Coss Ear2
lakbima.lk
COSS Ear 1

ඔබේ හෘදය ඔබව ජීවත් කරන්නේ මෙහෙමයි

උපන්දා සිට අප වෙනුවෙන් මව්පියන් කළ කී දෑ වලින් අප දන්නේ කොතරම් සුළු ප්‍රමාණයක්ද? දරුවන්ගේ සුබසිද්ධිය සහ යහපත වෙනුවෙන් මව්පියන් බොහෝ දේ කරන්නේ කිසිවෙකුට දැනෙන අයුරින් නොවේ. දේශපාලඥයින් මෙන් තමන් කරන දේවල් පිළිබඳව අඬබෙර ගසන්නට මව්පියන්ට අවශ්‍ය නොවන්නේ දරුවන් ඔවුන්ගේ සම්පතක් වන නිසාය.
එලෙස මව්පියන් දරුවන්ව රැකබලා ගන්නා සේ කිසිවෙකුට නොදැනෙන්නට මුළු ශරීරයම බලාකියා ගන්නා යන්ත්‍රයක් බඳු විශ්මය ජනක අවයවයක් පිළිබඳව අද අපි කතා කරමු. එය නම් හදවතයි.
පපුව තුළ ඉතා සුරක්ෂිතව තැන්පත් වී ඇති හදවත ප්‍රමාණයෙන් විශාල අඹ ගෙඩියක් ආකාර ගත් අවයවයකි. වම් පස පිටුපසට වෙන්නට විශාල කොටස සහ දකුණු පස ඉදිරියට වන්නට ඇති කුඩා කොටස ලෙස හදවත ප්‍රධාන වශයෙන් කොටස් දෙකකින් යුතුවේ.
දකුණුපස කොටසට තවත් දකුණට වන්නටත්, වම්පස ප්‍රධාන කොටසට ඉහළට වන්නටත් කුඩා කුටි දෙකක් ආකාරයේ කොටස් දෙකක්ද ඊටම අයත්ය. ඒවා වෙයිටින් රූම් (රැඳී සිටින කාමරය)  ලෙස හැඳින්වීමේ වරදක් නැත. ඒ ඇයිදැයි මෙම ලිපිය කියවන විට ඔබටම හැඟෙනු ඇත.
අපේ ශරීරයේ සෑම කොටසක්ම නිරන්තරයෙන් ආහාර බලා‍පොරොත්තු වේ. ආහාරපාන වශයෙන් අප ගන්නා දේවල් පැමිණෙන්නේ කුසට වුවද ඒවායේ ‍පෝෂණය ශරීරය පුරාම බෙදා හැරීම අත්‍යාවශ්‍යය. ශරීරය විසින් එම අවශ්‍යතාවය සපුරාලන්නේ අප ගන්නා ආහාරවල සියලු ‍පෝෂණය දියරයක් ආකාරයට සකසා ඒවා රුධිරයේ දියකර ප්‍රධාන නහර ඔස්සේ ශරීරය පුරා බෙදා හරින්නට කටයුතු කරමින්ය. ‍පෝෂණය කැටිකරගත් රුධිරය ගමන් කරන ප්‍රධාන නහර ගසක අතු ආකාරයට බෙදී ගොස් අවසානයේ ඇසට නොපෙනෙන කේෂනාලිකා බවට පත්වී ෙසෙල වලට එම ‍පෝෂණය ලබාදීම සිදු කරයි.
මේ සියල්‍ලේ පුරෝගාමියා වන්නේ හදවතය. හදවතට පැමිණෙන ‍ලේ ප්‍රධාන නහරයකට ඇතුළු කරන්නේ තල්ලුවක් ආකාරයටය. මෙය සිදු කරන්නේ හදවතේ වම් පසට වන්නට ඇති විශාල කොටස මගින්ය.
හදවතේ වම්පස ඉහළ මාලයට පැමිණෙන රුධිරය එතැන වෙයිටින් රූම් එකක් කර ගනිමින් රැඳී සිටින්නේ තමන්ගේ අවස්ථාව පැමිණෙන තුරුය. ඒ ප්‍රධාන කාමරයට ඇතුළුවන දොර විවර වන තුරුය. එලෙස ප්‍රධාන කාමරයට ඇතුළු වන දොර විවෘත වූ වහාම එතෙක් වෙයිටින් රූම් එකේ රැඳී සිටි සියලු රුධිරය එක්වරම ප්‍රධාන කාමරයට ඇතුළු වීමේ අවස්ථාව උදාකර ගනී. රුධිරය සම්පූර්ණයෙන් ඊට ඇතුළු වූ පසුව තවත් රුධිරයට පැමිණෙන්නට නොහැකි ආකාරයට ඇතුළු වීමේ දොර එසැනින් වැසී යන්නේ හදවත මිරිකෙන්නට පටන් ගන්නවාත් සමගය. එලෙස සිදු වන්නේ ඇතුළු වන දොර විවෘත වන්නේ ඇතුළු පැත්තට පමණක් වන නිසාය.
ඒ අතර ප්‍රධාන කාමරයට එකතු වූ රුධිරය ඒ තුළ තද වී ඉදිරියට තල්ලුවීමත් සමග පිටවන දොරද ඉබේම විවෘත වීම සිදුවේ. එවිට ප්‍රධාන නහර දිගේ තල්ලු වෙමින් ඉදිරියට ගමන් කරන්නට ‍ලේවලට හැකියාව ලැබේ.
එලෙස මුලින් පැමිණි සියලු ‍ලේ පිටව ගිය පසුව ආපස්සට ඒ ‍ලේ වලට පැමිණිය නොහැකි සේ පිටවන දොර ඉබේ වැසී යාමද සිදුවේ. ඒ ආකාරයට රුධිරයට ඉදිරියට පමණක් ගමන් කළ හැකි සේ පිටවන දොර වැසී යන්නේ ඒ දොරද ඉදිරියට පමණක් විවෘත විය හැකි සේ පිහිටා ඇති ආකාරය නිසාය.
මේ ආකාරයට ඉදිරියට ගමන් කරන්නට ප්‍රධාන නහරයට ‍ලේ ඇතුළු වූ වහාම ශරීරය පුරා පැතිර පවතින සියලු නහර පිම්බි නැගී සිටීම සිදුවේ. එහෙත් එකම එක ස්ථානයක හැරෙන්නට අනෙක් සියලු නහර පිහිටා ඇත්තේ අපේ අතට හසුවන තැන්වල නොවේ. ස්පර්ශ කළ හැකි ඒ එකම නහරය අතේ මැණික් කටුව ඉදිරිපස මහපටැඟිල්ල පාමුල සිට අඟලක් පමණ ඉහළට ඇති වලක් වැනි තැනකදී බව ඔබටද හඳුනා ගත හැකිය.
වෛද්‍යවරුන් නාඩි බලනවා යැය ිකියා පිරික්සීමකට ලක් කරන්නේ එම අතට හසුකර ගත හැකි එම නහරයයි.
හදවත ස්පන්දනය වන සෑම වාරයක් පාසාම නාඩි වැටීමද සිදුවේ. එය සාමාන්‍යයෙන් තත්පරයකට එක් වතාවකි. හදවතේ ගැස්ම ඇති කරවන්නේ පේෂී මගින්ය. අත් පා වල දක්නට ඇති, අප මස්ගොඩ යැයි හඳුන්වන්නේද එවැනිම වූ
පේෂීන්ය. එම පේෂීන්වලට මෙන්ම හදවතටද මිරිකෙන්නට හැකිය. එහෙත් හදවතේ මාංශපේෂීන් සියල්ල එකට එක්ව එක්වරම මිරිකීමට හැකිවීම එහි ඇති විශේෂත්වයයි. එය එලෙස සිදුවන්නට ක්‍රියාත්මක වෙනමම අපූරු වැඩපිළිවෙලක්දවේ.
විදුලි පණිවිඩ මධ්‍යස්ථානයක ක්‍රියාත්මක වැඩපිළිවෙලක් බඳු දෙයක් හදවතට ඉහළින් ක්‍රියාත්මක වේ. සියුම් ස්නායු ඔස්සේ තත්පරයකට වරක් යම් පණිවිඩයක් නිකුත් කිරීම එමගින් සිදුවේ. එක්වරම එම පණිවිඩය ලබන හදවතේ සියලු
මාංශපේෂීන් ඊට ප්‍රතිචාර දක්වන්නේද එක් විටමය. ඒ හදවත එක්වරම ස්පන්දනය වීමෙන්ය. ඊ.සී.ජී. පරීක්ෂණයකදී මුද්‍රිත සටහනක් ආකාරයට අපට දැකගත හැකි වන්නේ එම විදුලි පණිවිඩයයි. මේ සියල්ල සිදු කිරීමේ වගකීම පැවරී ඇත්තේ හදවතේ වම් පාර්ශවයට පමණි.
හදවතේ දකුණු පැත්තට පැවරී ඇත්තේ වෙනත් වගකීමකි. ශරීරය පුරා ඇති නහරවල සිට පැමිණෙන ‍ලේ පෙනහළු දෙසට තල්ලු කිරීම එහි ප්‍රධාන කාර්යභාරයයි.
අප ශරීරයේ සෑම කොටසක්ම ‍පෝෂණය පමණක් නොව වාතයද එකසේ බලා‍පොරොත්තුවේ. අපට හුස්ම නොගෙන විනාඩියක් හෝ සිටින්නට හැකියාවක් තිබේද? එලෙසම හුස්ම තුළ ඇති ඔක්සිජන් මුළු ශරීරයටම අවශ්‍යය. පපුවේ දෙපසට වන්නට පිහිටා ඇති විශාල අවයවයන් දෙකක් වන පෙනහළු විසින් අපේ හුස්මේ ඇති ඔක්සිජන් ලබාගෙන මුළු ශරීරය පුරාම බෙදා හැරෙන ආකාරයට ‍ලේ වලට එකතු කරයි.
පෙනහළු වලින් ඔක්සිජන් උකහා ගත් ‍ලේ, නහර ඔස්සේ ශරීරය පුරා ගමන් කරද්දී ඒවායේ ඇති ඔක්සිජන් සියල්ල ශරීරය විසින් උරාගෙන නිමාවට පත්වේ. ඔක්සිජන් නිමාවට පත්වූ ‍ලේ, පෙනහළු තුළට යන්නේ ඔක්සිජන් ලබා ගන්නටයි. එහිදී ඔක්සිජන් වලින් ‍පොහොසත් වූ ‍ලේ හදවතේ වම් පැත්තට ගොස් පෙර සඳහන් කළ ආකාරයට වෙයිටින් රූම් එකේ රැඳී සිටින්නේ ඊළඟ ගැස්මෙන් ශරීරය පුරා ගමන් කරන්නට අවස්ථාව ලැබෙන තුරුය.
මේ ආකාරයට උපන්දා සිට ප්‍රාණය නිරුද්ධ වන තුරුම හදවතට විවේකයක් නම් නැත. නිරන්තරයෙන් ක්‍රියාකාරීව පවතින හදවතේ මාංශපේෂීන් වලටද නඩත්තුවක් අවශ්‍යය. කොතරම් මුදල් අතපත ගෑවද බැංකු සේවකයෙකුට හිතුමතේ ලාච්චුවෙන් මුදල් ලබා ගෙන පරිභෝජනය කරන්නට බැරිය. බැංකු සේවකයාද ලබන්නේ යම් වැටුපකි. එලෙසම හදවතට තමන්ගෙන්ම නඩත්තු වන්නට හැකියාවක් නැත. එනිසා හදවතේ මාංශපේෂීන් නඩත්තු කරන්නට සැදී පැහැදී ඇත්තේ හදවත වටා ඇති වෙනත් නහර තුනකි.
මෙම නහර තුළ යම් හෙයකින් කොලෙස්ටරෝල් වැනි තෙල් ස්ථරයක් හෝ රුධිර කැටියක් සිරවුවහොත් සිදුවන්නේ කුමක්ද? එවිට හදවතේ ‍පෝෂණය අඩපණ වන්නට පටන් ගනී. එවැනි සිරවීමක් ස්වල්ප වශයෙන් සිදු වූ විටදී විවේකීව සිටින පුද්ගලයෙකුට එය එතරම් දැනෙන්නේ නැත. එහෙත් කන්දක් නැගීම හෝ පඩිපෙළක් නැගීම වැනි වෙහෙසකර කාර්යයක නියැලෙන විටදී හදවතේ වේගය වඩා වැඩිකරන්නට අවශ්‍යවේ. එහෙත් නඩත්තු සැපයුම සිදුවන්නේ අල්ප වශයෙන් වන නිසා යම් ගැටලු තත්ත්වයක් ඇතිවන්නේ එවිටය.
වැඩිපුර වැඩකරන විටදී ඒ සඳහා වැඩි ගෙවීමක් කරන්නට සිදුවේ. හදවතට සැපයෙන නඩත්තුව අඩුවෙන් සිදුවෙද්දිත් වැඩි වැඩියෙන් හදවත වෙහෙසන්නට සිදුවීම ගැටලුවක් බවට පත්වේ. පපුව මැද වේදනාවක් ඇති වන්නට පටන් ගන්නේ එවිටය.
කොලෙස්ටරෝල් තැන්පත් වනවා මෙන් නොව ‍ලේ කැටියක් හේතුවෙන් නහරයක් අවහිර වන්නට පටන් ගැනීම වඩා බරපතළය. ‍ලේ කැටිය මදින් මද වර්ධනය වන විටදී පපුව මැදින් හට ගන්නා වේදනාවද වැඩි වන්නට පටන් ගනී. සුළු මොහොතක් තුළ වේදනාව දෙතුන් ගුණයකින් වර්ධනය විය හැකිය. ඊළඟ නිමේෂයේදී ‍ලේ කැටිය විසින් සම්පූර්ණ නහරයම අවහිර කළ විටදී හෘදයාබාධයක් යැයි අප පවසන දැඩි වේදනාවට දිගටම මුහුණ දෙන්නට සිදුවේ.
එහිදී සිදුවන්නේ එතෙක් කලක් එම නහර විසින් බලාකියා ගත් හදවතේ මාංශපේෂී කොටස සම්පූර්ණයෙන්ම මිය යෑමයි. ඒත් සමගම හදවතේ ගැස්මද දුර්වල වන නිසා ‍ලේ ගමන අඩුවී ක්ලාන්තව රෝගියා ඇද වැටෙන්නට හෝ මරණයට පත්වීමට වුවද හැකියාව පවතී.
අනෙක් පැත්තෙන් පෙනහළු වල ‍ලේ ගමන තවත් වැඩිවී තෙරපුමකට ලක්වීම නිසා හුස්ම හිරවන්නටද හැකියාව තිබේ. හදවත විසින් ‍ලේ බාර ගැනීම අඩුකරන නිසා පාද ඉදිමෙන්නටද පටන් ගනී. එතෙක් හදවත තුළ පිළිවෙළකට ක්‍රියාත්මක වූ විදුලි සන්නිවේදන ක්‍රියා පිළිවෙතද අඩාල වී නාඩි වැටීමද අක්‍රමවත් වේ. එවිට පපුවේ ගැස්මක්ද දැනෙන්නට පටන් ගනී.
ඔබගේ ජීවිතය දිනෙන් දින ඉදිරියට ගෙන යන හදවත යම් හෙයකින් රෝගි වූ විටදී මේ ආකාරයේ රෝග ලක්ෂණ දැනෙන දිනයක් ඔබටද උදාවනු ඇත. එහෙත් එබඳු ලක්ෂණ ඔබට දැනෙන්නට පෙරාතුව හදවත රෝගී වෙමින් පවතින බව නිශ්චිතව හඳුනා ගන්නට හැකි බොහෝ පරීක්ෂණ වෛද්‍යවරයා සතුය.
එවැනි ලක්ෂණ දැනෙන්නට අවකාශ නොතබා නොබියව හෙට දිනයට මුහුණ දෙන්නට නම් ඔබේ ජීවිතය සතු වටිනාම වස්තුව වන හෘදය වස්තුව හොඳ තත්ත්වයෙන් තිබේදැයි අදම සොයා බැලීම ඔබේ වගකීමක් බව අවධාරණය කළ යුතුවේ.

ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය  උපුල් ද සිල්වා අවධාරණය කරයි

උත්පලා සුභාෂිනි ජයසේකර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1090

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2202

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2704

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1103

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2798

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2086

Please publish modules in offcanvas position.