Coss Ear2
lakbima.lk
COSS Ear 1

එදිනෙදා ගිලිහෙන වටිනාකම්

අතීත මිනිසා ජීවත් වූ සමාජ ක‍්‍රමය වර්තමානයේ විප්ලවීය ලෙස නවීනත්වයට පරිවර්තනය වී ඇත. එහිදී තම වටපිටාව තුළින් එදා වේල සපයාගෙන ජීවිකාව ගෙන ගිය ක‍්‍රමවේදය අද දක්නට ලැබෙනුයේ කලාතුරකින් විය හැකිය. ඒ වෙනුවට නාගරීකරණය, කාර්මීකරණය, තාක්ෂණික දියුණුව ආදිය තුළ මිනිසා ස්ථාවර රැුකියාවක් සෙවීම, නියමිත ප‍්‍රවාහන මාධ්‍යයක් භාවිතා කිරීම, ආහාර පාන ලබා ගැනීමේ විවිධ රටාවන්ට හුරු වීම ආදී සංකීර්ණ තත්වයන් ජීවිතයට හුරු කොටගෙන පවතී. මේ හේතුවෙන් එදිනෙදා පෞද්ගලිකව අපට නැතුවම බැරි දේ ලෙස පැවති මව, පියා,  දූදරුවන්, සැමියා, බිරිඳ, පෙම්වතා, පෙම්වතිය ආදී බැඳීම් අද වෙනත් දේ වෙත පරිවර්තනය වී ඇත.

මුදල් පසුම්බිය
ජංගම දුරකථනය
ක්‍රෙඩිට් කාඩ්
පෞද්ගලික පරිගණකය
පෞද්ගලික වාහනය
Email, Facebook, Messenger, Viber, Whatsapp, Twitter and etc

ආදිය එසේ අප ජීවිත මූලික වශයෙන් ආක‍්‍රමණය කළ දේ ලෙස හඳුනා ගත හැකිය. පෙර පැවති ජීවී බැඳීම් සියල්ලම පාහේ වර්තමානයේ මෙම අජීවී භෞතික ද්‍රව්‍ය නොමැතිව පවත්වා ගත නොහැකි තරමට අතරමැදියන් බවටද පත්ව ඇත. ඉහත දැක්වූ සිල්ල එදිනෙදා අත්‍යාවශ්‍ය මෙන්ම පෞද්ගලිකත්වක් සහිත දේ ය. සැබවින්ම මේ දියුණු ලෝකය තුළ අපගේ කටයුතු පහසු කර ගැනීමට, අපගේ දැනුම වර්ධනය කරගැනීමට, නව දැනුම සොයා යාමට මේ සියලූ දේ පිටුවහලක් වේ. මිනිසුන් වශයෙන් ලෝකය සමග ගැටී ජීවත් වීමේදී මෙවන් දේ ප‍්‍රතික්ෂේප කර ජීවත් විය නොහැක. නමුත් එදා වේල සරි කර ගනිමින්, ඇත්නම් පමණක් අනාගතයට ඉතිරි කර, ඉඳ හිට වන්දනා ගමනක් වැනි යමකින් සතුටු වී ගත කල ජීවිතයේ පැවති බියෙන් සැකෙන් තොර නිදහස් හදවත මෙම පහසු ක‍්‍රම හරහා පවත්වා ගත හැකිද?

මුදල් ඇත්නම්, යාන වාහන ඇත්නම්, ලෝකය සමග නව සබඳතා පවත්වා ගත හැකිනම් සතුටින් ජීවත් විය හැකි යැයි වැඩි දුර නොසිතා සරලව පිළිතුරක් දි හැකිය. කායික හෝ මානසික රෝග පීඩා, නියඟ, ගංවතුර, නාය යෑම්, ගිනි ගැනීම්, කඩා වැටීම්, රිය අනතුරු ආදී කරදර හමුවේ එම සතුට සදාකාලික නොවන බව පසුව වටහා ගත හැකිය. නමුත් මදකට එම සියලූ කරදර ද පසෙක තබමු. ඒ කිසිවක් නැතිව හිතේ නිදහස පවත්වා ගත හැකිද? එදිනෙදා ජීවිතයේ මෙම සියලූ කරදර රහිතව වුවත් අපට නැතිවම බැරි දේ ලෙස ඉහත හඳුනා ගත් දේ හරහා අපගේ හදවද කලබලකාරී වනවාද? මදකට සිතා බලමු. ඔබට ගමනක් යන විට ඉහත දේ අතුරින් මුදල් පසුම්බිය සහ ජංගම දුරකථනය යන දෙකෙන් එකක් හෝ බැරි වීමකින් ගෙදර අමතක වී නම් ගමන යෑමට පමා වුවද නැවත පැමිණ ඒවා ගෙන යන බව නිසැක ය.

නමුත් මේ එදිනෙදා අත්‍යාවශ්‍ය දෑ තුළ මිනිසා කෙතරම් බියෙන් පසු වේද? වර්තමානයේ මිනිසුන් ගමනක් යන විට තමා සතු මුදල් කොටස් වලට බෙදා කොටසක් පසුම්බියේ, කොටස් කීපයක් බෑගයේ විවිධ තැන් වල ආදී වශයෙන් දමා ගනිමින් ආරක්ෂා කරයි. මුදල් පසුම්බිය සහිත බෑගය බරට බරේ වුවද ඉවසා ගනිමින් කරේ එල්ලාගෙන සිටින්නේ වෙනකෙකු අතට දීමට ඇති බිය, සැකය නිසා ය. කාගේ අතට හෝ බෑගය දුන්නද නැවත ලබා ගත් පසු වහාම තමාගේ මුදල් පසුම්බිය තිබේද, ක්‍රෙඩිට් කාඞ් වැනි වටිනා දේ ඒ තුළ ආරක්ෂිතද ආදී දේ විපරම් කරයි. (ක්‍රෙඩිට් කාඞ් සොරකම වර්තමානයේ අති සූක්ෂම අයුරින් සිදු කරයි) ජංගම දුරකථනයද මේ ආකාරයටම මිනිසා විසින් ආරක්ෂා කර ගනී. දුරකථනය කැඞී එය නැවත සකසා ගැනීමට යමෙකු වෙත ලබා දීම අද කෙතරම් භයානක ද? දුරකථනයේ ඇති විවිධ දේ තුළින් මිනිස් ජීවිත විනාශ කරන විවිධ ක‍්‍රම අද පවතී. පෞද්ගලික පරිගණකය, ජංගම දුරකථනය,Email, Facebook ආදිට මුර පද (password) දැමුවා කියා ආරක්ෂා කර ගත නොහැක. පෞද්ගලික වාහනක් කොතනක හෝ නවතා යෑමටද බිය වීමට සිදුව ඇත. මන්ද යත් වාහනය ගෙන යා නොහැකි නම් එහි කොටස් හෝ ගලවාගෙන යෑම අද කාලයේ ක‍්‍රමය වීම ය.

ඉතින් එදිනෙදා ජීවිතයේ මිනිසාට නැතුවම බැරි දේවල් හරහා නැති නොවන ලෙස පළමුවෙන්ම හිමි වී ඇත්තේ ”බිය සැක” නේද? කටයුතු පහසු කරගැනීමට යැයි සිතා අපට හිමි වී ඇති දේ හරහා නොදැනුවත්වම අපට අපහසුවක් ල`ගා වී ඇත. හදවතේ නිදහස අහිමි වී ඇත. එයට හේතු වන්නේ තමාගෙන් බාහිර ලෝකයා වෙත තැබීමට සිදුව ඇති අවිශ්වාසය යි. මිනිසා වෙත මෙතරම් අවිශ්වාසයක් තබා ජීවත් වන්නේ මන්දැයි යමෙකුට ඇසි හැකිය. නමුත්, මව පියා පවා විශ්වාස කළ නොහැකි දේ සිදු වන ලෝකයක වෙනත් අය කෙරෙහි විශ්වාසයක් තැබීම උගහටය. මිනිසුන් මෙතරම් අනෙකාගේ ජීවිතයට අභියෝගයක් වන පරිදි හැසිරෙන්නේ, අනෙක් මිනිසුන්ගේ හිතේ නිදහස සොරා ගන්නේ අවබෝධයක් නැති කම නිසාම නොවේ.

යමෙකුගේ මුදල් පසුම්බියක් සොරකම් කිරීමෙන්, ක්‍රෙඩිට් කාඞ් එකක් සොරකම් කිරීමෙන් කන කෑම ජරාව කෑමකි. එවන් මුදලින් ගන්නා ඇ`දුම් ඇ`දීම හෙළුවෙන් යෑමකි. පසුම්බියක රු.1000ක් 2000ක් තිබුණා කියා හෝ ක්‍රෙඩිට් කාඞ් එකක රු.20,000 ක් 50,000ක් තිබුණා කියා හෝ ලක්ෂ ගණනක් තිබුණද ඒ පොහොසත් යැයි සම්මත තත්වයේ මිනිසෙකු නොවිය හැකිය. හො`දින් ඇ`ද පැළ`ද සිටීම පොහොසත් බවේ ලක්ෂණයක් යැයි සිතන මෙම සොරුන් හෝ වංචනිකයන් එවන් අයෙකුගෙන් යමක් ගත්තාට කමක් නැතැයි සිතති. නමුත් අසරණ මිනිසුන් ඉතා අමාරුවෙන් සොයා ඉතිරි කළ මුදලක් හෝ ණයක් ගත් මුදලක්, එදා වේල සරි කර ගැනීමට පමණක් සෑහෙන මුදලක් පමණක් එම මුදල් පසුම්බියේ හෝ තැන්පතුවක හෝ තිබිය හැකිය.

ජංගම දුරකථන, පරිගණක ආදිය සොරකම් කිරීමෙන්, ඒවා අලූත්වැඩියා කරන්නට දුන් විට ඒවායෙහි ඇති දත්ත පිළිබඳ විමසිලිමත් වීමෙන්, ඒවා රටට ලෝකයාට ලබා දීමෙන් ලබන සතුට මන්ද බුද්ධික සතුටකි. මෙවන් දේ තුළ මිනිසා ආරක්ෂා කරන්නේ තමාට වැදගත් එමෙන්ම නැවත සොයා ගැනීමටවත් නොහැකි සටහන්, දත්ත, දුරකථන අංක, ආදරණීය මතක සටහන් ආදිය විය හැකිය. අනුන්ගේ Email, Facebook ආදිය තුළට පිවිසීමෙන්ද එක්කෝ දත්ත සොරකම් කිරීමට නැතිනම් ඔවුන්ගේ සබඳතා ගැන හාරා ඇවිස්සීමට මෙවන් පහත් ගති ඇති පුද්ගලයින් උත්සහ ගනිති. මෙවන් ගිණුම් තුළට පිවිසී බොහෝ දුරට මූලිකවම සොයා බලන්නේ විවිධ සබඳතා, ඡායාරූප හුවමාරු කර ගැනීම් ආදියයි. ඉතින්, සාමාන්‍ය ව්‍යවහාරයෙන් කියන්නේ නම්, අනුන්ගේ ම`ගුල් හෙවීමෙන් ඇති වැඩේ කුමක්ද? එය පහත් මානසික තත්වයක් ම පමණි.
මෙසේ අනෙකාගේ එදා වේලට, බසයේ යෑමට, කෑම එකක් ගැනීමට ඇති මුදල සොරා ගැනීම, ඉතා දුක් මහන්සියෙන් යමෙක් තැන්පත් කළ මුදල සහිත ක්‍රෙඩිට් කාඞ් සොරකම් කර සාප්පු සවාරි යාම, අනෙකාගේ පරිගණක, ජංගම දුරකථන දත්ත සොරකම් කිරීම, අනෙකාගේ වාහනයේ රෝද ගලවාගෙ යාම වැනි එදිනෙදා ජීවිතයේ අත්‍යාවශ්‍ය දේ සමග මිනිසුන් පහත් ක‍්‍රයාවන් වලට එළැඹෙන්නේ සමාජ සදාචාරයේ ප‍්‍රාමාණික ආචාර ධර්මයන්, සදාචාරාත්මක පිළිගැනීම් පාගා දැමීම නිසා ය. මිනිසාට මෙතරම් බියෙන් සැකෙන් මෙම අතාවශ්‍ය දේ සමග කටයුතු කිරීමට  සිදුව ඇත්තේද මෙම සදාචාරාත්මක පිරිහීම නිසා ය.

රුපියලක් හෝ බිම වැටී ඇත්නම් එයට අයිතිකරුවෙක් සිටී නම් එය ලබා දීම, ක්‍රෙඩිට් කාඞ් එකක් වැටී හෝ ස්වයංක‍්‍රීය මුදල් ලබා ගන්නා යන්ත‍්‍රයක ඇත්නම් එය බැංකුවට ලබා දීම,ජංගම දුරකථනයක් පරිගණකයක් අමතක වී ගිය අයෙක් වේ නම් හැකි අයුරින් එහි අයිතිකරුට එය ලබා දීම, අනුන්ට අයිති මෙවන් උපකරණ තුළ ඇති දේ නොසොයා සිටීම, ෑප්සක හෝ ත්‍්ජැඉදදන ගිණුමකින් යමෙකුට ඛදටදමඑ වීමට අමතකව ගොස් ඇත් නම් එම ගිණුම් වල ඇති දේ හාරා ඇවිස්සීමට නොගොස් අවංකව එය ඛදටදමඑ කර දැමීම වැනි දේට මිනිසා නිතරම යොමු වේ නම් මෙම සමාජය තුළ මිනිසාගේ එදිනෙදා අනිවාර්ය කටයුතු, අත්‍යාවශ්‍ය දේ සමග නිදහසේ කටයුතු කිරීමට හැකිවනු ඇත. අප කළ යුත්තේද මෙවන් වරදක් තමා අතින් යම් කිසි මොහොතක සිදු වී ඇත්නම් සිතට එක`ගව ස්වයං විවේචනයක් කර ගනිමින් නැවත එය සිදු නොකිරීමට වග බලා ගැනීම ය. එමෙන්ම තමාටද මෙවන් දෙයකට මුහුණ දීමට සිදු වුවහොත් වන අපහසුව ගැන සිතා එවන් දේට නොපෙළඹීම ය. එමෙන්ම තමාගෙන් නොනැවතී තම සහෝදරිය, සහෝදරයා, යහළුවා, යෙහෙළිය, අසල්වැසියා ආදීන්ද මෙවන් වරදකට පෙළඹේ නම් ඉන් වැළැක්වීම ය. එවිට අපගේ එදිනෙදා ජීවිතයේ හදවතේ සතුට පවත්වා ගැනීමට පමණක් නොව අනෙකාගේ නිදහස, සතුට සූක්ෂමව විනාශ කිරීමෙන් වැළකීමටද සමාජ සදාචාරය ආරක්ෂා කිරීමටද හැකියාව ලැබේ.

සිලානි ජයවර්ධන

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

 

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

E-Papers

Please publish modules in offcanvas position.