lakbima.lk

 

"මම විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය බාර අරන් දැනට මාස හයහමාරක් පමණ වෙනවා. මෙම කාලය තුළ නොයෙක් දේවල් නිවැරදි කරමින් යන ගමනක් තමයි මේ යන්නේ. අක්‍රමිකතා නැති කරලා, දූෂණ මගහැරලා අපි මේ ආයතන ඉදිරියට ගෙන යායුතුයි.  වැඩ කරන කෙනාට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ.

අපේ විදුලි පාරිභෝගිකයා විදුලිය වෙනුවෙන් මෙතෙක් ඉහළ මිලක්  ගෙවලා තිබෙනවා. අපි ඒ මිල හැකිතාක් දුරකට අඩු කරලා, රටකට අවශ්‍යවන ආකාරයේ අවම මිලක් යටතේ ක්‍රියාත්මක වන ජනන සැලැස්මකට යා යුතුයි .මේ යන ගමනේදී අපට බාධක, ප්‍රශ්න මෙන්ම අභියෝග ඇතිවිය හැකියි. නමුත් ඒ අභියෝග වලට බයෙන් අපි යන ගමන වෙනස් කරන්නේ නැහැ.  විදුලි පාරිභෝගික ජනතාවට සෙතක් ඇති වන පරිදි,  අපේ වැඩ කරන ජනතාවට සතුටු වියහැකි ආකාරයේ එමෙන්ම ලංකාවට සංවර්ධනයේ ගුණාත්මකභාවය ලබාගන්න හැකි ආකාරයේ වැඩපිළිවෙලකට යායුතුයි.
 

අපි මේ අභියෝගාත්මක ගමනේදී විවිධ දුෂ්කරතා මතුවනවා. මුදල් අමාත්‍යාංශයෙන් අපට ලබාදිය යුතු මුදල් ලබාදෙන්නේ නැහැ. මෙම මුදල් අපට ලබා දුන්නා නම්, මීට වඩා ලාභදායි තත්ත්වයක් ඇති කරන්න තිබුණා. නමුත් අපි මේ ගමන වෙනස් කරන්නේ නැහැ. අවම මිලකට විදුලිය ජනනය කිරිම වෙනුවෙන් මේ දක්වා විවිධ බාධාවන් තිබුණා.

නමුත් අද අපට ඒ තත්ත්වය වෙනස් කරන්න හැකි වෙලා තිබෙනවා. ඒ වෙනස් කිරීම තුළ තවත් වසර එකහමාරකින් ජනන වියදම රු. 23.00 සිට රු. 15.00 ක් රු. 16.00 වැනි මට්ටමකට ගෙනඒමට අපි කටයුතු කරනවා. ඒක සිදුවුණොත් එතනින්ම ලාභයක් ලබාගත හැකියි.

ඕනැම පවුලක කළු බැටළුවන් සිටියට මම වඩාත් සතුටු වන්නේ,  කිහිප දෙනෙක් හැරෙන්නට බහුතරයක් අපි සමග අත්වැල් බැදගෙන ජයග්‍රාහී මාවතක අපි සමග ගමන් කරන නිසයි. දැනගෙන ඉදිරියට යාම තුළින් තමයි සාර්ථක ගමනක් යා හැක්කේ. ඒ නිසා මේ ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් අපට වඩාත් යෝග්‍ය අදහස් ලබාදිය හැකි පිරිස් වලට මම ආරාධනා කරනවා අපට ඒ අදහස් ඉදිරිපත් කරන්න කියලා.

ඒ වගේම ලං.වි.ම. සේවක පිරිස් වලට මම ස්තුතිය සහ ප්‍රණාමය පුදකරනවා. මෙතෙක් දුරක් අප පැමිණි දුෂ්කර ගමනේදී ඒ පිරිස තමයි අපට අදහස් ලබාදීලා, නිර්භීතව තීන්දු තීරණ අරගෙන කටයුතු කළේ. මෙතෙක් දුර ඒකාධිකාරයක් පැවති ලං.වි.ම. අද පාරිභෝගිකයා මූලික කරගෙන කටයුතු කරනවා.
 

ලං.වි.ම. රු. 23.00 කට විදුලි ඒකකයක් ජනනය කරලා, රු .16.00 කට පාරිභෝගිකයාට ලබාදීම තුළම, ඇතිවන පාඩුව පිළිබදව අපට පැහැදිළියි. අද අපට මුදල් අමාත්‍යාංශයෙන් කෝටි 8100 ක් ලැබෙන්න තිබෙනවා. ඒ නිසා අපි බැංකු වෙතින් ණය අරන් අනවශ්‍ය ආකාරයේ පොලී ගෙවනවා. ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට, ලෝක බැංකුවට අවශ්‍ය ආකාරයට අපේ රට නටවන වැඩපිළිවෙල තුළින් ඔවුන් හිතනවා විදුලි බිල වැඩි කරන්න පුළුවන් වෙයි කියලා. අදක්ෂතාවය අභ්‍යන්තරව තිබෙන කොට, පිටස්තර ලෝකය ඒක පාවිච්චි කරලා,  මිල වැඩි කරලා ඒ තුළින් පාරිභෝගිකයාට ප්‍රශ්න ඇත කරන්න මට කිසිසේත්ම අවශ්‍ය නැහැ. ගෘහස්ත බිල වැඩි කිරීම වෙනුවට අඩු කළහැකි ක්‍රමවේදයක් තමයි මම ගේන්න බලාපොරොත්තු වෙන්නේ.

පුනර්ජනනීය වැඩපිළිවෙල තුළින් ආගමික ස්ථාන සම්පූර්ණයෙන් විදුලි බිලෙන් නිදහස් කිරීමේ වැඩපිළිවෙලකටත් ඉදිරියේදී යොමුවෙන්න බලාපොරොත්තු වෙනවා. ව්‍යාපාර ලෝකයේ පිරිසටත් මම ආරාධනා කරන්නේ අපි සමග එකතු වෙලා රට හදන වැඩපිලිවලට අවතීර්ණ වෙන්න කියලා. පිටස්තර බලවේග වලින් මිල සූත්‍ර ඇති කරලා පාරිභෝගිකයාට ප්‍රශ්නයක් වෙන්න මම කිසිසේත්ම ඉඩ දෙන්නේ නැහැ. අපේ අනන්‍යතාව අපි රැකගෙන අවම මිලට විදුලිය ජනනය කරලා, පාරිභෝගියාටත් රටටත් එහි වාසිය ලබාදෙන්න මම කටයුතු කරනවා."

  1. ඉදිරි ජනාධිපතිවරණයේ තීරණාත්මක බලවේගය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයයි
  2. ඩබල් ගේම්, ඩීල් නැහැ
  3. GMOA ත්‍රස්තවාදීන් මෙන් හැසිරෙනවා - සුව ඇමැති
  4. මේ ආණ්ඩුව දේශපාලන පළි ගැනීම් කරන ආණ්ඩුවක් නෙමෙයි
  5. මැතිවරණ පැරදුණ අය රට ආපස්සට අදින්නේ මොන රටේද ?
  6. දේශපාලන ස්ථාවරත්වය තහවුරු කළ හැකි නායකයෙක් රටට අවශ්‍යයි - කරූ
  7. රනිල් ඉන්න බංකුවකවත් ඉඳගන්නේ නැහැ
  8. මුස්ලිම් ජනතාව අසරණයි ඒකයි අපි ඉල්ලා අස්වුණේ
  9. කබිර්ලා හකීම්ලා ෆවුසිලාත් දැන් සිටින්නේ ත්‍රස්තවාදීන්ගේ ගොඩේ
  10. ඊබ්‍රහීම් සමග අපිට ඉතා දිගු දේශපාලන සම්බන්දකමක් තිබෙනවා
  11. දේශපාලනයට එන්න තුන් හිතකවත් නෑ
  12. ජාතික ආරක්ෂාවට ශ්‍රීලනිපයෙන් යෝජනාවලියක්
  13. අපේ ආණ්ඩුවක රිෂාඩ්ට නම් ඉඩක් නෑ
  14. ජවිපෙ විශ්වාසභංගය ආණ්ඩුව හා රිෂාඩ් බේරා ගැනීමටයි
  15. දෙමළ සමාජය තල්ලු වූ තැනටම මුස්ලිම් සමාජයත් තල්ලු කළ යුතු නැහැ
  16. හරි හමන් මාධ්‍ය ප්‍රකාශකයෙක් හිටියානම් මෙච්චර වැරදි තොරතුරු රට පුරා යන්නේ නෑ
  17. ෂරියා විශ්වවිද්‍යාලය අත්පත් කරගෙන ආරක්ෂක විශ්වවිද්‍යාලයක් කළ යුතුයි
  18. මුස්ලිම් අන්තවාදය මඩින්න පස් වැදෑරුම් ක්‍රමයක් තියෙනවා
  19. ජාතික ආරක්ෂක මණ්ඩල හිටපු ප්‍රධානීහු මහින්දගේ ප්‍රධානත්වයෙන් රැස්වෙති
  20. මේ බෝම්බ සිද්ධියේදී අපේ පැත්තට ඇඟිල්ල දිගුවීමේ අසාධාරණයක් නෑ
  21. එජාපයේ ජනපති අපේක්ෂකයා හරියටම කවුද?
  22. ඇමෙරිකානු පුරවැසිභාවය ගැන ගෝඨා තවමත් කල්මරන්නේ ඇයි?
  23. ජනපතිගේ ධුර කාලය අවසන් වන්නේ 2020 ජනවාරිද? ජුනි ද?
  24. අපි කියපු කිසිදෙයක් විදුලිබල මණ්ඩලය කරලා නැහැ විදුලි අර්බුදයට හේතුව ඒකයි
  25. ජනාධිපති අපේක්ෂකයා කවුද කියලා මහින්ද තවම කියලා නැහැ

Page 1 of 54

Lakbima Online

Download Lakbima Mobile App

 
 

 

Get In Touch With Us

Explore More

Please publish modules in offcanvas position.