීඒචයහකදජදජජමි* බැක්ටීරියාව එසේ විෂ නිෂ්පාදනය කරන සුලබම බැක්ටීරියාවයි,  සැල්මොනෙල්ලා :ී්කපදබැකක්*, ඊ කෝලයි :ෑ. ජදකස*, ීයසටැකක්* ආදිය එම විෂබීජ සහිත මළපහ ආහාරයට හා ජලයට මුසු වීම නිසා යම් ප‍්‍රමාණ වලින් සිරුරට ඇතුළු වී සිරුරේ වර්ධනය වී රෝගය ඇති කරයි.  ක්ලොස්ටීර්ඩියම්  ක්‍කදිඑරසාසමප වර්ගයේ බැක්ටීරියා බොහෝ විට නිර්වායු අවස්ථා වල වැඩෙන බැවින්  ටින් කළ ආහාර වල වැඬේ. පිසූ ආහාර ශීතකරණයක නොතබා කාල සීමාවක් එළිමහනේ තැබූ විට ඒවා නරක් වන බව අපි කියමු. මේ නරක් වීම යනුවෙන් අප හඳුන්වන්නේ සමහර බැක්ටීරියා ආහාරය මත වැඞී විෂ නිෂ්පාදනය කිරීමයි. එවිට ආහාරයේ ප‍්‍රසන්න බව නැති වී දුගඳ හැමීමට පටන් ගනී. ප්‍රෝටීන් සහිත ආහාර වලට බැක්ටීරියා වැඩි කැමැත්තක් දක්වයි. මස්, මාලූ‍, බිත්තර කිරි සහ කිරි යොදා සාදාගන්නා ආහාර ඉක්මනින් නරක් වන්නේ එහෙයිනි. අපේ වැනි උණුසුම් දේශගුණයක් සහිත රටවල බැක්ටීරියා වර්ධනය වේගවත් ය. ආහාර පිසූ විගස මැස්සන්ගෙන්  හා කෘමි සතුන්ගෙන් ආරක්ෂා කිරීමට සැමවිටම වසා තැබීමත්, පිරිසිදු හැන්දකින් අදාළ ප‍්‍රමාණය වෙන් කර ගත් පසු ඉතිරි වන ආහාර නිසි උෂ්ණත්වය සහිත ශීතකරණයක ඉක්මනින්ම තැබීම ඒවා අපවිත‍්‍රවීම වළක්වයි.  සමහර බැක්ටීරියා වලට අඩු උෂ්ණත්ව වල පවා ජීවත් විය හැකි බැවින් නැවතපාවිච්චියට  ගන්නා විට හොඳින් රත් කර ගැනීම අවශ්‍යය. නිවසක  ආහාර පිළියෙළ කිරීමේ දි ඉතිරි නොවන ලෙස අදාළ ප‍්‍රමාණ වලින් පිස ගැනීමට හැකි නම් වඩා හොඳ ය. ආහාර සම්බන්ධ ස්වයං රැුකියා කරන අය ඒවා නිසි පරිදි සිදු කරන අයුරු පිළිබඳව මහජන සෞඛ්‍ය අංශයෙන් දැනුවත් විය යුතු ය.
ආහාරයක් ගත් පසු ඇති වන අප‍්‍රියාව, වමනය, වරින් වර දැඩිව දැනෙන බඬේ කැක්කුම, සහ අසූචි දියරමය ලෙස පිට වීම හෙවත් පාචන තත්වය ආහාර විෂ වීමේ රෝග ලක්ෂණ වේ. රෝග ලක්ෂණ ඇති වන කාල සීමාව රෝගකාරක විෂබීජය අනුව වෙනස්  වේ. ඊට අමතරව උණ හිසරදය ද ඇති විය හැකි ය. පාචන තත්වය  නිසා කුඩා දරුවන්ට විජලනය සෑදීමේ අවදානම ඇත. සුළු ආහාර විෂ වීම් දින කිහිපයකින් ඉබේම සුව වේ. උණ වමනය ආදී රෝග ලක්ෂණ ඇත්නම් ප‍්‍රතිකාර කළ යුතු අතර ප‍්‍රතිජීවක ඖෂධ ලබා දීමටද සිදු වේ. ඒ නිසා වෛද ප‍්‍රවරයකු හමු වී ප‍්‍රතිකාර ගත යුතු ය. ආසාදන තත්වය ගැන අවබෝධයක් ලබා ගැනීමට රුධිර පරීක්ෂාව :ත්‍ඊක්‍* හා රෝග කාරකයා සොයා ගැනීමට අසූචි පරීක්ෂාවන් සිදු කළ යුතු වේ.
ආහාර විෂ වීමේ තත්වයක් ඇති වුව හොත් වෛද්‍ය ප‍්‍රතිකාරවලට අමතර ව වැඩිපුර දියර වර්ග ( බැදි හාල් කැඳ, සුප් වර්ග* ආදිය නිතර ගැනීමත් සැහැල්ලූ‍ ආහාර ගැනීමත් කළ යුතු ය.
වෙළඳපොලේ ඇති ආහාර  පරිහරණයේදී ඒවා ගබඩා කර ඇති ආකාරය,  කල් ඉකුත් වීමේ දිනය,  ටින් කළ ආහාරයක් නම් ටින් එක පලූ‍දු වලින් තොරව නිසි හැඩයෙන් යුතුදැයි බැලීම වැදගත් ය.  රෝගයක් සෑදීමට පෙර එය වළක්වා ගැනීමට පියවර ගත යුතු ය. හැකි හැම විටම නිවසේ පිළියෙළ කර ගත් පිරිසිදු ආහාර ගැනීම වඩාත් සුදුසු ක‍්‍රමය වේ.

Page 1 of 10

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.