lakbima.lk

පාවිච්චි කරන මොළය ගැන වැඩි විස්තර දන්නවද?

මානවයාගේ පරිණාමීය කි‍්‍රයාවලියේ දී මේ දක්වා එක් එක් අවධි ඔස්සේ විවිධ ස්වරූපයෙන් මිනිස් මොළය වර්ධනය වු බව ජීව විද්‍යාඥයින්ගේ පර්යේෂණ මත නිගමනය කළ හැකිය. ඒ ආකාරයට විකාශය වු මිනිස් මොළයේ නුතන කි‍්‍රයාකාරිත්වය දෙස විමසා බලන විට ප‍්‍රධාන වශයෙන් අර්ධගෝල දෙකකට බෙදා දක්වනු ලබයි. එනම්,  වම් අර්ධ ගෝලය (Left hemisphere) සහ දකුණු අර්ධ ගෝලය (Right hemisphere) ලෙසය. මෙහිදි වම් අර්ධ ගෝලය මඟින් ශරිරයේ දකුණු ප‍්‍රදේශය ද දකුණු අර්ධ ගෝලය මඟින් ශරිරයේ වම් ප‍්‍රදේශය පාලනය කරනු ලබයි. මෙය පරිණාමයේ අපුරු දායාදයකි.  එය විස්තර කළ නොහැක්කකි.  යම් කිසි කෘත්‍යයක් ගතහොත් එම කෘත්‍යයේ පාර්ශවීකරනය (lateralization) හා ප‍්‍රාදේශීකරනය (localization) යන කාර්යන් දෙකම සිදු කරන අවයව මොළයයි. මේ ආකාරයට මිනිස් මොළයේ අර්ධගෝල කි‍්‍රයාකාරීත්වය  සහ ව්‍යුහාත්මක වෙනස්කම් පිළිබඳ මනෝවිද්‍යාත්මක විග‍්‍රහයක් මෙම ලිපිය තුළ ගැබ්ව පවති.

පරිණාමීය යුගයේ සිට මේ දක්වා වූ මිනිස් මොළය එක් එක් අවධියේ දී විවිධ ස්වරූපයෙන් වර්ධනය වී ඇත.  එනම් හැබිලිස්ගේ සිට හෝමෝ සේපියන් සේපියන් දක්වා මෙම වර්ධනය සිදු වූ  බව විදයාඥයෝ සඳහන් කළහ.  ජීව විද්‍යාඥයින්ගේ පර්යේෂණ මත මිනිස් මොළයේ ඇති සුවිශේෂීත්වය තහවුරු වූ අතර, එම සුවිශේෂීත්වය කෙරෙහි අර්ධගෝල කි‍්‍රයාකාරීත්වය බලපාන බව සඳහන් වේ. මොළය වම් හා දකුණු  මස්තිෂ්ක අර්ධ ගෝල වලින් සමන්විතය. කායික විද්‍යානුකූලව එය බාහිකය හා මජ්ජාව හෙවත් මිදුලූව යන කොටස් දෙකකට වෙන් කළ හැක. බාහිකය ස්නායු ෙසෙල වලින් යුක්ත වන අතර මජ්ජාව අක්සන වලින් ද යුක්තය.  ස්නායු ෙසෙලයක් තවකෙකට සම්බන්ධ වන්නේ අක්සන මගිනි. මොළයේ ඉදිරිපස කොටස ලලාට ඛණ්ඩිකාව නමින්ද පිටුපස කොටස අපර කපාල ඛණ්ඩිකාව නමින්ද හැදින්වෙන අතර දෙපස පිහිටි කොටස් ශංඛක කණ්ඩිකා නමින් ද හැ`දින් වේ.මේ එක් එක් ප‍්‍රදේශ වල ඇති ස්නායු ෙසෙල කාණ්ඩ එක් එක් කාර්යයන් සදහා විශේෂිත වේ.

අපර කපාල ප‍්‍රදේශය පෙනමද ශංඛක ප‍්‍රදේශයේ ඉහල කොටස ඇසම ද පාලනය කරයි.  ලලාට ප‍්‍රදේශයේ පිටුපස කොටස මාංශ පේශ’ ක‍්‍රියාකාරිත්වය ද එහි ඉදිරි පස කොටස සමාජමය කාර්යයන් ද පාලනය කරයි. ලලාට හා ශංඛක ප‍්‍රදේශවල ඇතුලූ පැත්ත හැ`ග’ම් හා මතකය පිළිබද කාර්යයන් පාලනය කරන අතර එම ප‍්‍රදේශය ලිම්බික් කොටස නමින් හැදින් වේ.මොළයේ සෑම කොටසක්ම එකිනෙක හා සම්බන්ධ වන අතර ඒවායේ කාර්යයන් අතර සමා යෝජනයක් ද පවතී.

ඇස කණ නාසය හා දිව යන ඉන්ද්‍රියන් මොළයට සම්බන්ධ වන්නේ කපාල ස්නායු මගිනි. සම හා මාංශපේශ’ පද්ධතිය පර්යන්ත ස්නායු මගින් ද හෘදය පෙනහැල්ල ආහාර මාර්ගය ජනනේන්ද්‍රිය

අනුවේග’ හා ප‍්‍රත්‍යානුවේග’ ස්නායු මගින් ද සුෂුම්නාව හරහා මොළයට සම්බන්ධ වේ. ස්නායු මගින් අවයවල සිට ආවේග මොලයට ද ඒවායේ ප‍්‍රතිචාර මොළයේ සිට අවයවයන් වලටද ගෙන යයි.

මිනිස් මොළය සමාන කොටස් දෙකකට බෙදා දක්වයි

1        වම් අර්ධ ගෝලය   - Left hemisphere

2       දකුණු අර්ධ ගෝලය - Right hemisphere

මොළය මෙසේ අර්ධගෝල ලෙස බෙදී පවතින්නේ ශරීරයේ දෙපස පාලනය වන්නේ අර්ධ ගෝල වලින් නිසාවෙනි.  එය පරිණාමයේ දායාදයකි.

සෞන්දර්යාත්මක, තාර්කික, සැලසුම්සහගත කි‍්‍රයාවන්ට ආදියට මොළයේ විවිධ ප‍්‍රදේශ සුවිශේෂී වේ.  එය වැඩ බිමක් වැනිය එක්එක් ප‍්‍රදේශයන්ට සුවිශේෂි වූ කාර්යයන් පවතී.  සරලව ම පැවසුවහොත් මොළය වැඩ බිමක් නම් එහි මනා ශ‍්‍රම විභජනයක් පවතී.  කාර්යන් නිසි ආකාරයෙන් කාර්යක්ෂමව සිදු කළ හැක්කේ මොළයේ පවතින මෙම ශ‍්‍රම විභජනය නිසාවෙනි.

මොළයේ ඒ ඒ අර්ධගෝලයන්ට සුවිශේෂ වූ කාර්යයන්

වම් අර්ධගෝලය

x              භාෂාව, තාර්කික හැකියාව, සිනහව ආදියට සුවිශේෂී වේ.

x              ශරීරයේ දකුණු ප‍්‍රදේශය පාලනය කිරීම

x              වාචික හැකියාව හැසිරවීම

x              අනුක‍්‍රමික හැකියාව

x              ධනාත්මක චිත්තවේග හැසිරවීම

x              ගණිතය හා විද්‍යා පිළිබඳ හැකියාවන් පාලනය

තාර්කික හැකියාව යනු අවකාශයන් හඳුනාගෙන ඊට අදාල පරිදිි හැසිරිමයි.  අනුක‍්‍රමික හැකියාව යනු පිළිවෙල හඳුනා ගැනීම වන අතර ධනාත්මක චිත්තවේග යනු සතුට, සිනහව ආදියයි.

දකුණු අර්ධගෝලය

x              ශරීරයේ වම් ප‍්‍රදේශය පාලනය කරයි

x              ආකාශීය හැකියාව හැසිරවීම

x              චිත්තවේගීක ඉව, සංගීතය, සමස්ථය දැකීමේ හැකියාව හැසිරවීම

x              අන් අයගේ හැ`ගීම් හඳුනා ගැනීම

x              සිහින දැකීම සම්බන්ධව මෙන්ම හැගීම් උත්පාදනය

x              සමස්ථය දැකීමේ හැකියාව ඇති වන්නේ දකුණු අර්ධගෝල මගිනි

මේ ආකාරයට සමස්ථයක් වශයෙන් ගත් කළ එකිනෙකට වෙනස් කි‍්‍රයාකාරකම් සඳහා උරුමකම් කීමට මිනිස් මොළයේ වම් සහ දකුණු අර්ධ ගෝලයන් සමත් වෙති.ඒ දෙස මනෝවිද්‍යාත්මක දෘෂ්ටී කෝණයකින් බලන කල අපිට පෙනී යන කරුණක් වන්නේ පුද්ගල චර්යාව කෙරෙහි මෙය සෘජු ලෙස බලපාන බවත්,ඒ මත පදනම් වෙමින් පුද්ගල පෞරුෂය නිර්මාණය වන බවත්ය.එනම් අර්ධ ගෝලයන්ගෙන් වඩාත් කි‍්‍රයාකාරී අර්ධ ගෝලය මත පදනම් වෙමින් එකී ලක්ෂණයන් ඔස්සේ පුද්ගල චර්යාවන් නිර්මාණය වීම මත පුද්ගල පෞරුෂයේ වර්ධනය සිදු වන බවයි

ධනුෂ්ක එස් විජේසිංහ

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.