Coss Ear2
lakbima.lk
COSS Ear 1

දියුණුවේ හිණිපෙත්තට ගිය චීන ධනපතිනිය

අද ලෝකය ගත්තහම සිඝ‍්‍රයෙන් දියුණු වෙමින් තියෙන රටවල් වගේම පුද්ගලයනුත් හැම අතින්ම ඉන්නවා. විශේෂයෙන් ම ඇමෙරිකාව, ජපානය, ඉන්දියාව, මහා බ්‍්‍රතාන්‍ය හා චීනය වගේ රටවල් සංවර්ධනය වූ රටවල් වශයෙන් ලෝකයේ ඉහළ ම තැනක ඉන්නවා. මේ අතරින්  චීනය කියන්නේ ලෝකයේ සංවර්ධනය අතින් විශාල ම ප‍්‍රගතියක් අත්කරගත් රටක්. ඒ මොකද චීනය අද වන විට ලෝකයේ තියෙන සෑම ක්ෂේත‍්‍රකින් ම සංවර්ධිත වෙලා තියෙන්නේ. නිෂ්පාදනය කියන කාර්යය තුලින් චීනය ගොඩක් ඉදිරියෙන් ඉන්නවා වගේම භාණ්ඩ අපනයනය කියන කාර්යයන් තුළිනුත් ඔවුන් සංවර්ධිතයි. ඒ හේතුව නිසාම චීන ජනතාව ඒ ඒ ක්ෂේත‍්‍රයන්ට අදාළ වන පරිදි ඒ ඒ ආකාරයෙන් සංවර්ධනයට දායක වෙනවා. අනිත් එක තමයි තමන් ස්වෝත්සාහයෙන් දියුණු වෙන එක ගැනත් චීන ජනතාව දැඩි සැලකිල්ලක් දක්වනවා. ඒ සම්බන්ධ කාරණයක් තමයි මේ.  
IQ කොන්ෆෙයි (Zhou Qunfei) කියන්නේ ඉතාම දිළිඳු දුෂ්කර ගම්මානයක ජිවත් වුණු පුංචි පවුලක තැනැත්තියක්. 1970 අවුරුද්දේ චීනයේ හුනාන් පළාතේ ඉපදිලා තියෙන කොන්ෆෙයි දැන් විවාහක කාන්තාවක්. ඇය දුප්පත් වුණත් දියුණුවේ මඟ හොයාගත්තා. Lens Technology එහෙමත් නැත්නම් ලැප්ටොප් සහ ජංගම දුරකථනවල විදුරු (Touch Screen) නිෂ්පාදනය කරනු ලබන ව්‍යාපාරයක් ආරම්භ කරනු ලැබූ කොන්ෆෙයි අද වන විට ප‍්‍රකෝටිපතිනියක් බවට පත් වෙලා තියෙන්නේ.
අද ලෝකයේ තාක්ෂණය අතින් දියුණු මට්ටමක තියෙන්නේ. ලැප්ටොප් වගේම ජංගම දුරකථන මිනිසාගේ අත්‍යවශ්‍ය ම උපාංග වෙලා. චීනය කියන්නේ මේ වගේ තාක්ෂණය අතින් දියුණු මට්ටමක ඉන්න රටක් නිසා මේ Lens Technology කියන දේත් එක්ක කොන්ෆෙයි අලූත් ගමන් ආරම්භ කළා. ඇය අද වන විට ඇමරිකානු ඩොලර් බිලියන 9.8 ක වත්කමක් තියෙන තැනැත්තියක්. ඒ වගේම තමයි ස්ව උත්සාහයෙන් දියුණු වුණු ලෝකයේ ධනවත් ම කාන්තාව බවටත් පත් වෙලා තියෙන්නේ.
Apple,Samsung වැනි ලෝකයේ ප‍්‍රමුඛ පෙළේ ජංගම දුරකථන සමාගම් ඇතුළු Lens Technology සම්බන්ධ සමාගම් විශාල ප‍්‍රමාණයක් සමඟ ඇය ව්‍යාපාරික ගිවිසුම් ප‍්‍රමාණයකට එළඹිලා තියෙනවා. පසුගිය සතියේ එළි දැක්වුණු සුප‍්‍රසිද්ධ ෆෝබ්ස් සඟරාව පළ කරන ලෝකයේ ධනවත් ම පුද්ගලයන්ගේ ලැයිස්තුවට ද ෂූ කොන්ෆෙයි ඇතුළත් වීම තවත් විශේෂත්වයක්.ඒ අනුව ෆෝබ්ස් සඟරාවේ ඇතුළත් ධනවතුන්ගේ ලැයිස්තුවේ ලෝකයේ 16 වන ස්ථානය ඇයට හිමි වෙලා තියෙන්නේ. මෙහෙම පුංචි තැනකින් ගමන අරාම්භ කරපු කොන්ෆෙයි අද ධනවතියක්. ඇයට 16 වන ස්ථානය හිමි වෙද්දී ඇයට ඉහළින් සිටින ධනවතියන් 15 දෙනාම පවුලේ උරුමයෙන් එහෙමත් නැත්නම් විවාහයෙන් පසු ධනවත් වූ කාන්තාවන් වීම මෙහි තියෙන තවත් විශේෂත්වයක්. 
කාන්තාවකට අද සමාජයේ තියෙන තැනත් එක්ක ධෛර්යවන්ත ව තම දියුණුව සොයාගන්නා උත්සාහ කරන කොන්ෆෙයි වගේ කාන්තාවන් සුවිශේෂී උදාහරණයක්. ලෝකයේ තියෙන ඉතාම වැදගත් තාක්ෂණයක් එක්ක ගනුදෙනු කරන්නට මුලාරම්භයක් වුණු කොන්ෆෙයි ඉතා ඉක්මනින් දියුණුවේ හිනිපෙත්තට ම නැග්ගා. කුඩා කළ ඉඳන් ගෙවපු ඉතා කටුක, දුෂ්කර ජිවිතයට තිතක් තබන්නට කොන්ෆෙයි සුදානම් වෙන්නේ සාර්ථක දියුණුවේ ගමනක් ආරම්භ කරන්න. එය අද වන විට ඇයට අත්දකින්නට හැකියාව ලැබිලා තියෙන්නේ. ඇය දැන් චීනයේ වගේම ලෝකයේ ම ධනවත් කාන්තාවක්.
සාර්ථකත්වය වගේම දියුණුව කියන්නේ දවසින් දෙකකින් ලබාගන්න පුළුවන් දෙයක් නෙවේ. තමන් ජිවත් වෙලා හිටිය කාලය දුෂ්කර, කටුක වෙන්න පුළුවන්. එත් දියුණුවේ මඟ හොයාගන්න එක ස්ව උත්සායහෙන් කරොත් ලෝකෙම දිනන්න වුණත් පුළුවන්.කොන්ෆෙයිගේ ජිවිතයත් ඒ වගේ. තමන් කොච්චර කටුක ,දුෂ්කර ජිවිතයක් ගත කරත් අනාගතේ ගොඩනගන එක තමන්ගේ වැඩක්. අලූත් තාක්ෂණයත් එක්ක වැඩ කරන චීන රට අද ලෝකයේ සංවර්ධිත රටක් වෙලා තියෙන්නේ චීන ජනතාව තුළ තියෙන ඒ ස්ව උත්සාහය නිසාමයි. ඒකට ගැහැණු පිරිමි කියල භේදයක් නැහැ. මොකද දියුණු වීමට හැම ඉඩකඩක් ම ඒ රටේ අයට විවෘත වෙලා තියෙන්නේ. ඒක නිසා ම කොන්ෆෙයි වගේ අය චීනෙන් බිහිවීම ඉතා වේගවත්. පොඩියට පටන් ගන්න ව්‍යාපාරයක් ලෝකෙම දන්න සුප‍්‍රසිද්ධ ව්‍යාපාරයක් වෙන්නේ තමන්ගේ උත්සායහයෙන්. ඉතින් කොන්ෆෙයි තියෙන තාක්ෂණික දැනුමත් එක්ක අලූත් ව්‍යාපාරයක් ආරම්භ කිරීමත් එක්ක ධනපතිනියක් වීම වැඩි කාලයක් යන්නටත් මත්තෙන් සිදු වීම හරිම දුර්ලභ සිද්ධියක්.
අද  ඉන්න බොහෝ දෙනෙක් දියුණු වෙන්න උත්සාහයක් නැතිව ඉන්න මොහොතේ කොන්ෆෙයි වගේ කොච්චර කටුක,දුෂ්කර ජීවතයක් ගත කළත් ජීවතේ අලූතින් පටන් ගත්තොත් සමාජෙන් පවා ගෞරව බහුමාන පවා ලැබෙන්නට ඉඩ තියෙනවා. තමන් උත්සාහවන්ත වන තරමට තමන් එකේ ප‍්‍රතිඵල ලැබෙන්නේ.තමන් ස්ව උත්සාහයෙන් නැගිට්ටොතින් තමන්ගේ රටත් අනෙක් රටවල් ඉදිරියෙත් මුළු ලෝකයා ඉදිරියේත් ඉහළට ඔසවා තබන්න පුළුවන්. එහෙම බැලූව ම කොන්ෆෙයි කියන්නේ මුළු මහත් ලෝකයට ම ආදර්ශයක්.
 
ප‍්‍රසාද් චතූරංග

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.