lakbima.lk

දැනෙන විඳින ආදරේ

ආදරේ අහිමි වීම නිසා අඩන උන්ට  ඕන හොද උරහිසක්. හුස්ම වල බර පිට කරන්න. නෑ... ඒක එහෙම නෙමෙයි කියලා මටවත් උඹටවත් කියන්න බෑ. මොකද ආදරේ හින්දා ඇස්තෙත් කරන් අ`ඩපු එකෙක් හිතින් අ`ඩන එකෙක් නැති වෙන්න විදියක් නැහැනෙ. මේ සිස්ටම් එක අස්සේ ආදරේ එක්ක රෝන්දේ ගහන්න ගොඩක් උන් ආසයි. හිතේ තියෙන බරට ම නෙමෙයි. අපි හු`ගක් ලෝබයි ආදරේ ලබන්න. ආදරේ කරන්න. ඒ නිසයි එහෙම ආදරේ අහිමි උන වෙලාවක බොහෝමයක් දෙනා අඬා වැළපෙන්නෙ.
උඹට මතකද ජිවිතේ හා හා පුරා කියලා ආදරේ කියලා කියපු කෙල්ලව. එහෙම අමතක වෙනවද නේද? මිනිස්සු ගොඩක් කැමැති අතීතකාමයට. ඒකයි ප‍්‍රථම පේ‍්‍රමය සුන්දර. කයිවාරු ගහපු තැන්... කඩචෝරු කාපු තැන්...  එකට ගියපු තැන්...  එකී මෙකී නොකී සියලූම මතක පෙට්ටියක දාලා අරන් තියන් ඉන්නේ එක හින්දා වෙන්න ඇති.
අපි මෙහෙම හිතමු. මේ දුවන දිවිල්ලට ආදරේ මිස් වුනොත්, පපුව හෝස් ගාලා යන්නේ නැද්ද? තදින් අල්ලා ගැනීම නිසා තමයි එහෙම දැනෙන්නෙ. බණ කියනවා නෙමෙයි. ඒත් ඒකෙත් පොඩි ලල් එකක් තියෙනවා. ඒ කියන්නෙ අහිමි වීම ඇතුළෙත් විඳීමක් තියෙන්න පුලූවන්. හොටු පෙර පෙර අ`ඩනවට වඩා මේක වි`දින්න පුලූවන් නම් කොහොමද? ගොඩක් උන් දැනෙන්න කවි ලියන්නේ මේ ලල් එක දැනුනම කියලා මට හිතෙන්නේ. මට මතක් වෙන්නෙ ටිමාගෙ කවියක්.

”යවුල් මෙන් මුල් ඇදී පපුවේ
තැවුල් දැල ඔබ නිසයි බැදුනේ
කියන්නට මට වරක් හිතුණත්
කෝ නැහැනේ අපේ ඇස්
එක ඉරක ඇදුනේ”
”ඇගෙ දැස් මගෙ නළල
පුරාමයි එතුනේ”

ආදරේ කියාගන්න බැරි වීමත් එක්තරා විදියකට අහිමි වීමක් තමා. මෙහෙම හිතන්න නම් ට‍්‍රැක් පනින්න ම  ඕන. ජිවිතේ හැම තත්පරයකට ම තේරුමක් තියෙනවා. අඩනවද ? හිනාවෙනවද? හරිම සිම්පල් හිනාවෙලා ඉන්න එක. 365 දවසෙම හිනාවෙලා ඉන්න පුලූවන්ද ? උඹට හිතෙන්න පුලූවන් ද? එහෙම අහන්නත් පුලූවන්. දුක හංගගෙන හිනාවෙන මිනිස්සු ඉන්නවා. පොඞ්ඩක් ඇස් ඇරලා බලපන් වැඩිය දුර යන්න  ඕන නෑ ළ`ග පාතින් ම හම්බ වේවි. ඒක තමයි ජිවිතේ. නෙරුඩා ළ`ග  ඕශෝ ළ`ග තිබ්බේ අරුම පුදුම සංකල්ප නෙමෙයි. ආදරය විරහව ජිවිතය දැනෙන්න වි`දපු මිනිස්සු පොඩි වෙලාවක් වෙන් කරන්න පුලූවන්නම් උන්ව කියවන්න.
මිනිහෙකුට පුලූවන්නම් අත්හරින්න ඌට පුලූවන් ජිවිතේ අ`ඩන් නැතුව හිනාවෙන්න. කිතලේ ගේ කවියක මෙහෙම තිබුනා

”ඉන්ට ම කැමැති නැත්නම් මා ළ`ග
යන්නට ම යන එක දුරකට
වළක්වන්ට පුලූවන්ද මට?
දරුවෙක් හදන්න කලියෙන් කියපු
එකයි වටින්නේ
රට්ටු ඇහුවොත් මොනවද මන් කියන්නේ
කහට උගුරක් බිබී මන් හිතුවා එහෙම”

හීනෙකින් වත් හිතුවද උඹ එහෙම. ජිවිතේ හැමදේම තියෙන්නේ වි`දින්න. වි`දවලා නැහෙන්න නෙමෙයි. සරල වෙන තරමට ම ජිවිතේ ඉගිලෙන්න ලේසියි බන්. තනිකම කියෙන්නෙත් වෙලාවකට හොද අත් බෙහෙතක්. ‘‘හිතින් යන අය අතින් අල්ලා නවත්තන්නට බෑ” එහෙම කියන්නේ මේ දවස් වල හිතට වදින ගීතයක්. දෙපාරක් එකම ග`ගට බහින්න බෑ වගේ හැමදාම මිනිස්සුන්ට වරදින්නේ නෑ. ඒක තමයි සිස්ටම් එක. උඹ මම මොනවා කියුවත් හෙට උදේ ඉ`දන් අයෙත් අර සුපුරුදු දිවිල්ල දුවනවා ඒක තමයි ඇත්ත. ඒත් මොහොතකට වෙනස් වෙන්න පුලූවන්නම් ඒක මාර සැනසිල්ලක් වෙයි.
ඇත්තට ම ආදරේ කියන්නේ මොකක්ද? ආදරේට පාටක් තියෙනවද? ඒක මෙහෙමයි කියලා හැඩයක් තියෙනවද ? මටත් වෙලාවකට හිතාගන්න බැරි ම දේ ඒක. තමන්ගේ දැනීම අනුව කිරාමැන ගන්න පුලූවන් ඒත් ආදරේ කියන්නෙ ම ආදරේට. රසිකා කිවිදියගේ කවියක මෙහෙම තිබුනා

ආදරේ යනු
යන්ට දීමය
අයේ ආවොත්
ඉන්ට දීමය

ඉතින් අපි යන්න දෙමු. ආයේ ආවොත් ඉන්ට දෙමු. ඒ මොනදේ උනත් වෙන දේ ගැන විඳිමු. ඒ මොහොත එක්ක ජීවත් වෙමු.
x ඉසුරු උදාර

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.