lakbima.lk

කට්ටි පැන්න ගුරුවරු වීදි සටන් පුහුණුවක

ස්කෝ‍ලේට අලුත් පාඩමක් ඇවිත්ය. ඒ වීදි සටන් ගැනය. බෝඩ් එකේ ලියා උගන්වන්න බැරිය. සටන්කර පෙන්විය යුතුමය. ගුරුවරුන්ට වැඩ අධිකය. හුස්මක් ගන්නත් වෙලාවක් නැත්තේය. ඒත් දරුවන් වෙනුවෙන් කැපවිය යුතුමය. එය කළ යුතුමය.

පාරට බැස්සෝය. එය ගුරුවරුය. ගුරුවරුන්ට විතරක් වැඩේ පවරන්න බැරිය. විදුහල්පතිලත් බැස්සෝය. ඒ වීදි සටනටය. ළමයි ඉස්කෝ‍ලේය. ගුරුවරු වීදි සටනේය. ඒ දරුවන් වෙනුවෙන්ය. දරුවන් සටන දුටුවේ ටී.වී. එකෙන්ය.

වීදි සටන සාර්ථක විය. ඔළුවෙන්ද ගලා ආවේය. 

ඒ ‍ලේය. ළමයි හොඳට පාඩම ඉගෙන ගත්තෝය. ගුරුවරු ආදර්ශමත්ය. සටන අවසන් වුණේ ‍ලේ ගැලීමෙන්ය. ඒ සාර්ථක නිසාය.

ජාතියට ඕනේ මෙවැනි ගුරුවරුන්ය. ඉදිරියේදී විවිධ සටන් ඇතිවන්නේය. ගුරුවරු පුහුණුව දුන්නේ ඒ සටන් කරන හැටිය. දැන් සියල්ල හරිය.

නීති හදන තැනත් සටන්ය. වැඩියෙන් කියන්නේ හොඳ හොඳ කතාය. ඒ සතුන්ගේ නම් එක්කය. ගුටිබැට වැඩිය, පළාත් සභාවෙත් එහෙමය. ගුටිබැටය. ප්‍රාදේශීය සභාවෙත් ගහ ගන්නේය. ඒවා ආදර්ශමත්ය. නීති හදන තැන ගහගන්නේය. ළමයි හදන තැනත් ගහගත යුතුමය. රට ඉදිරියට යන්නේ එහෙමය. 

ඒවා ආදර්ශමත් වැඩය. කලින් ගහ ගත්තේ ළමයි විතරක්ය.  ගුරුවරු දඬුවම් දුන්නෝය. දැන් ගුරුවරු ඔළු පලා ගන්නෝය. ඒත් ඒ දරුවන් වෙනුවෙන්ය. ගුරුවරයාට කිව්වේ ඉටු දෙවියා කියාය. ඒ ඉස්සරය. දැන් ගුටි දෙයියාය.

ඉස්සර කට්ටි පනින්නේ ළමයින්ය. ගුරුවරුන්ගෙන් ගුටි කන්නෝ්ය.  දැන් පනින්නේ  ගුරුවරුය. අන්තිමට ඔළුව පලාගෙනම එන්නේය.  ඒවා ආදර්ශමත් වැඩය.

ඒ අස්සේ ටැබ් දෙවියකුත් ඉන්නේය. ඒ අධ්‍යාපන ඇමැතිය. එතුමා හරිම උනන්දුය. ඒ ටැබ් දෙන්නය. දරුවන් වෙනුවෙන් මහ කැපවීමක්ය.

සමහර දිනවලට එතුමාට හීනෙන්ද පෙනෙන්නේය. ඒ ටැබ්ය. එවිට කෑ ගසන්නේ ටැබ් ටැබ් කියාය.

එතුමා පස්ස නොබලන්නේය. ඒ ටැබ් දීලමය. කලින්ද එහෙම කීවේය. දුන්න ටැබ් එකක්නම් නැත්තේය. කඩාකප්පල්කාරයෝ  එහෙම කියන්නෝය.

ගුරුවරුන්ට වීදි සටනට පෙර ටැබ් දුන්නානම් හොඳය. එවිට වීඩියෝ කළ හැකිය.  ඒ සිසුන්ටය.  ගුරුවරුන්ගේ වීදි සටන්ය.

තව වැඩ ඇත්තේය. වහල තමෛන්නේය. පුටු මේස නැත්තේය. පාසල් ගරා වැටිලාය. කඩාකප්පල්කාරයෝ එහෙම කියන්නෝය. ටැබ්වලට කලින් වහලය හදන්නය. එහෙමමත් කියන්නේය. ඒවා බොරු කතාය. ටැබ් දුන්විට සියල්ල හරිය. ටැබ්  එකේ චැට් කරනවිට ඉන්නේ කොහේදැයි නොදන්නේය. ළමයි ඒ ලෝකයේය. වහලය ගලවගෙන ගියත් නොදන්නේය.

වහලය  තමෛන්නෙ නම් කුඩයක් ඉහළා ගත හැකිය.  කුඩය යට ඉඳන් හෝ චැට් කළ හැකිය. ටැබ් දෙන්නේ ඒකටය. ඩෙස් බංකු නැත්නම් පැඳුරුවල ඉඳගත්තත් කමක් නැත්තේය. ටැබ් දිය යුතුමය.කඩාකප්පල්කාරීන් වහාම අත්අඩංගුවට ගත යුතුය.

හැම දෙයටම පාරට බහින්නේය. කඳුළු ගෑස්ද කන්නේය. වතුරෙන් නාන්නේය. ඒ විශ්වවිද්‍යාල සිසුන්ය. අන්තරේ කෑ ගසන්නේය. ඒ හැම තිස්සේමය. සිසුන් කඳුළු ගෑස් කනකල් ලොක්කෝ  ඉදිරියෙන් යන්නෝය. කඳුළුගෑස් කන්නේ  සාමාජිකයෝය. ලොක්කෝ එන්නෝය. ඒ මයික් එක ළඟටය. සටන ගෙන යන්නේය. තර්ජනය කරන්නේය. ඒ ඇඟිලි දික් කරලාය. අපි එක්ක සෙල්ලම් බැරිය. එහෙමත් කියන්නේය. ඒ අස්සේ කඳුළු ගෑස් කෑ වුන් පිස්සුවෙන් වගේ දුවන්නේය.

මහ‍පොළට විදලාය. ඒ බැඳුම්කරේ හොරුය.  නිකම්ම නොවේ කෝටි ගණනක්ය. ඒත් සටනක් නැත්තේය. පෙලපාළි නැත්තේය. හැමෝම නිහඬය. තමන්ට ශිෂ්‍යත්ව දෙන සල්ලිය ගසා කෑවාට කමක් නැහැ වගේය. අන්තරේත් නිහඬය. කටේ පිට්ටුය. එහෙම හොඳය. තව තවත් ගසා කෑ යුතුය. ශිෂ්‍යත්ව ඕනේ නැත්තේය. ඒ මුදල් මන්ත්‍රීලා ගත යුතුය. ඒ වැඩේ ආදර්ශමත්ය.

ගුරුවරුන් වීදි සටනේය. මැති ඇමැතිවරුන් සටනේය. දැන් අඩු දහම් පාසල් ගුරුවරුය. ඒකත් ළඟදී වෙන්නේය. ඒ ඉල්ලීම් කීපයක් මුල්කරගෙනය. බොරු කීමෙන් වැළකීමේ ශික්ෂාපදය ඉවත් කිරීම එක ඉල්ලීමක්ය.

ඒ ශික්ෂාපදය රකින්න බැරිය. රටම දුවන්නේ ඒකෙන්ය.  ඉහළ සිට පහළටමය. හොරකම් කිරීමෙන් වැළකීමේ ශික්ෂාපදය ඉවත් කළ යුතුය. ඒකත් ඉල්ලීමක්ය. හැම තැනම හොරුය. කෙසෙල් කැන් හොරු නොවේය. මහ බැංකු හොරුය.

Add comment

ප්‍රතිචාර දැක්වීමේ කොන්දේසි : -
ප්‍රතිචාර දැක්වීමේදී පරුෂ වචන අපහාස කිරීම් ලිපියට අදාල නොවන ප්‍රතිචාර පල කිරීමෙන් වලකින ලෙස කරුණාවෙන් දන්වා සිටිමු.


Security code
Refresh

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Please publish modules in offcanvas position.