Coss Ear2
lakbima.lk
COSS Ear 1

අපේ සිරුරේ සිදුවෙමින් පවතින මතෛක් නොපැවැති යම් යම් වෙනස්වීම් බරපතළ රෝග තත්ත්වයක  මූලාරම්භයක්වත්දැයි තමන්ටම හඳුනා ගත හැකි පරීක්ෂණ කිහිපයක් පිළිබඳව පසුගිය සතිවලදී අපි සාකච්ඡා කළෙමු.
එහෙත් සමහර ඉන්ද්‍රියන්හි කඩා වැටීම්  පිටතින් නිරීක්ෂණය කර හඳුනාගත නොහැකි වන අතර රෝගියාගේ ශරීරය පරීක්ෂා කිරීමේදී වෛද්‍යවරයාටවත් එවැනි තත්ත්වයක් හඳුනාගත නොහැකි ආකාරයට රහසිගතව  පැවැතිය හැකිය. එලෙස කාටත් හොර රහසේ මිනිස් ශරීර තුළ සැඟව පැවැතිය හැකි කඩාවැටීමක් පිළිබඳව යම් කොනක් ග්‍රහණය කර ගත හැකි ‍ලේ මුත්‍රා පරීක්ෂණ සහ  ස්කෑන් පරීක්ෂණ තිබේ. 
වාසනාවකට ශරීරය තුළ සැඟවී ඇති එවැනි බොහෝ රෝග මෙම පරීක්ෂණවලදී ඉතා හොඳින් නිර්ණය කර ගත හැකි අවස්ථා තිබේ.
එහෙත් ඒ අතර තවත් සමහර රෝග මොනම ආකාරයකටවත් හඳුනා ගන්නට නොහැකිවන අවස්ථාද නැතිවා නොවේ. එවිට සියල්ල නිමාවට පත්වන්නේ රෝගියා මරණය කරා රැගෙන යෑමෙන් විය හැකිය. එවැනි විටෙක රෝගී තත්ත්වය පිළිබඳව කිසිදු පරීක්ෂණ  වාර්තාවක් හෝ ලබා ගන්නට වෛද්‍යවරයාට කල්වේලා ලබා නොදමින් සියලුදේ සිද්ධ වී හමාර විය හැකිය. එවිට රෝගියා මිය යන්නේ මරණයට හේතුව පවා සැම දෙනාගෙන් වසං කරමින්ය. 
එහෙත් කිසිවෙකු කිසිදු රෝගයක් නොමැතිව මිය යන්නේ නැත. මරණයට හේතුව සොයා ගන්නට නොහැකිවීම යම් දුර්වලතාවයක් විය හැකිය. සෙමින් සෙමින් වර්ධනය වන බරපතළ රෝගයක් වෛද්‍ය පරීක්ෂණයක් තුළින් මුල් අවස්ථාවේදීම හඳුනා ගන්නට ලැබෙනවා නම් එය භාග්‍යයකි.
 
එෆ්.බි.සී (F.B.C)
එෆ්.බි.සී. පරීක්ෂණයක් මගින් ‍ලේවල ඇති විවිධ ෙසෙල වර්ග කොපමණ ප්‍රමාණයන්ගෙන් තිබේදැයි වෙන් වෙන් වශයෙන් ගණනය කිරීමක් කරයි. ‍ලේ අඩුවීමක් හෝ වැඩිවීමක් යන්නෙන් අදහස් වන්නේ ‍ලේවල ඝනත්වයේ අඩුබව හෝ වැඩි බවකි
 
ඊ.එස්.ආර්. (E.S.R) 
ඊ.එස්.ආර්. පරීක්ෂණයේදී ‍ලේවල පාවෙමින් පවතින ෙසෙලවලට පතුළට බැස තැන්පත් වන්නට අවකාශ ලබාදී පැයකට පසුව කොපමණ ෙසෙල තට්ටුවක් පතු‍ලේ තැන්පත් වේදැයි පරීක්ෂා කරනු ලබයි. මෙසේ පතුලට බැස තැන්පත් වීමට පැයක පමණ කාලයක් ගත නොවේ. 
 
එස්.බි.එස්. (S.B.S)
ඵස්.බි.එස්. යනු නිරාහාරව සිටින කෙනෙකුගේ ‍ලේවල සීනි කොපමණ ප්‍රමාණයක් ඇතිදැයි සොයා ගත හැකි පරීක්ෂණයයි. යම් ආහාරයක් කුසට වැටුණු විටදී සීනි මට්ටම ඉහළ යා හැකි බැවින් ‍ලේවල පැවැතිය යුතු සීකි අවම ප්‍රමාණය සොයා ගැනීමට හැකිතාක් වෙලා කුසගින්නේ සිටින්නට අවශ්‍ය වේ.
 
ටී.එස්.එච්.  (T.S.H) 
යිරොයිඩ් ග්‍රන්ථියේ  යම් දුර්වලතාවයක් හඳුනා ගැනීමට ප්‍රථමයෙන්ම  කරන පරීක්ෂණය වන්නේ මෙයයි. අධික කම්මැලි  ස්වභාවය, සීතල, සිරුර ඉදිමීම, නිදිමත ගතිය  තයිරොයිඩ් ග්‍රන්ථියේ යම් දුර්වලතාවයක් හඟවන ලක්ෂණ අතර ප්‍රධානවේ.
 
එල්.එෆ්.ටී (LF.T.)
අක්මාවේ යම් දුර්වල වීමක් එල්.එෆ්.ටී. පරීක්ෂණයක් මගින් හඳුනා ගත හැකිය.
අද වනවිට සුලබව පවතින අක්මාවේ තෙල් තැන්පත් වී එය ටිකෙන් ටික විනාශයට පත් වීමක් හඳුනා ගන්නට එල්.එෆ්.ටී. පරීක්ෂණය මගින් හැකියාව ලැබේ. ‍ලේවල තෙල් ප්‍රමාණ වෙන් වෙන් වශයෙන් හඳුනා ගැනීමට  සිදුකරන පරීක්ෂණය ලිපිඩ් ‍ප්‍රොෆයිල් නමින් හැඳින්වේ.
 
මීට අමතරව අද වනවිට ව්‍යසනයක් බවට පත්ව ඇති වකුගඩු අකර්මන්‍ය වීමත් ක්‍රියෙටිනිං යූරියා, සහ යූ.එෆ්.ආර්. පරීක්ෂණ මගින් හඳුනා ගැනීමට හැකියාව තිබේ. 
හදවතේ සමහර දෝෂ හඳුනා ගැනීමට ඊ.සී.ජී. පරීක්ෂණයකට යම් පමණකට හැකිය. උදර ප්‍රදේශයේ, බෙල්‍ලේ, පියයුරුවල ස්කෑන් පරීක්ෂණ මගින් සහ පුරුෂයන්ගේ වෘෂණ කෝෂවල ස්කෑන් පරීක්ෂණ මගින් ඒ ඒ අවයවයන් ආශ්‍රිත  සමහර රෝග තත්ත්ව හඳුනා ගැනීමට හැකියාව තිබේ. ඊට අමතරව කකු‍ලේ සහ බෙල්‍ලේ නහරවල ස්කෑන් පරීක්ෂණ මගින් ‍ලේ කැටි පවතීද යන්න සහ අංශභාග අවදානමක් ඇතිද? යන්න තහවුරු කරගත හැකිය. නහරවල සිදුකරන මෙම පරීක්ෂණ බොහෝ වේලාවක් ගත කරන්නට සිදුවන පරීක්ෂණයකි.
ඇටකටුවල සවි ශක්තිය මැන බැලීමට යොදා ගන්නේ ඩෙක්සා ස්කෑන් පරීක්ෂණයයි.
හදවතේ ක්‍රියාකාරිත්වය  සිදුවන ආකාරයත්, හදවත තුළ ඇති දොරටුවල අඩුපාඩු, මාංශ පේෂීන් ප්‍රමාණය හා ඒවායේ ඝණකම වැනි තොරතුරු හඳුනා ගැනීමට එකෝ පරික්ෂණයකට හැකියාව තිබේ.
කාන්තාවන්ගේ ගැබ්ගෙළ පටක පරීක්ෂණය වැනි පරීක්ෂණ මගින් සමහර පිළිකා  තත්ත්වයන් මුල් අවස්ථාවේදීම හඳුනාගත හැකිය. ආහාර මාර්ගයට ඉහළින් සහ පහළින් 
ඇතුළු කරන බටයක් මගින් ආහාර මාර්ගයේ පිළිකා හා වෙනත් තුවාල  මුල් අවස්ථාවේදීම හඳුනා ගත හැකිවේ. 
එවැනි බොහෝ පරීක්ෂණ ඉතා සියුම් පරීක්ෂණ වන අතර ඒ සඳහා ගතවන කාලයද බොහෝ වැඩි විය හැකිය. ඒ ආකාරයට කවර පරීක්ෂණයක් සිදු කළද ඒ සියල්ල දින පිළිවෙළට ආරක්ෂාකාරීව තබා ගැනීමට කටයුතු කළ යුතුවේ. කාලයත් සමග මැකී යා හැකි  ඊ.සී.ජී.  වැනි පරීක්ෂණ  වාර්තා ඡායාපිටපත් සහිතව අරක්ෂාකර ගැනීම  අවශ්‍යය.
එවිට ඉදිරියේදී සිදුකරන ඊළඟ පරීක්ෂණයේදී ලැබෙන දත්ත මත හටගෙන ඇති  රෝගී තත්ත්වය කොතරම් වේගයෙන් වර්ධනය වනවාද වැනි තොරතුරු සංසන්දනාත්මකව බලාගත හැකි වන අතර එය ඉදිරි ප්‍රතිකාර සඳහා බෙහෙවින් වැදගත් වන්නකි. 
අප මතෛක් ඔබව දැනුවත් කළේ වෛද්‍යවරුන්ටත් රෝගියාගේ ශරීරයටත් අඩුම කරදරයක් සිදුවන ආකාරයේ මුල් පෙළේ පරීක්ෂණ කිහිපයක් පිළිබඳවය. එවැනි පරීක්ෂණවල දන්ත තුළින් යම් රෝගී තත්ත්වයක් පිළිබඳ සියුම් හෝ සංඥාවක් හෙළිදරව් විය හැකිය.  එවිට ඒ ඔස්සේ තවත් ඉදිරියට යමින්  එම රෝගී තත්ත්වය කුමක්දැයි හඳුනා ගන්නේ දෙවනුවය. 
මෙවැනි පරීක්ෂණ සඳහා යම් කාලයක් කැප කරමින් විශාල මුදලක්ද වැය කරන්නට සිදුවන බව සැබෑය. එහෙත් යම් හෙයකින් කාලයක් ගතවන විටදී මාරාන්තික විය හැකි රෝගී තත්ත්වයන් මුල් අවස්ථාවේදීම හඳුනා ගන්නට ඔබ වාසනාවන්ත වුවහොත් තවත් කාලයක් ජීවත් වන්නට වරම් ලබන්නේත් ඔබමය.
හැකිවිට කරන්නට බැරි දෙයක් නැතිවාසේම, නොහැකි වූ විට කළ හැකි දෙයක්ද නැතැයි පවසන ආකාරයට සියලු දේ අපට කරන්න පුළුවන්  වන්නේ අපේ ශරීරය අපට ඉඩ  ලබා දෙන තුරු පමණය. කිසිවක් සිදු නොවන ආකාරයට ඇස්කන් වසාගෙන කාලයත් සමග ඔබ ඉදිරියට යා හැකිය. එහෙත් නොසිතූ මොහොතක කිසිවක් කර කියා ගන්නට තරම් කාලයක් නොදෙමින් කෙසෙල් කඳක් මෙන්  ඔබේ ශරීරය කඩා වැටෙන්නට සැලැස්වීම අනුවණ කමක් නොවේද?
 එවිට ග්‍රහතාරකාවලට පෙර පව්වලට හෝ තරහා කාරයන්ගේ සාපවලට දොස් පැවැරීමෙන් පලක් වේද? ගල් යුගයේ මිනිසුන් ඒ ආකාරයට හැසිරුණේ වෙනත් කළ හැකි කිසිවක් නොවූ නිසාවෙනි. එහෙත් වෛද්‍ය විද්‍යාත්මක පරීක්ෂණ මෙතරම් දියුණු  අද වැනි යුගයක අපේ ශරීරය පිළිබඳව මීට වඩා තේරුම් ගන්නට හැකියාව පවතිනවා නොවේද? ඒ දැනුම සහ පළපුරුද්ද ඔබගේ ශරීරයටත් ලබා ගැනීමට අයිතියක් ඔබට ඇත.
 
කරාපිටිය ශික්ෂණ රෝහ‍ලේ කායික රෝග විශේෂ වෛද්‍ය උපුල් ද සිල්වා අවධාරණය කරයි
 
උත්පලා සුභාෂිනී ජයසේකර 
 

Page 1 of 20

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.