Coss Ear2
lakbima.lk
COSS Ear 1

නූතන ගීතය කොයිඹට ද?

ගීතයක් ගත් කල්හි පුද්ගල සිත් සතන් සුවපත් කල හැකි දිව ඔසුවක් ලෙස සැලකෙයි. ගීතය යනු අති අර්ථවත් පදමාලා රමණීය තාල රටා එකට එක් වී ගොඩනැගෙන අති සුන්දර ශ‍්‍රව්‍යමය දෙයකි. අප රට තුළ ද ඉතිහාසයට දිවෙන කල්හි ඉතා ප‍්‍රබල ගීතමය හා කලා පවුරක් දක්නට ලැබෙයි. අතිශය සුමට වාග් මාලවක් ගොඩනැගුණු අතීත ගීත වර්තමානයේදිත් රස විඳීමට වැඩි දෙනෙක්ප‍්‍රිය කරති. ආදරය විරහව දුක වේදනාව සතුට මෙවන් සියඵ හැගීම් වචන මගින් ඉතා සෞන්දර්යාත්මකව තාල රටා යොදමින් ගොඩනැගු ගීත එදා මෙදා තුර අදටත් අප සිත් තුළ තැන්පත්ව තිබෙයි.
වර්තමානයේදි පොදුවේ ගත් කල සියලූම දෑ වාණිජ හරයක් ඇතිව සිදුවන බැවින් ගීතයක් නිර්මාණයේ සිට අසන්නා දක්වාම සිදුවන්නා වු ක‍්‍රියා පටිපාටිය මූල්‍යමය  කාරණා මත සිදුව ඇත. අතීතය තුළ අප ගීතයක දුටු හරය වර්තමානය වන විට ගීත වල දක්නට ලැබෙන්නේ නැති තරම්ය. තනු නිර්මාණය පද රචනය වැනි දෑට එකල මුල් තැන දුන්නද අද වන විට ඒ සියලූ දෑ පසෙකලා වාණිජ අරමුණු වලට මුල් තැන දී ඇත. එදා ගීතයක් ඇසු කල ඔබට මට අප හැමදෙනාටම එහි ඇති පද වල අරුතෙන් ගීතය තුළ වූ සමස්ථ රූප රාමු පෙළ ම සිත තුළ මවා ගැනීමට හැකි විය. නමුත් වර්තමානයේදී ගීතයක් රසිකයා අතරට යැවීමට රූප රචනයක් අත්‍යවශ්‍යව පවතියි යැයි සැළකෙයි. වාණිජ අරමුණු මුල් කොට කරන්නා වු මේ කලා නිර්මාණ හුදෙක් රසික සිත් සතන් සුවපත් කිරීම පසෙකලා රිගින් ටෝන් කලාව මුල් කොට සිදු කරයි. මුදල් සහ ප‍්‍රසිද්ධිය පසු පස හඹා යෑමක් මිස අර්ථවත් නිර්මාණ බිහි කිරීමට කලාකරුවන් උත්සහ නොගැනීම අතිශය ෙඛිදනීය තත්වයක් යැයි පැවසීම සදොසක් නොවන බව ඔබද මම ද දන්නා කරුණකි.  
වර්තමානය වන විට සංගීත කලාව වෙළඳ මාධ්‍යයක් වී ඇති බව අපට දැක ගත හැකිය.  මුදල් අරඹයාම සිදු වන්නා වූ සමහර නිර්මාණ තුළ හරවත් බවක් නොමැති වීමෙන් රසිකයන් තුළ තිබෙන්නා වූ ඒ රස විඳීමේ හැකියාව හීන වෙමින් පවතියි. ගීතයක් රසිකයන් අතරට පත් කිරීමට අද වන විට රූප රචනයක් නැතැව බැරි වී ඇත. නමුත් සමහර හරසුන් ගීත ප‍්‍රසිද්ධිය උදෙසා විකෘති රූප රචනා වලට යොමු වීමක් ද වර්තමානයේ දක්නට ලැබේ. ගීතයේ පද මාලාවට හාත් පසින්ම වෙනස් රූප රචනයක් සහ හරසුන් පද මාලා භාවිතය හේතුවෙන් වර්තමාන ගීත රසික හදවත් තුල රැුදෙන්නේ අල්ප වශයෙනි.
අතීතයේදී ගීතයක් රස විදීමට රූප රචනා තිබුණේ නැත. තාක්ෂණය එතරම් නොදියුණු කාලයේදිත් ඔබ මම අප සියල්ලෝම ගීත ඇසුවෙමු. ඒ ඇසු ගීත අදටත් අප මතකයේ රැුඳි තිබෙනවාට සැක නැත. ඒ එම ගීත තුළ වූ පද මාලාව හෝ තනු නිර්මාණය ම`ගින් අර්ථවත් වූ සුන්දර ගීතයක් රස විඳිම හේතුවෙනි. එකිනෙකට වෙනස් වූ පද මාලාවල් වලින් යුක්ත වූ එකල ගීත තුලින් සිත් තුළ ඇති වන්නා වූ හැ`ගීම් ඉතා සියුම් ලෙස අර්ථ නිරූපණයට ලක් කෙරුණි. ව්‍යංගාර්ථය ම`ගින් සමහර ගීත නිර්මාණය වෙද්දි එකල එම ගීත තුළ වූ සිද්ධි දාමය වටහා ගැනීමට එහි පද මාලා ම`ගින් දී තිබු පන්නරය හේතුවෙන් එකල ගීතයක් රස විඳීමට රූප රචනා අවශ්‍ය වූයේ නැත. නමුත් අද වන විට රූප රචනා තිබිය දී හෝ ගීතයක් රස විඳින විටදී අප අපහසුතාවට පත් වන්නේ අද තිබෙන්නා වූ ගීත සහ රූප රචනාත් එකිනෙකට නොගැලපෙන අයුරින් නිර්මාණය කර තිබීමයි. අතීතයේ සිටි කලාකරුවන් අදත් ගීත නිර්මාණ තුලින් රසිකයාට දායකත්වය ලබා දුන්න ද අද වන විට ඔවුන් තුලින්ද සමහරෙක් මූල්‍යම අවශ්‍යතා උදෙසා තම නිර්මාණ ඉදිරිපත් කරනු ලබයි. වර්තමානය වන විට සෑම කලාකරුවකු අතරටම තර`ගකාරි රිගින් ටෝන් කලාව ප‍්‍රවේශ වී ඇත. මෙහිදි බොහෝ සෙයින්්ම සිදු වන්නේ මූල්‍යමය අවශ්‍යතා උදෙසා ගීත නිර්මාණයයි. එය ගීත කලාවේ අභාග්‍යයි.
අතීත ගීත කෙත අස්වැද්දු මහා ඇදුරන් රැුසක් අදටත් අප අතර වේ. ඒ රසවත් හරවත් ගීත අදටත් අප මුවින් මිමිණෙන්නේ ඒ පද තනු අදටත් අප සිත් ස්පර්ශ කරන නිසාවෙනි. පුද්ගල සිතක් සුවපත් කරනා ඔසුවක් වැනි වූ මේ ගීත කලාව මූල්‍යම හේතු මුල් කොට ගෙන අභාවයට යාමට නොදී හරවත් ගීත වර්තමානයට දායද කල හැකි නම් රසිකයන්ගේ සිත් තුළ ජීවමානව රැුඳි සිටීමට කලා කරුවන්ට වරම් ලැබෙන බව නම් නිසැකය.

දිනේෂා ගුණවර්ධන

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.