Coss Ear2
lakbima.lk
COSS Ear 1

නො හැකියාවන් සුපිරි බලයක් ලෙසින් මෙහෙයවූ ඉන්දියන් කෙල්ල

පටන් ගන්න මේ දැන්,  පටන් ගන්න ඔයා දැන් ඉන්න තැනින්, පටන් ගන්න බයත් සමගින්, පටන් ගන්න වේදනාව සමගින්, පටන් ගන්න ගැහෙනා හ`ඩින් , පටන් ගන්න ඔයාට තියෙන දෙයින්. කවදාවත් නවතින්න එපා මොකද ඔයා දන්නේ නෑ ඔයා මොනවාද කලේ කියලා ඔයා පරීක්ෂා කරන තුරු.
සමහර වෙලාවට , බලාපොරොත්තු නොවූ සිදුවීම් වලට පුලූවන්, කෙනෙකුගෙ ජීවිතය සදහටම වෙනස් කරන්න. අමිහිරි අත්දැකීම් ආයෙ ආයෙ මතක් කරන එක ලේසි නෑ කියලා ඔයා දන්නවා. නමුත් ඇත්තටම ඒ සිදුවීම් , මතකයන් කොහොමද ජීවිතේ අරමුණ බවට පත් කරගන්නේ කියලා ඇය ඔප්පු කරලා පෙන්වනවා.
ඉන්දියාවේ උපත ලබන මල්විකා අයියර්, 2002 වර්ෂයේ බෝම්බයකට හසු වී දෑත් අහිමි වී ගිය තරුණියක්. කෙසේ වුවත් අද ඇය ලොව පුරා දහසක් දෙනාගේ බලාපොරොත්තුවේ, අධිෂ්ඨානයේ සංකේතයයි. ජාත්‍යන්තර අභිපේ‍්‍රරණ දේශිකාවක්, ඔෑෘං හි නිත්‍ය දේශිකාවක් , විශේෂ අවශ්‍යතා සහිත පුද්ගලයන්ගේ අයිතිවාසිකම් පිළිබඳ ක‍්‍රියාකාරිණියක්, නිරූපණ ශිල්පිනියක් සහ ආර්ථික විද්‍යාව පිලිබඳ පශ්චාත් උපාධිධාරිණියක් ලෙස ඇගේ හැකියාවන් ඇත්තෙන්ම අපි සැවොම දිරිගන්වන්නකි.
වයස අවුරුදු 13 දී ඇය මුහුණ දුන් අනතුර හේතුවෙන් අවුරුදු 2ක් යන තුරු ඇයට ඇවිදීමට නොහැකි වූයේ වම් පාදයේ සංවේදීතාවය නොමැති වී බරපතල ලෙස පාදය විකෘති වීම හේතුවෙනි. දෑත් සම්පූර්ණයෙන්ම ඉවත් නොකලත් එහි පහල කොටස ඉවත් කිරීම නිසා ඇයට මෙතෙක් කලක් අතින් සිදු කල සියලූ දේ අහිමි වෙද්දි බොහෝමයක් ශල්‍යකර්ම හා බද්ධ කිරීම නිසා ඇගේ කකුලේ වේදනාවන් ඇයට වදයක් වුනා.
‘‘යථාර්ථය කියන්නේ අවශ්‍යයෙන් විය යුතු දේ නෙවෙයි, යථාර්ථය කියන්නේ අපි මුහුණ දිය යුතු දේ. අවශ්‍ය  නම් එයින් පැන ඈතට යන්න පුලූවන්, නැත්නම් එය පිළිගන්න පුලූවන්. වේදනාව මගේ ජීවිතේ කොටසක් කියලා මං තේරුම් ගත්තා. මට තෝරාගැනීම් දෙකයි තිබුණේ එක සටන් කරන්න, දෙක යටත් වෙන්න. මං තීරණය කලා සටන් කරන්න’’
වෛද්‍යවරුන් ඇයට නැවත ඇවිදීමට නොහැකි බව පවසා තිබුණ ද ඇය කෙමෙන් කෙමෙන් ඇවිදින්න පුරුදු වෙනවා. අධිෂ්ඨානය , කැපවීම , පුහුණුව තුළින් ඇය ලියන්නෙකුගේ සහය ඇතිව සාමාන්‍ය පෙළ විභාගය ස`දහා මුහුණ දෙනවා. මාස 3කට පසුව ප‍්‍රථිඵල නිකුත් වෙන්නේ ඇය එම ප‍්‍රාන්තයේ ම ඉහළ ම ලකුණු ලාභියා ලෙසට පත් වෙමින්. මෙය ඇයගේ මුලූ ජීවිතයම වෙනස් කරන්නට සමත් වෙනවා. මේ ජයග‍්‍රහණය, කතාව පුවත්පත් පුරා පලවෙද්දී ආචාර්ය අබ්දුල් කලාම් විසින් රාෂ්ඨපති භවනට ඇයට ආරාධනා කරන්නේ ඇගේ හැකියාව , ධෛර්යය පිලිබඳ පැසසුම් කිරීමටයි. ඉන් අනතුරුව ආර්ථික විද්යාව පිලිබඳ උපාධිය සම්පූර්ණ කර පශ්චාත් උපාධිය ලබා ගැනීමට ඇය සමත් වෙනවා. එහිදී විශේෂ අවශ්‍යතා සහිත දරුවන් සමග කටයුතු කිරීමට මෙන්ම ඔවුන්ගේ හැකියාවන්, දක්ශතාවයන් හදුනා ගැනීමට ඇයට හැකි වෙනවා. ඔවුන් වෙනුවෙන් කටයුතු කිරීමට කාලය එළඹී ඇති බව වටහා ගත් ඇය තම ජීවිත අත්දැකීම් තුළින් එවැන්නන්ගේ මෙන්ම දහසක් දෙනාගේ ජීවිත අර්ථයකින් පුරවන්නට පටන් ගන්නේ අභිපේ‍්‍රරණ දේශිකාවක ලෙස තම ගමන ආරම්භ කරමිනි.
‘‘මගේ ලොකුම ශක්තිය වුනේ මගේ අම්මා , හෙවනැල්ලක් වගේ මගේ ළ`ගින්ම හිටියා කවදාවත් මාව අතෑරියෙ නෑ. වැදගත්ම දේ තමා ඔයාලා ඔයාගේ ජීවන ගමන යද්දී දෙමාපියන් සමග යන්න, හැමදෙයක්ම... දුකක්ම... සතුටක්ම ඔවුන් සමග බෙදාගන්න. මොකද එයාලා විතරයි ඔයාගේ ලොකුම ශක්තිය වෙන්නේ”
මෙය වර්තමානයේ තරුණ පරපුරට ඇය ලබාදෙන අගනා පණිවිඩයකි.
”එකම නොහැකියාව වන්නේ මිනිසුන්ගේ අයහපත් ආකල්ප. මං කවදාවත් හිතෙන්නේ නෑ මං ආබාධිතයි කියලා , මං හිතෙන්නේ මේක තමා මගේ සුපිරි බලය”
මං දැකලා තියෙනවා ගොඩාක් මිනිසුන් තම ඇතුලාන්තයෙන් තමාව මරා ගන්නවා. ඇයි මටම මෙහෙම වෙන්නේ කියලා තමන්ගේ ජීවිතයට දොස් පවරා ගන්නවා. එතකොට තමයි ඔබ වටේට ඍණාත්මක පවුරක් ගොඩ නැගෙන්නේ , ඔබව ඉදිරියට යන එක නවතින්නේ, ඔයාට පුලූවන් නම් ඇය වගේ සියල්ලම ශක්තිය බවට හරවගන්න , ඔයාව පිළිගන්න දහසක් දෙනා මග බලා ඉදීවි. ඒ මාවත් සියල්ල ඔබ ඉදිරියේ විවෘත වේවි. විශ්වාස කරන්න 
 
චාමිනි කුමාරතුංග

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

IMAGE

සියළු වත්කම් සසුනට පුදා මුළු පවුලම පැවිදි බිමට

IMAGE 2018 Apr 20 11:18
දරුවන් සිව්දෙනාත්, බිරිඳත් සසුන්ගත කර තමන්ද පැවිදිව ගිහිකල තමන් සතුව තිබූ ස්ථිර නිවස හා ගොඩ...
Views - 1090

අලුත් අවුරුද්දේ ගායකයෙකු 'නැහැවූ' රූපලාවන්‍යවේදිනිය

IMAGE 2018 Apr 19 15:05
ඔහු මෑතක දී ජනප්‍රියත්වයට පත් තරුණ ගායකයෙකි. සංගීත සන්දර්ශනාදියේද ඔහුට සැලකිය යුතු තැනක්...
Views - 2202

දමයන්ති ජයසූරිය සංගීත දිවියට සමුදී සිත නිවන මඟකට?

IMAGE 2018 Apr 19 10:26
ඔබ මැදි වයස් පසුකරමින් සිටින කෙනෙකු නම් ගුවන්විදුලිය ඔස්සේ කුඩා කල ඔබේ සිඟිති දෙසවන් පිනවූ...
Views - 2704

ලොව වයස්ගතම සියා ජපානයෙන්

IMAGE 2018 Apr 18 20:06
ලොව මේ වනවිට ජීවත්ව සිටින වයස්ගතම පිරිමි පුද්ගලයා වෙත ගිනස් සහතිකය පිරිනැමීම පසුගිය දා සිදු...
Views - 1103

පුංචි තිරයේ පෙම්වතියක් වුණත් මං කවදාවත් පෙම් කරලා නෑ

IMAGE 2018 Apr 18 13:24
පුංචි තිරයේ බිහිවූ නවක නිළි පරපුර අතර කැපී පෙනෙන නිළියක ලෙස ඇය හැඳින්විය හැක. මේ දිනවල විකාශය...
Views - 2798

සිංහල බුද්ධාගමක් ගැන බුදුන්වත් දන්නේ නැහැ

IMAGE 2018 Apr 18 09:27
'බුදු සසුනට පස්සා හරවන අලුත් අවුරුද්දේ හිස තෙල් ගෑම' යන මැයෙන් මාධ්‍යවේදී තිලක් සේනාසිංහ...
Views - 2086

Please publish modules in offcanvas position.