lakbima.lk

රටවල් දියුණුවන්නේය. ඒ වර්ජනය නිසාය. වර්ජන නිසා රට වල් ඉදිරියටම යන්නේය. වර්ජන අඩුම රට අපේය. ඒ අතින් අපි තවමත් පහළය. හරිනම් දවසට දෙක තුනක්වත් තිබිය යුතුය. ඒ වර්ජනය.
වර්ජනය විවේකයක්ය. වැඩකරලාම මහන්සි අයට හොඳය. අතපය දිගහැර කෑගසන්නේය. එය හොඳ  ව්‍යායාමක්ය ඇඟටත් හොඳය. හිතටත් හොඳය.
දොස්තරලාත් වර්ජනය කරන්නේය. එවිට ලෙඩ්ඩු ඉන්නේ ප්‍රීතියෙන්ය. තිත්ත බෙහෙත් බොන්න අකමැති අය උඩ පනින්නේය. ඒ දොස්තරලා නැති නිසාය. දොස්තර අවසන් කරනවිට කොන්දොස්තරලා පටන් ගන්නේය. ඒකත් හොඳය.
හිරගෙදරත් වර්ජනය කරන්නේය. ඒක
උද්ඝෝෂණයක්ය. ඒ කුඩු අක්කලාය. හඬමින් ඉල්ලන්නේය. ඒ ජේලර් අම්මාය. අපේ අම්මා අපට ඕනේ කියන්නේය. ඒ  ජේලර් අම්මා මාරු කරලාය. විරෝධය ඒකටය. වහාම අවලංගු කළ යුතුය. ඒ අම්මාගේ මාරුවය. නැතිනම් කුඩු අක්කලා අඬමින්ම ඉන්නේය. අඬන අක්කලාගේ කටේ සූප්පු ගැසිය යුතුය. එවිට ඇ¾ඩීම නවතින්නේය. එහෙත් ඇස් දෙකෙන් කඳුළු පනින්නේය. ඒ අම්මාගේ මාරුවට දුකේය.
ඒ අස්සේ තවත් වර්ජනයක්ය. ඒ කෝච්චිය. හැමදාම කෝච්චියේ එන අය බස්වල ගියේය. එය හොඳය වෙනසක්ය. වර්ජනය කළේ හිටි හැටියේමය. එය නම් මරුය කියලා කළා නම් වැඩක් නැත්තේය. ජොලියක් දැනෙන්නේ උදේ වැඩට ඇවිත්  හවසට ගෙදර යන්න බැරි වූ විටය. එතකොට ගෙදර අයත් පුදුම වන්නේය.
රටේ කොහොමත් සිදුවන්නේ පුදුම දේවල්ය. ඇහෙන්නෙත් ඉඟ සුග ගත හැකි මිටින කතාය. දැන් කන්න වෙන  හැටයට හුඟක් ඉතිරුවේදැයි කියන්නත් බැරිය. හිටි  හැටියේ වැඩි කරන්නේය. ඒ මන්ත්‍රී පඩිය. පහුවදාම වහාම ඉවත් කරන්නේය. ඒ පත්‍රයෙන් දැකලාය. වැඩි කිරීම අඩු කිරීම දෙකම ආණ්ඩුවේම පිටපත්ය. විපක්ෂය එහෙම කියන්නේය.
ඉස්සර තිබුණේ පුදුම හතක්ය. දැන් ඊටත් වැඩිය. ලෝකයේ වැඩිපුරම පුදුම තියෙන්නේ ලංකාවේය. ඒ දැන්ය. කෝච්චි වර්ජනය හිටිහැටියේ කිරීමද පුදුමයක්ය. ඒ මගීන්ටය. මගීන් පුදුම වූයේ ස්ටේෂමට ඇවිත්ය.
පුදුම වී කැගැසීය. ඒ ප්‍රීතියෙන්ය. ඉඳහිට ප්‍රීතියක් දීම ගැන සතුට පළ  කළෝය. ඒ කෑගසමින්ය. අපිට මෙහෙම පුදුම කරවන්න එ‍පෝ කීවෝය. තවත් අය  අඬ ගැසුවේය. ඒ දුම්රිය රියැදුරන්ටය. ස්තුති කරලාමදිය. අල්ලා ඉඹින්නය.
කියලා වර්ජනය කළානම් හරිය. සමහරු එහෙම කියන්නේය. කියලා කළා නම් වැඩක් නැත්තේය.  එවිට  ස්ටේෂමට එන්නේද නැත. ස්ටේෂමට ඇවිත් යද්දි රියැදුරෝ උඩ පනින්නේය. අත් ‍පොළසන් දෙන්නේය. හූ හූ  කියන්නේය. දැක්කාද  අපේ වැඩ කියන්නේය. එවිට මගීන්ද හිනාවෙන්නේය. ප්‍රීතිය වැඩිකමට කෑහහන්නේය.
අහුවෙයන්කෝ හොර ගෙඩියෝ කියන්නේය. අහුවුණොත් කන මිරිකන්නේය. එහෙම කියන්නේ මගීන්ය. ඒ හුරතල් බසින්ය.      
 

Page 4 of 5

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.