Coss Ear2
lakbima.lk
COSS Ear 1

කට වගේම මොළෙත් ඕන සන්නිවේදන කලාව

රූපවාහිනිය, ගුවන්විදුලිය කියන ජනමාධ්‍යන්  අද වන විට ලෝකයේ  නැතිව ම බැරි මාධ්‍යන් බවට පත් වෙලා තියෙනවා. ඒ වගේ ම ඒවායේ නිරතව කටයුතු කරනු ලබන නිවේදකයන් ප‍්‍රමාණයත් සංඛ්‍යාත්මක ව ඉතාමත් ඉහළයි. අද කාලේ ගොඩක් අය නිවේදන  ක්ෂේත‍්‍රයට කැමති වෙන්නේ කටකාරකම නැත්නම් මුඛරිකම තියේ නම් විතරයි. ඒ වුනාට තැනකට ගිහිල්ලා ප‍්‍රසිද්ධියේ හොඳට මුඛරිකමට කතාකරන්න පුලූවන් උනාය කියලා හැමෝම නිවේදකයෝ වෙන් නැහැ. කටින් කතාකරන්න පුලූවන් ඒත් වැදගත් විදියට වැදගත් දේ  කතා කරන්න මොළෙත් තියෙන්න එපැයි. ඒ නිසා නිවේදකයන්ට කට වගේ ම මොළෙත්  ඕන. 
අද වනවිට අතලොස්සක් හැරුණම නිවේදන ක්ෂේත‍්‍රයට පැමිණෙන අයගෙන් බොහෝ පිරිසකට මුඛරිකම් විතරයි තියෙන්නේ. සමාජ දැනුම වගේ ම සාමාන්‍ය දැනීමත් නිවේදකයන්ට ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම කාලයත් එක්ක රට, සමාජය, ලෝකය අලූත් වෙනවා. සන්නිවේදකයෙකුට ඒ දැනුම නැතුව ඉස්සරහට යන්න බෑ. ඒ පුළුල් දැනුමත් එක්ක තමයි තරුණ සන්නිවේදකයෙක් විදියට මාධ්‍ය ක්ෂේත‍්‍රයේ වැඩකරන්න  ඕන.
බොහෝ දෙනෙක් හිතාගෙන ඉන්නේ නිවේදන ක්ෂේත‍්‍රයට ආවම ලොකු පිළිගැනීමක් ඇතිවෙනවා කියලා. ඒක ඇත්ත. නමුත් ඒ පිළිගැනීම වඩාත් හරවත් වෙන්න නම් තරුණ සන්නිවේදකයෙකුට අනිවාර්යෙන් ම දැනුම තිබීම ඉතාම වැදගත්. විශේෂයෙන් ම ප‍්‍රමුඛ මාධ්‍ය ගත්තහම දැනුමින් සන්නද්ධ පුද්ගලයෙකුට ඒ ක්ෂේත‍්‍රවල කටයුතු කරන්න පුළුවන්. දැනුම නැති මුඛරිකම විතරක් තියෙන පුද්ගලයා පස්සට යන්නේ අනෙකාගේ දැනුමත් එක්ක ඝට්ටනය වීමක් මගින් ම තමයි.
යම් නිවේදකයෙක් කුමන හෝ දෙයක් පිළිබඳ ව වාර්තා කරද්දී ඒ ගැන පුළුල් අවබෝධයක් තියෙන්න ම  ඕන. මොකද ඒ ඔහුගේ විස්තර හෝ තොරතුරු තමයි මුළු මහත් සමාජයට ම මුදාහරින්නේ. පේ‍්‍රක්ෂක ජනතාව දැනුවත් කරන්න  නම්  සන්නිවේදකයා කටින් නෙවේ මොළෙන් වැඩ කරන කෙනෙක් වෙන්න  ඕන.
තරුණ සන්නිවේදකයන් ආවට ගියාට බාහිර පෙනුමට මාධ්‍ය ක්ෂේත‍්‍රයට ඇවිත් තමන්ගේ කටයුතු කරගෙන ගියාට කවදාවත් තමන්ට ඉස්සරහට යන්න බෑ. පාසල් අධ්‍යාපනයෙන් පස්සේ තමන් කැමති මේ ක්ෂේත‍්‍රයට නම් ඒ සම්බන්ධ පිළිගත් තැනකින් ක්ෂේත‍්‍රයට අදාළ වැඩිදුර අධ්‍යාපනයක් ලබා ගනිමින් දැනුමින් පෝෂණය වෙන තරුණ සන්නිවේදකයෙක් වෙන්න  ඕන.
විශේෂයෙන් ම මේ ක්ෂේත‍්‍රයේ අත්දැකීම් සුලභ මිනිසුන් සමඟ කටයුතු කිරීම ඉතාම වැදගත්. එවන් අයගෙන් ගුරුහරුකම් ලබා ගන්නවා කියන්නේ තරුණ සන්නිවේදකයෙක්ට ඉතාම වැදගත් දෙයක්. ඒ නිසා එවන් ආකාරයට දැනුම හදා ගත්ත මුඛරි කමට වඩා මොළේ තියෙන දැනුමින් පෝෂණය වුනු තරුණ  නිවේදකයන් තමයි රටට වැදගත්. මොකද ආවට ගියාට වචන එළියට දාලා වැඩක් නැහැ. කතාකරන හැම වචනෙකම අරුතක් තියෙන්න  ඕන. විශේෂයෙන් ම සමාජයට වැදගත් වෙන්න  ඕන. මුඛරිකමට වඩා වචන හොඳින් උච්චාරණය කරන්න පුළුවන් කටත් තියෙන්නත්  ඕන.
රටේ ලෝකේ ගැනහොඳ අවබෝධයක් තියෙන කෙනෙක් වෙන එක අමාරු දෙයක් නෙවේ. නිතරම වගේ ලෝකය ගැන අවබෝධයෙන් හිටියොත් මේ හැමදෙයක් ගැනම දැනගන්න පුළුවන්. දෛනික ජීවිතේට නිතර නිතර අලූත් දේවල් එකතු කරගන්න එක අමාරු වැඩක් නෙවේ. මාධ්‍ය ක්ෂේත‍්‍රය ගැන පුළුල් අවබෝධයක් තියා ගන්න නම් අනිවාර්යෙන්ම ඒ කියන අලූත් වෙන දැනුම ලබාගත යුතුමයි. කටට වඩා මොළේ තියෙන කෙනෙක් වුණොත් හැමතැනකදිම මොළේ ඇතුව ඉස්සරහට යන්න පුළුවන්.
පොත පත දැනුම වගේම සමාජ දැනුමත් එක්ක සන්නිවේදකයෙක් නිර්මාණය වෙන්න  ඕන වගේම හැම අතින්ම දැනුමින් සන්නද්ධ පුද්ගලයෙක් කියන මට්ටමට තරුණ මාධ්‍යවේදියෙක් නිර්මාණය වෙලා තියෙන්න  ඕන. අනිත් එක මයික් එක අතට ගත්තට කිසිම පුද්ගලයෙක් නිවේදකයෙක් වෙන්නෙ නැහැ. කෙසේ නමුත් මොන මට්ටම පහු කළත් අධ්‍යාපන මට්ටම නම් අනිවාර්යෙන්ම මේ කියන තරුණ මාධ්‍යවේදියාට අත්‍යවශ්‍ය ම වෙනවා. අද වන විට මේ තරුණ පරම්පරාවෙන් බොහොමයක් මේ මාධ්‍ය ක්ෂේත‍්‍රයට පාර හදාගෙන ඉවරයි. ඒක හොඳ කාරණයක්. තරුණ පරම්පරාව තමයි රටේ අනාගතය. ඉතින් ඔවුන්ට ඒ හිමි සෑම ක්ෂේත‍්‍රයක්ම අධ්‍යනය කිරීම වගේම ඒ ක්ෂේත‍්‍රවල කටයුතු කිරීම කියන දේවල් එක්ක ඉස්සරහට යන්න වගකීමක් තියෙනවා. ඒක නිසා අනිවාර්යෙන්ම වගකීම් සහගත තරුණ සන්නිවේදකයෙක් වෙනව නම් කට වගේ ම මොළෙත් තියෙන්න  ඕන. 
 
ප‍්‍රසාද් චතුරංග

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.