lakbima.lk

ඔයා ඇතුළෙත් සුපිරි වීරයෙක් ඉන්නවා නේද?

ජීවිතේ ඔබටත් මටත් හිත ගත්ත වීරයෙක් ඉන්නවා. මේ කතාව තමන්ගේ වීරයා ගැන රචනාවක් ලියලා මුළු ඉස්කෝලයක් ඉස්සරහ බැනුම් අහපු කොල්ලෙක් ගැන. මේ සිදුවීම වෙනකොට මම හිටියේ අට වසරේ. දවසක් free period එකකට අපේ පන්තිය බාර දීලා තිබ්බේ හාමුදුරුවන්ට. පන්තියට ආව ගමන් අපිට දුන්නේ රචනාවක් ලියන්න. මට මතක විදිහට ඒකෙ මාතෘකාව මා කැමති ම වීරයා වගේ එකක්, රචනාව ලියන්න  ඕනේ විදිහ ඒකෙ තියෙන්න  ඕනේ දේවල් ලියන්න  ඕනේ දේවල් ගැන එහෙම දිග විස්තරයක් කරාට පස්සේ හාමුදුරුවෝ පොතක් කියවන්න ගත්තෙ අපිට රචනාව ලියන්න ඉඩ දෙන ගමන්. අන්තිමට ලියපු රචනා ටිකත් එකතු කරන් හාමුදුරුවෝ යන්න පිටත් වුණා. නොහිතපු විදිහට හාමුදුරුවෝ ආපහු මතු වුනේ ඊළඟ period එක මැද්දෙ, ලියපු රචනාවක කොලයකුත් හාමුදුරුවන්ගෙ අතේ තිබුණා. මුළු පන්තියම දිහා හෙලපු බැල්මේ තිබුනේ සකල ලෝ සතුන් වෙත වඩන මෛත‍්‍රිය නම් නෙමෙයි කියන එක අපිට හොඳට ම තේරුණෙ අතේ තිබ්බ දිග වේවැල නිසාම විතරක් නෙමෙයි. කොලේ අග ලියපු නම බොහොම සැරෙන් එලියට කතා කරපු හාමුදුරුවො, බයෙන් ඉස්සරහට නැගිටලා ආව ඒ රචනාවේ අයිතිකාරයව කනෙන් අල්ලන් ප‍්‍රින්සිපල් ගේ ගාවට අරන් ගියා. වෙච්ච සිදුවීම අපිට දැනගන්න ලැබුනේ ඊට පහු වෙනිදා. එදා අපේ සතියේ මහා රැස්වීම ගන්න දවසක්. එදා ප‍්‍රින්සිපල් ගේ වගේම හාමුදුරුවන්ගේ අනුශාසනාවෙත්  තිබුනේ බැනුම් ගොන්නක් විතරමයි. රචනාව ලියන්න කිව්වහම අනිත් හැම කෙනාම ලියන ජනප‍්‍රිය චරිත වෙනුවට මේ ළමයා ලියලා තිබුනේ super man ගැන. මේ සිදුවීම මට මතක් වුනේ මේ ළඟදි group එකක super man ගැන ලියලා තිබුණු post එකක් නිසා.

ඒ දවස් වල හැටියට ඒක මටත් ලොකු වරදක්. හැබැයි  අද මම ඒ ගැන හිතද්දී මට හිතෙන්නේ වෙනස් කතාවක්. අපි වීරයෙක් ගෙන් බලාපොරොත්තු වෙන්නේ inspiration එකක්, අරමුණක්. අපි වීරයෙක් ගෙන් දකින්නේ නිර්භීත බව. මේ දේවල් තියෙනවා නම් මං හිතන්නේ අපේ වීරයා භෞතික ලෝකෙ කෙනෙක් වෙන්නම  ඕනේ නෑ. අද වෙද්දී මමත්   superman ගේ diehard fan කෙනෙක් ඒකට හේතු ගොඩක් තියෙනවා. පොඩි කාලෙ ඉදන්ම ආපු හැම ප‍්‍රශ්නෙකට ම මගේ හිතේ තිබ්බ පළවෙනි ම දේ බලාපොරොත්තුව ඒ හැමදේම හොඳින් වෙයි කියන එක. ඒ බලාපොරොත්තුව එක්ක තමයි කරන හැමදේම පටන් ගත්තේ. කොච්චර ඒ දේවල් වැරදුනත් මගේ හිත ඇතුළෙන් ඇහෙන්නෙ හැමදේම හොඳින් වෙයි චානුක strong කියන එක. අදටත්  ඕනෙම කෙනෙක් ගේ ප‍්‍රශ්නෙකදී එයාලව අස්වසන්න මම පාවිච්චි කරන්නේ ඒ වචන ටික. මට අමාරු කාල වලදී මං මගේ හිත හදාගන්න වචන ටික. මේකට superman ගේ තියෙන සම්බන්දෙ තමයි superman ගේ පපුව මැද්දේ තියෙන සලකුණ. ඒකෙන් අර්ථවත් වෙන්නේ  HOPE එහෙම නැත්නම් බලාපොරොත්තුව.  මේ ලෝකෙට kryptonian නම් ලෝකෙක ඉඳන් ආපු ජිවියා. අන්තිමේදී මේ  ලෝකෙට බලාපොරොත්තුවක් ගේනවා comics කියවන කෙනෙකුට මේ ගැන හොඳටම තේරෙනවා. ජිවිතේ සමහර බලාපොරොත්තු කඩවෙන එපා වෙන තැන් වලදී මගේ motivation එක හොයා ගන්නේ  superman ගෙන් . ඒ අතරෙත් මේ තමයි මම ආසම  quoteu එක  There is a superhero in all of us, we just need the courage to put on the cape˜ අපි හැමෝම ඇතුළෙ සුපිරි වීරයෙක් ජිවත් වෙනවා අපිට  ධෛර්යය විතරයි  ඕනේ කරන්නෙ ලෝගුව දාගන්න. අපිටත් පුළුවන් Superman කෙනෙක් වෙන්න . ඒකට පපුව මැද්දේ කදටද එක නෙමෙයි  ඕන කරන්නෙ. ඒකට  ඕනේ කරන්නේ බලාපොරොත්තුව. හැම සටනකම අවසානයේ Superman වීරයෙක්. මොකද ඔහු සටන ගෙනියන්නේ ඔහුගේ ජයග‍්‍රහණය වෙනුවෙන් නොවන නිසා . තව කෙනෙක් වෙනුවෙන් ඔබටත් පුළුවන් මට්ටමෙන් දෙයක් කරන්න පපුවේ සලකුණ නොතිබුනාට බොහෝ විට ඔබ වීරයෙක් මේ ළඟකදී බලාපොරොත්තුව ගැන ලස්සන ග‍්‍රීක කතාවක් හම්බවුනා.

කතාව අන්තර්ගත වෙන්නේ හෙසියඞ් කියන ග‍්‍රීක ලේඛකය ගේ වැඩ සහ දවස් කියන කෘතියේ. ග‍්‍රීක දිව්‍ය ලෝකේ රජතුමා තමයි සියුස්. ඔහු හෙපිස්ටස් (Hephaestus) ට අණ කරනවා තමන්ට දුවක් මවලා දෙන්න කියලා සියුස් ට  ඕන වෙන්නේ දේව දුතිකාවක් හදන්න නෙවෙයි ලෝකයේ මුල්ම ස්ත‍්‍රිය නිර්මාණය කරන්න. ඒ වැඬේ හරියට ම කරන්න  ඕනේ නිසා තමයි ග‍්‍රීක දෙවිවරු අතර අපේ විශ්වකර්ම දිව්‍ය පුත‍්‍රයා වගේ ඉන්න හෙපිස්ටස් ට වැඬේ බාර දෙන්නෙ. අන්තිමට ඒ මැවෙන දුවට දෙන නම තමයි පැන්ඩෝරා කියන්නේ. පැන්ඩෝර ට පොළොවෙදි කසාද බඳින්න වෙන්නේ එපිමතියස් (Epimethius) කියන මනුස්සයව.  සියුස් පැන්ඩෝර ට පොඩි පෙට්ටියක් දෙනව ලොකු ඉබ්බෙකුත් දාල. මේක ඇතුළෙ තියෙන්නේ ඔවුන්ට ලෝකේ ජය ගන්න අවශ්‍ය වාසනාව වැනි දේවල්  කියලයි ඔහු කියන්නේ. සියුස් පැන්ඩෝර ට අවවාද කරනවා පෘථිවියට යනකම් මේක විවෘත කරන්න එපා කියලා. හැබැයි පැන්ඩෝරා ඒ අවවාදෙ සලකන්නේ නැතුව ඒ පෙට්ටිය විවෘත කරන්න ගිහින් එකේ තිබුණ දේවල් හැලෙනවා. පෘථිවියට ආපු  පැන්ඩෝර එපිමතියස් ට සිදු වුන දේ කියලා පෙට්ටිය දැං හිස් බවත් කියනව. ඒක තහවුරු කරල පෙන්නන්න පැන්ඩෝරා ආයෙමත් පෙට්ටිය විවෘත කරල පෙන්නනව. හැම දෙයක්ම එළියට ගියා කියල හිතුවට එක දෙයක් ඉතුරු වෙලා තියන බව එතකොට පැන්ඩෝර දකිනව. ඒ තමයි බලාපොරොත්තුව.

එදා ළමයි ගුරුවරු අතරේ විහිලූවට ලක් වුනත් අද මගේ වීරයාත් superman . කාලය වෙනස් වෙනවා. මිනිස්සු වෙනස් වෙනවා හැබැයි කවදාවත් කරන හොඳ වැඩ නවත්තන්න එපා . අපිට වෙනස් කමක් කරපු කෙනෙක් වුනත් කරදරයක ඉන්නවා නම් හොයලා බලලා පුළුවන් විදිහට උදව් කරන්න මට කියලා දුන්නේ Superman. අනුන්ට උදව් කරන්න ගිහින්  කොච්චර හිත රිද්ද ගත්තත් හෙටටත් මම ආයේ උදව්වක් කරන්න පසුබට වෙන එකක් නැහැ. superman g kryptonite වගේ මගේ weakness එකක් ඒක. හැබැයි මම ඒකට කැමතියි. දවසක් මගෙන් යාලූවෙක් ඇහුව ”හෙට උඹ මැරුනොත් සතුටින් මැරෙන්න පුලූවන්ද ?” කියලා.  එදා නම් හිනා වෙලා මග ඇරියට අද මගේ උත්තරේ ඔව්. i'll be waiting on death with a smile on my face මැරෙන දවස එනකම් මැරී මැරී ඉන්නේ නැතුව ජීවත් වෙලා ඉන්න දවස සතුටින් ඉන්න පුළුවන් නම්  ඔව් ඒක තමයි ජීවත් වෙනවා කියන්නෙ.

 ලෝකෙ කියන්නෙ සුන්දර තැනක් නම් නෙමෙයි. මේක හරියට බාදක අස්සේ ගලන ගඟක් වගේ. අර සිංදුවකුත් තියෙන්නේ ගලන ගඟකි ජිවිතේ කියලා. මේ ගඟ ගලන්නේ ගල් අස්සෙන් බාධක මැද්දෙන් එහෙම ගලද්දී තමයි එකේ ලස්සන තියෙන්නෙ. ජීවිතෙත් ලස්සන වෙන්නේ  එහෙමයි. අපිට තියෙන්නේ මුහුද හම්බවෙනකම් නොනැවතී ගලන  වතුර පාරක් බවට පත්වෙන්න.  අන්තිමට අපිට අපේ කතාව කියද්දී ඒ කතාව ලස්සන වෙන්නේ අපි වැටුන තැන් ගැන තියෙද්දි. අන්තිම බලාපොරොත්තුවත් නැති වුන දවසට පපුවට අත තියලා කියන්න all is well කියලා. හැමදේම හොඳින් වෙයි බලාපොරොත්තුව අතාරින්න එපා. keep faith on you, be srong.

චානුක නදුන්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.