Coss Ear2
lakbima.lk
COSS Ear 1

නූතන ආදරය මේ වගෙයි

Love

ආදරය කියන වචනය ඔබ අප හැමදෙනා ම බොහෝම ප‍්‍රියකරන ප‍්‍රියමනාප හැ`ගීමක් දෙන වචනයක්. ප‍්‍රධාන ලෙස ඇස සහ මනස එක් වී ගොඩනගන්නාවූ සිතුවිලි ගොන්නක එකතුව ආදරය ලෙස හඳුන්වයි. ආදරය යන වචනය විවිධාකාර ස්වරූපවලින් දැක්විය හැකියි. දෙමාපිය-දු දරු, අඹු- සැමි, සහෝදර-සහෝදරියන් , මිතුරු-මිතුරියන්, පෙම්වතුන්-පෙම්වතියන් අතර ඇති සම්බන්ධකම් ද ආදරයේ එවැනි ස්වරූපයි.  මේ සියලූ බැඳීමක් ම ගොඩනැගී ඇත්තේ ආදරයේ එක් එක් ස්වරූප මතයි.  නමුත් වර්තමානය වනවිට මේ සබඳතා තුළ වුව ද එකී ආදරය ගැබ්ව තිබෙනවාද යන්න දෙවරක් සිතා බැලිය යුතු කරුණක් වි ඇත,
පෙම්වතුන්-පෙම්වතියන්් යනු වර්තමාන සමාජය තුල ඉතා සීඝ‍්‍රයෙන් කතාබහට ලක් වන මාතෘකාවක්. අද වනවිට සිය දිවි නසා ගැනීම් වලට ප‍්‍රබල හේතුවක් ලෙස ආදරය කියන තේමාව ලක් වෙලා තිබෙනවා. ඔබ මා අප හැමදෙනාම ආදරය කුමන හෝ ආකාරයකට විඳ තිබෙනවා නො අනුමානයි. නමුත් ඔබ මා අත් විඳි ආදරය අද වන විට වර්තමාන තරුණ පිරිස අත්විඳින්නේ වෙනස් ම හැඩයකිනි. අතීතයේ අප සුන්දරයි කියූ ඒ පාසල් පේ‍්‍රමය සහ විශ්ව විද්‍යාල පේ‍්‍රමය වර්තමානය වනවිට තරුණ තරුණියන් විඳින්නේ ඔබ එදා විඳි අයුරින් නොවන්නට හැකියි. නිසැකයෙන් ම එය එසේ නොවේ. තාක්ෂණය සම`ග දිවෙන මේ සමාජය තුළ ඇතිවන්නාවූ සිතුවිලි
හැ`ගීම් සහ අදහස් සියල්ලත් යාන්ත‍්‍රීකරණයට පත්වෙමින් පවතියි. මෙයට සුදුසුම නිදසුනවන්නේ වර්තමානය තුළ වයස් භේදයකින් තොරව භාවිතාකරන ිප්රඑ චයදබැ ආදියයි. තාක්ෂණය සම`ග අප දියුණු වීම කළ යුත්තකි. එය නිසැකයෙන් ම විය යුත්තකි.  නමුත් වර්තමාන සමාජය තුළ අපට දක්නට ලැබෙන බෙහෝ අකටයුතුකම් වලට ප‍්‍රධාන හේතුව ලෙස දියුණු තාක්ෂණය සහ තාක්ෂණික උපකරණ මුල් වී තිබෙනවා දක්නට හැකියි.
අද ආදරයත් තරමක් දුරට යාන්ත‍්‍රික වෙලා යැයි පැවසුවහොත් බොහෝ දෙනා එයට එක`ග වේවි. අතීතය තුළ අප විඳි අප දුටු ආදරය පේ‍්‍රමය ආලය ශෘංගාරය වර්තමාන සමාජය තුළ ඉන්නා තරුණ පිරිස අතරින් සීඝ‍්‍රයෙන් ගිලිහී යයි. වර්තමානය තුළ ආදරය කියනා වචනයේ ඇති රාගය යන අනු කොටස අතිශය ප‍්‍රබල ලෙස තාරුණ්‍යයේ හිත් ව්‍යාකූල කර තිබෙනවා. රාගය යනු ආදරයේ ඇති උච්චතම අවස්ථාව යන්න කිසිවෙකුට නොරහසකි. එය සැ`ගවිය යුතු කතා නොකල යුතු මාතෘකාවක් නොවේ. නමුත් වර්තමාන ආදරය තුලට සභ්‍යත්වයෙන් තොරව රාගය ඇතුල් වී තිබෙයි.
‘‘රාගයෙන් තොරවූ පේ‍්‍රමය - සඳ එළිය සේ අචින්තයි ’’ යන ලෙස කවියා පද මුහුකලත් වර්තමානය තුලට එය ගැලපීම තරමක් අසීරු කාර්යයකි. තරුණයෙක් හෝ වේවා තරුණියක් හෝ වේවා එකිනෙකා පේ‍්‍රමයෙන් බැඳෙන්නේ සිත් තුළ ඇතිිවන්නාවූ හැ`ගීම් සමුදාය සහ ආකර්ෂණය හේතු කොට ගෙනය. නමුත් වර්තමානය වනවිට ආදරයෙන් යැපිය යුතු රාගය ආදරය පරදා පෙරට විත් රාගයෙන් ආදරය යැපියයුතු තත්වයට පත් වි ඇත.  
වර්තමානය වනවිට සියදිවි නසා ගැනීම්වලට ප‍්‍රධානතම හේතුව වන්නේ පේ‍්‍රම සම්බන්ධතායි. දරා ගැනීමේ ශක්තිය හීන වී ගිය කල තමා සතු එකම විකල්පය සියදිවි නසා ගැනීම බව අද තරුණ්‍යයේ
සිටින බොහෝ පිරිස පිළිගන්නකි. මෙලෙස සියදිවි නසා ගැනීමට සමහරෙක් හට හේතු වී තිබෙන්නේ ආදරය නමින් වෙස්වලාගත් රාගය හේතුවෙනි. එවැනි අවස්ථා කොතෙකුත් අප සමාජය තුළ දක්නට ඇත. පෙම්වතෙකුගේ ස්වරූපයෙන් ආදරය යන මුවාවෙන් තම රාගික අවශ්‍යතා ඉටුකර ගන්නා අවස්ථා වර්තමානයේ දී අපට  ඕනෑ තරම් අසන්නට දකින්නට ලැබේ. සමාජ ජාල වෙබ් අඩවි තුළ වුවද මෙවැනි සිද්ධීන් සුලබව දක්නට ලැබේ. මේ සියල්ලට එක් පාර්ශවයකට පමණක් දොස් මුර තැබීම කල නොහැකිය. පොදුවේ ගත් කල වර්තමාන තාරුණ්‍යය කෙතරම් උගත්වුවත් ප‍්‍රායෝගික ජීවිතය තුළ ඔවුන් ඉතා පහළ මට්ටමක සිටියි.
නිසි අයුරින්  තාක්ෂණය භාවිතයට නොදන්නාකම සහ අන්ධ විශ්වාසයත් සම`ග පවතින අනුවනකම හේතුවෙන් වර්තමානය තුළ තරුණියන් විශාල ලෙස චරිත ඝාතනයට ලක් වී තිබෙනවා. එසේම විවිධ සමාජ ජාල වෙබ්අඩවි තුළට
එවැනිදෑ ඇතුළත් කොට ප‍්‍රචාරය කරවීම අද වනවිට සුලබව දක්නට ලැබෙයි. දැකීමෙන් ඇතිවන ආකර්ෂණය පේ‍්‍රමයට මුල්කර ගන්නා බොහෝ පිරිස වර්තමානය තුළ වැඩි වශයෙන් අකටයුතුකම්වලට ලක් වේ. කෙනෙක් තවකෙකුගේ නිරුවතට සහ චරිතයට මිලක් නියම කරන්නාවූ මිනිසුන්
සිිටින සමාජයක තරුණ  තරුණියන් ආදරය වෙසින් හමුවන රාගික සෙවණැලි මග හැරිය යුතුම වේ. විදේශ රටවල රාගික හැ`ගීම් ප‍්‍රසිද්ධියේ ඉදිරිපත් කල හැකිවුවත් ලාංකික සමාජය තුළ තවමත් අප සංස්කෘතික රාමුවක ජීවත්වේ. එහෙයින් ආදරය අප සමාජය තුලදී දෙදෙනෙකුට සීමාවෙයි. ඒ පෙම්වතුන්-පෙම්වතියන් ඉන්පසුව අඹු- සැමිලෙසයි. අප බෞද්ධ දර්ශනය තුලත් පරදාර සේවනය නුසුදුසුයැයි පවසා ඇත. නමුත් ඒ සියල්ල පසෙක ලා රාගය ඉස්මතු වීම හේතුවෙන් දෙදෙනෙකු යන සීමාව ඉක්මවීම අද
සමාජයේ සමහරුන්ගෙන් සිදුවෙයි.
අප ඉතිහාසය තුල ද ප‍්‍රබල  පේ‍්‍රම වෘත්තාන්ත නැතැය කිවනොහැක. ප‍්‍රායෝගිකව ගත් කල කිසිවිටෙකත් ආදරය රාගයෙන් තොරවීමක් නැත. නමුත් තම සීමාවන් නිසි අයුරින් වටහාගෙන ආදරය හා රාගය එකට කැටිකොට විඳිය හැකි නම් මේ සමාජය තුළ කිසිවිටෙක ගණිකා වෘත්තිය, පරදාර සේවනය, ඝාතන, සියදිවි නසා ගැනීම් සහ උසාවියේ දක්නට ඇති සමහර මීට අදාල නඩු ද දක්නට නො ලැබේවි. එමෙන්ම යාන්ත‍්‍රික සමාජය තුළ ඉඳිමින් තම හැ`ගීම් එයට මුහු නොකරනවා නම් ඉහත කී කරුණු වලින් තොර ආදරය විඳිය හැකියි.

දිනේෂා ගුණවර්ධන

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.