lakbima.lk

ගීත රසේ ගැන වෙනස් කතාවක්

රස කියන්නේ අපි විඳින්න හරි ම කැමති වින්දනයක්. ඒ වගේ ම විඳලා කවදාවත් ඉවර නොවෙන වින්දනයක්. හැබැයි මේ රස හරි ම  සාපේක්ෂයි. පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස්. අපි අපේ වයස අනුව අපේ දැනීමේ හැටියට අපි අපේ රස පරිමාව වෙනස් කර ගන්නවා.  මේ රහ කියනදේ හොද්දට වැටෙන ලූණු ටිකේ ඉඳලා කනට ඇහෙන හිතට දැනෙන හැමදේකට ම අපි අනුගත කර ගන්නවා. තේරෙන්න කිව්වොත්  රසේ සාපේක්ෂ බව ගැන, අපේ අම්මා තේ එකට දාන සීනි ප‍්‍රමාණය වගේ. කෙනාගෙන් කෙනාට රස අනුව දාන්නේ. කනට ඇහෙන හිතට දැනෙන දේවලූත් ඒ වගේ. කොහෙට දැනුනත් අපි විඳින්න ආස අපේ කරගෙන. ඒක කොච්චර අපේ කර ගන්නවද කියනව නම් ලස්සන සිංදුවක් ඇහුණා ම නොදැනුවත්ව ම අපි ඒක ගායනා කරනවා  කියලා හිතාගෙන action reaction දෙන්න, වචන මතක නැති උනත් අඩුම තරමේ සින්දුවට තාලෙට පැද්දෙන්න හරි අපි කැමති. හැබැයි අද අපේ කරගන්න කියලා සිංදු තියෙනවද ? 21 වෙනි සියවසේ ජිවත් වෙන 90දශකේ ඉපදිච්ච එකෙක් විදිහට පුංචි කාලේ ඉඳන් tv  එකටයි radio එකටයි ඇබ්බැහි වෙච්ච එකෙක්. ඒ කාලේ යන chart show එකක් නෑර බලපු කෙනෙක්   විදිහට ලංකාවේ  music trends එන හැටි වගේ ම ඒවා නැති වෙලා යන හැටිත් හොඳට ම දැක්කා. ඒ කාලේ උදේ පාන්දර  අපේ ගෙදර දවස පටන් ගත්තේ radio එකේ යන පරණ සිංදු එහෙම අහලා. මොකද අපේ සීය ඒවාට පුදුම විදිහට ආස කළා. සීයා කියනවා ඒවා ඇහෙද්දී ආයෙත් තරුණ වෙනවා වගේලූ. සිංදු අහනවටත් වඩා සිංදු අහද්දී සීයා ඒ කාලේ කරපු දේවල්. සිංදුව පරණ චිත‍්‍රපටියක නම් ඒකේ විස්තර , එක බලන්න ගියපු විදිහ එහෙම කියද්දී මට සීයා තරම් වීරයෙක් නැහැ ඉතින්. ඔය ආභාශයෙන්ම පරණ සිංදු වගේ ම අලූත් සිංදු වලටත්  මතක ඇති කලෙක ඉඳන් මම මාර විදිහට ආස කළා. මටත්  ඕනේ වුණා දවසක ඒ අහන සිංදු සීය වගේ ම මගේ මුණුපුරන්ටත් කතා විදිහට කියලා දෙන්න.

එදා අපි කැමති වුනාට අද අපි අකමැති වෙන්න පුළුවන් ගීතත් ඒ වගේ ම තමයි අපි එදා හරිම අකමැති ගීත අද කැමති වෙන්න පුළුවන්. මේකට හොඳ ම උදාහරනේ මට දෙන්න වෙන්නේ මම සා.පේ  කරන දවස් වල වෙච්ච සිදුවීමකින්. ඒ දවස්වල ඇටෙන් පොත්තෙන් මෝරන වයස එක්ක මටත් තිබුනා ටියුෂන් පේ‍්‍රමයක්. අ.පො.ස.ට මාස දෙකක් විතර තියෙද්දී තිබ්බ එක සිංහල සම්මන්ත‍්‍රණයකට මම ගියේ  එයාව බලන්න. class  එක තිබ්බේ මහරගම. කවදාවත් කෝට්ටේ ඉඳන් එච්චර දුරක් තනියම ගිහින් තිබුනේ නෑ. ඒත් නොයා බැරි කමට අමාරුවෙන් හොයාගෙන ම ගිහින් පන්තියේ කෙළවරක වාඩි වුණේ ඒ වෙනකොටත් පන්තියේ ඉඳගෙන හිටපු මගේ කුළුඳුල් ආදරේ පේන මානෙන්. එදා පන්තියේ අන්තිම දවස, කට්ටිය සිංදු කියන්න පටන් ගත්තා. සර් පන්තියේ කෙලවර ඉඳන් වෙන ලෝකෙක ඉන්න මාව දැකලා මටත් එන්න කිව්වා. නාන කාමරෙන් පිට තාලෙට හූවක් වත් කියලා නැති මට දාන්න පුළුවන් හැමතැනින් ම දාඩිය දැම්මා. ඒත් අරයා ඉස්සරහා නෝන්ඩි වෙන්න බැරි කමට කට්ටිය ඉස්සරහට ගිහින් ඒ දවස් වල මගේ ආසම සිංදුව වෙච්ච මැණික් අප්සරාවි සිංදුව පුළුවන් තාලෙට කිව්වේ ඇස් දෙකත් වහගෙන. ඇස් දෙක අරිද්දි ඉස්සල්ලම දැක්කේ එයාගේ සතුටු මූන. කට්ටිය එහෙන් මෙහෙන් හූ එහෙමත් කිව්වට ඒ වෙලාවේ ඒවා ඇහුනෙවත් නෑ. ඒ සින්දුවට අද මම පොඞ්ඩක්වත් ආස නැහැ. මොකද ඒ සිංදුව වගේම එයත් මගෙන් යන්න ගිහින්. අදටත් ඒ සිංදුව ඇහෙද්දී  අහන්නේ නැතුව ඉන්න පුදුම විදිහට මම උත්සහ කරනවා. ඔය විදිහට අපේ රස සහ විඳීම් ගීත අපිට සමීප වීම් දුරස් වීම් සිද්ද වෙන්න ජිවිතේ අත්දැකීමුත් බලපානවා. හැබැයි සමහර  වෙලාවට අපිට අකමැත්තෙන් වුනත් සමහර ගීත රසවි`දින්න වෙනවා. උදාහරණයක් විදිහට බස් එකකට නැග්ගම අහන්න වෙන්නේ 90% musical shows වල ගීත. මම නම් පෞද්ගලිකව එතරම් කැමැත්තක් නැහැ. සමහර අය නම් නවත්තන්න කියලා  රියදුරු මහත්මයාගේ ජාතිය පවා අමතන මට්ටමට මේ වින්දනය විඳවීමක්. අපිට ඒකට වරදක් කියන්නත් බැහැ. එක අතකට ඒක ඒ මනුස්සයාගේ කැමැත්ත එයාගේ වාහනේ එයාට කැමති සිංදු දාන එක. ඒක මට තේරුම් කරලා දුන්නෙත් මගේ මිතුරියක් ම තමයි. එයාලට ඒක රසයට වඩා නිදිමත කඩාගන්න එක උපක‍්‍රමයක්. කොහොම හරි මමත් විමලරත්න කුමාරගම කවියා අය්යනායක පද්‍ය පන්තියේ එක තැනක  කියනවා වගේ ”මා නොකෙරුවත් නොකෙළෙමි එය ගැරහීම ” 

අද ගොඩ දෙනෙක් කරන චෝදනාවක් තමයි  අපේ කාලේ සමාජයෙන් ප‍්‍රබුද්ධ සංගීතයට මග ඇරෙනවා සහ යොමුවෙනවා අඩුයි කියන එක. එක අතකට ඒකත් බොරුවක් නෙමෙයි. හැබැයි මට දැනෙන්නේ  කුමරතුඟුවන් කිව්වා වගේම  ‘‘අලූත් අලූත් දෑ නොතකන ජාතිය ලොව නොනගී” ජාතිය විතරක් නෙමෙයි ගීතත් කාලයට අලූත් වෙන්න  ඕනේ. ඉස්සර විරහව ප‍්‍රකාශ කලාට වඩා ආදරේ ප‍්‍රකාශ කලාට වඩා වෙනස් විදිහේ දෙයක් දැන් ගීතයකින් අපේ  generation එක ඉල්ලනවා. ඒ ඉල්ලූමට සැපයුම දෙන්න  අද හරිම අමාරුයි . ඒ නිසාම අපේ generation එක වෙන රටවල ගීත වලට යොමුවෙලා. ඒකට වරදක් කියන්නත් බැහැ. එයාලා එයාලගේ රහ හොයන ගමන් ඉන්න නිසා. ඉස්සර තිබ්බ සිංදු ටික දැන් අපිට හොඳටම මදි. සහ ඉස්සර වගේ ගීතත් දැන් කාලෙට ගැලපෙන්නේ නැහැ. ලංකාවේ ගීත කලාව පහල ඔහේ ගලාගෙන යද්දී සෑහෙන්න අපහසුවෙන් උඩුගම් බලාගෙන යන  Pasan Liyanage (Redfox)  " charitha rakshitha attalage වගේ අය නැතුවා ම නෙමෙයි . ඒත් එයාලට විතරක් අපේ අයගේ පිපාසාව සංසි`දවන්න අමාරුයි. අදටත්   චරිත අයියලා, රිද්ම අය්යලා  කුවේණි , සොයා ආවා වගේ සිංදු  පසන් අයියයි තාරක අයියයි කරපු මාත් මගේ හිත හදාගන්නම් වගේ සිංදු  මම එදා ඉඳන් ආස කරපු infaaz ,ඉරාජ් , චින්ති , "centigradz band   වගේ අය කරපු   පට්ට සිංදු එක්ක මම අහන්නේ හරිම ආසාවෙන්. මේ ළඟදි අහපු වටිනා  වෙනස් සිංදුවක් ගැනත් යමක් එකතු කරන්නම  ඕනේ . තොටගමුවේ ශ‍්‍රී රාහුල හිමියන්  කියන්නේ ලංකාවේ සාහිත්‍යයේ අමතක කළ නොහැකි ම පුද්ගලයෙක්. උන් වහන්සේ  එකළ රජකළ  හයවැනි පැරකුම්බා රජුගේ බාල දියණිය වන උලකුඩදේවියට පුත් රුවනක් ලබා දෙන්න කියලා  සැළලිහිනියෙකු අතේ විභීෂණ දෙවියන්ට යවන ලියමනක් විදිහට සැළලිහිණි සංදේශය රචනා වුනේ. අපිට පණිවිඩය අරන් යන සැළලිහිණියා ගේ විදිහට හිතන්න ඇරයුම් කරන ගීතයක් Prathap Eash  අයියා ගේ හඬින් මේ ළඟදි දවසක ගැයුනා. මම දකින දැනෙන විදිහට මේ වගේ ගීත මිනිස්සුන්ට  ඕනේ. මේක update වෙන්නම  ඕනේ system එකක් නැත්නම් ටික කාලෙකින් ලංකාවේ මිනිස්සුන්ට අහන්න සිංදු නැති වෙයි. අපි අලූත් දේවල් හොයාගන්න  ඕනේ අලූත් මාධ්‍යන්ට යොමුවෙන්න  ඕනේ. අලූතෙන් දෙයක් කරන කෙනෙක්ට you tube  කියන්නේ වටිනා අවකාශයක්. නිදහසේ තමන්ගේම දේවල් එලියට දාන්න හැකියාව තියෙන තැනක්. ඉස්සර වගේ නෙමෙයි දැන් youtube කියන්නේ trend එකක් එවගෙම spotify " apple music " sound cloud "google music කියන්නේත් මාරම platform ටිකක්. අලූතෙන් ඇවිත් දෙයක් කරන්න කරන දේ වෙනස් විදිහකට කරන්න. views වලට සීමා නොවී තමන් තෘප්තිමත් වෙන්න දෙයක් කරන්න. මම දැක්කා මේ ළඟදි  ම මේ රට මගේ රට අලූතෙන් ගීතයක් විදිහට ඇවිත්. ඒක තමයි වෙන්න  ඕනේ. පරණ දේ යාවත්කාලින වෙන්න  ඕනේ අපිට ඒ දේ තේරුම් කරවන්න. Dileepa Liyanage අයියා ඒ සිංදුව එක්ක හරි ලස්සන lyrics video එකක් කරලා තිබ්බා අපිට අමතක වෙන්න යන අපේ අභිමානය හොඳටම මතක් කරන විදිහට. තව උදාහරණ  ඕන තරම්. හැබැයි උඩුගම්බලා පීනන්න ලේසි නැහැ. එහෙම පීනන්න ගිහින් නොදැනීම පහළට ඔහේ රැල්ලට ගහන යන අයත්  ඕනෑ තරම්. දැනෙන දේවල් වලින් මිනිස්සුන්ගේ හිත හදන්න  පුළුවන් අය එකතු වෙන්න.

චානුක නදුන්

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.